මලියදේව විද්‍යාලයෙන් ජාතික කණ්ඩායමට අතවන ගයන වීරසිංහ

ගයාන් වීරසිංහ මලියදේව විද්‍යාලයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවත් ජාතික කණ්ඩායමට අත වනන ක්‍රීඩකයෙක් වශයෙන් හඳුන්වන ඔහු අද දින ත්‍රිත්ව විද්‍යාලය සමග පැවති තරගයෙන් සම්පූර්ණ කළ බවත්, මේ වසරේ තරග දහතුනකින් ලකුණු දාහක සීමාව පසු කළ බවත් , ගිය වසර තුළද ලකුණු දාහ සීමාව සම්පූර්ණ කළ ක්‍රීඩකයෙක් වශයෙන් හඳුන්වා දිය හැක.

DSC_3162

සෘතු බද්දක් පනවයි

දේශීය ගොවීන්ගේ සහ නිෂ්පාදකයන්ගේ ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ජනවාරි මාසයේ සිට අවලංගු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, දේශිය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂාවට තීරු බද්ද හා බැදුණු නව සෘතු බද්දක් ක්‍රියාත්මක කරන බවයි.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවන කාලයේ රට තුළ පවතින භාණ්ඩ සඳහා වැඩි අගයක් ආරෝපණය සහ බද්ද අඩුකළ අවස්ථාවලදී භාණ්ඩ මිල අඩු නොවී එම සහනය ජනතාවට නොගොස් ව්‍යාපාරිකයාට යාම මෙම බදු ක්‍රමය අහෝසි කිරීමට හේතුවී තිබෙනවා.

එහෙත්, ගොවි නිෂ්පාදන වෙළෙඳපොලට පැමිණෙන වකවානුව නිශ්චිතව හදුනාගෙන, ගොවියාගේ ආරක්ෂාවට දියුණු රටවල මෙන් තීරුබදු හා බැඳුනු නව බදු ක්‍රමවේදයක් හඳුන්වාදීමට නියමිතයි.

අමාත්‍යංශයේ ගේට්ටුවත් අවහිර කරමින් සංවර්ධන සේවකයින් විරෝධතාවයක…..

https://www.youtube.com/embed/T2CBrbiJvqQ?si=p5bhzBADly8iqinG” title=

යාළුවා එයාව එක්කගෙන ගියේ” නාරම්මලදී වෙඩි වැදී මිය ගිය තරුණයා ගැන දෙමව්පියන් හෙලි කරපු දේ……

https://www.youtube.com/embed/DkoyCZ9eLks?si=XzqL0kwq6-WOrM1L” title=

පියාව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අත්තනෝමතිකව කෙහෙලියගේ දියනිය මානව හිමිකම් කොමිසමට පැමිනිලි කරයි……

https://www.youtube.com/embed/uqJqZaMS3l8?si=sFdiV_oEgL_sxX8J” title=

පාර්ලිමේන්තුව ලබන අප්‍රේල් 1 සහ 2 රැස්වෙයි

පාර්ලිමේන්තුව අප්‍රේල් 1 සහ 2 දෙදින රැස්වීමට නියමිතව තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 22 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව එම දිනවල පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට නව බද්දක් හඳුන්වාදීමට රජයේ අවධාන​ය

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කිරීමට සිදුකළ යෝජනාව කැබිනට් මණ්ඩලය පිළිගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට සහ පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට නව බද්දක් හඳුන්වා දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ආනයන අපනයන බදු සරල කිරීම මෙම තීරණය ගැනීමට එක් හේතුවක් බවයි අද (29) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මාස දෙකක් තුළ රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක්

ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසනවා.

එමඟින්ද රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පාසල තුළදීම ව්‍යවසායක පරිසරයක් නිර්මාණය කිරීම මිනිසුන් ව්‍යවසායකයන් බවට පත් කිරීමට විශාල රුකුලක් සපයන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.