https://www.youtube.com/embed/Y4OQd7MlrTo?si=oOkRNU0x8Mqqd441″ title=
Author: Supun
රැස්වීම දැකලා බයට සුළු දිය පහවෙන අය
https://www.youtube.com/embed/ZNBgRJQh3sA?si=SWHLfJVdgp6TFiUI” title=
Keerthi Pasquel in Boston USA
https://www.youtube.com/embed/k_NSS9mqDqI?si=sGSq5VDGW9bzX7Vd” title=
චීන – ශ්‍රී ලංකා සහයෝගීතාවයෙන් ගිවිසුම් 9කට අත්සන් තබයි
චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තබා තිබෙනවා.
චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම් අත්සන් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී ආර්ථික සහයෝගිතාවයට අමතරව සමාජයීය, සංස්කෘතික, අධ්‍යාපන සහ කෘෂි ක්ෂේත්‍රයන්හි සමස්ථ සහයෝගිතාව ඇති කිරීම පිළිබඳව වැඩි අවධානය යොමුකර තිබෙනවා.
දෙරට අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් නවයක් මඟින් ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් ඇතිවන බව දෙරටේ අග්‍රාමාත්‍යවරු මෙහිදී සනාථ කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
උත්සව සමය වෙනුවෙන් වෙළඳසැල් පරික්ෂාවට PHI වරුන් 3000 ක් යොදවයි
උත්සව සමය වෙනුවෙන් වෙළෙඳසැල් පරීක්ෂා කිරීම සඳහා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
සිදුකළ වැටලීම්වලදී උත්සව සමය වෙනුවෙන් සකස් කළ ආහාර ද්‍රව්‍ය සාම්පල් රැසක් රස පරීක්ෂකවරුන් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.
ආහාර නිෂ්පාදන ආයතනවල ආහාර සකස් කරන පුද්ගලයින්ගේ වෛද්‍ය වාර්තා ලබාගැනීම අනිවාර්යය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක්…
2024.03.27
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හා
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක්…
මෙම හමුව අද (2024.03.27) බෙයිජිං හි ග්‍රේට් හෝල්හි දී පැවැත්විණී.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, චීන තානාපති කී ෂෙන්හොන්ග් (Qi Zhenhong), අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක් ව සිටිය හ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

එළැඹී ඇති රාමසාන් උත්සව සමයේ ඉපලෝගම අලුත්දෙන්නැව ප්‍රදේශයේ දී පවත්වාගෙන ගිය මිනිස් පරිභෝජනයට නුසුදුසු ගව මස් අලෙවි කිරීමේ ජාවාරමක් කොටුකර ගැනීමට ඉපලෝගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (26) සමත්ව තිබිණ.
24-03-27
කැකිරාව කුෂාන් ජයවර්ධන
එළැඹී ඇති රාමසාන් උත්සව සමයේ ඉපලෝගම අලුත්දෙන්නැව ප්‍රදේශයේ දී පවත්වාගෙන ගිය මිනිස් පරිභෝජනයට නුසුදුසු ගව මස් අලෙවි කිරීමේ ජාවාරමක් කොටුකර ගැනීමට ඉපලෝගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (26) සමත්ව තිබිණ.
ඉපලෝගම අලුත්දෙන්නැව ප්‍රදේශයේ ගව මස් අලෙවි සැලක මිනිස් පරිභෝජනයට නුසුදුසු ගව මස් අලෙවි කරන බවට ලද තොරතුරක් අනුව ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අදාළ වැටලීම සිදු කර තිබිණ.
උදාවී ඇති රාමසාන් උත්සව සමයේ ප්‍රෙද්ශවාසීන්ට අලෙවි කිරීම සදහා මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම ගවමස් තොගය සූදානම් කර තිබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. අදාළ මස් කඩ හිමියා විසින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුනගේ නිසි අධීක්ෂණයෙන් තොරව, නිසි ඝාතකාගාරයක් ද නොවන ස්ථානයක ගවයකු ඝාතනය කර එම මස් මෙලෙස සිය මස් කඩය තුළ අලෙවියට සූදානම් කර තිබී ඇත.
එම මස් කඩ ව්‍යාපාරිකයා ඉපලෝගම නාරංගල්ලේගම ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ එළිමහනේ සකසා ඇති නාන ස්ථානයකදී මෙම ඝවයා ඝාතනය කර මස් කර ඇතැයි ඒ සම්බන්ධයෙන් විමර්ශණ සිදුකළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
මහජන පරීක්ෂකවරුන්ට ලද තොරතුර අනුව සිදුකළ එම වැටලීමේදී එම මස් කඩයේ අලෙවියට තබා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ගව මස් කිලෝ 40ක පමණ ප්‍රමාණයක් ද එම ව්‍යාපාරිකයා සමග අත්අඩංගුවට ගෙන තිබිණ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම නාරංගල්ලේගම ප්‍රෙද්ශයේ පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙකි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ එම මිනිස් පරිභෝජනයට නුසුදුසු ගව මස් තොගය කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයෙන් ලද නියෝගයක් අනුව කැකිරාව ඇඹුල්ගස්වැව පිහිටි කසල අංගනයේදී විනාශ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඊෆය් (26) කටයතු කර තිබිණ.
ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජයසූරිය හා ඉපලෝගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අබේසුන්දර මහතාගේ උපදෙස් අනුව සේනපුර කොට්ඨාස භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ඒ.ඒ. රණසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අදාළ වැටලීම සිදුකර තිබිණ.
මෙහිදී අත්අඩංගුවට ගනු ලැබූ ගව මස් තොගය කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයෙන් ලත් නියෝගයක් අනුව කැකිරාව ඇඹුල්ගස්වැව කසල අංගනයේදී විනාශ කිරීමට මහජන සෞඛ්‍ය පරීකෂකවරු ඊයේ(26) පස්වරුවේ පියවර ගනු ලැබූහ.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ගවමස් අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර මස්කඩ හිමියා කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ..

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ දී රාජකාරී වේලාවේ බීමත්ව අශෝබන ලෙස හැසිරුනු කලමණාකරණ සහකාරවරයකු අද(26) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
24-03-26
කැකිරාව කුෂාන් ජයවර්ධන
කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ දී රාජකාරී වේලාවේ බීමත්ව අශෝබන ලෙස හැසිරුනු කලමණාකරණ සහකාරවරයකු අද(26) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
අද (26) රාජකාරී වේලාව තුළ බීමත්ව සිට ඇති අදාළ කලමනාකරණ සහකාරවරයා කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ අශෝබන ලෙස හැසිරෙන්නට පටන් ගෙන ඇති බවත්, අදාල කලමණාකරණ සහකාරවරයාගේ මෙම බීමත් අශෝබන හැසිරීම නිසා එම කාර්ය මණ්ඩලයේ සෙසු පිරිස හා සේවා ලබා ගැනීමට එහි පැමින සිටි ජනතාව ද අපහසුතාවයට පත්ව තිබූ බව පොලිසිය කියයි. කාර්ය මණ්ඩලයේ සෙසු පිරිස් මෙන්ම සේවා ලාභීන් ද අපහසුතාවයට පත්කරමින් ඔවුන් ඉදිරියේ අශෝබන ලෙස හැසිරුණු මෙම කලමණාකරණ සහකාරවරයා සම්බන්ධයෙන් කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කැකිරාව පොලිස් ස්ථානයට දැන්වීමට පියවර ගෙන තිබිණ.
කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිදු කළ දැනුම් දීම අනුව එහි ගිය කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ රාජකාරී වේලාවේ බීමත්ව අශෝබන ලෙස හැසිරෙමින් සිටි කලමනාකරණ සහකාරවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිසිය කියයි. මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති කලමනාකරණ සහකාරවරයා වයස අවුරුදු 42ක් වන අතර ඔහු කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
රාජකාරි වේලාව තුළ බීමත්ව කාර්යාල පරිශ්‍රය තුළ අශෝබන ලෙස හැසිරීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට ගෙන ඇති එම කලමණාකරණ සහකාරවරයා හෙට(27) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව කැකිරාව පොලිසිය කියයි.
කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ මහතාගේ උපදෙස් අනුව කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීහු පිරිසක් එම සිද්දිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශණ ආරම්භ කර තිබේ.

ත්‍රස්ථ ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් රුසියානු ජනතාවගේ ඇස්වලින් වැටුන කදුළු……..
https://www.youtube.com/embed/tndL6zDRUa8?si=t8HZqj7J_gimDOUp” title=
හදිස්සිය දැක්කට මෙහෙම හදිස්සි දැකලා තියෙනවද ?
https://www.youtube.com/embed/tEOyh83XBR4?si=pe3Q4ivztcjsw1KZ” title=
