අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට

එළඹෙන අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන සහ එන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අප්‍රේල් මස 10 වනදා සිට 15 වනදා දක්වා කොළඹ සිට පිට පළාත් බලා යන මගීන් සඳහා දුම්රිය ධාවනය කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ දුම්රිය කාලසටහන පහතින්.

660d2cd2b2bc9pdf_page_2 660d2cd21b222pdf_page_1

සෝල් බීච් කඩා ඉවත් කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

සෝල් බීච් හෝටලයේ හිමිකරුවන් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 10 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියම කර තිබෙනවා.

යුක්තිය මෙහෙයුම යටතේ ඉකුත්දා දෙහිවල මුහුදුබඩ ප්‍රදේශයේ පිහිටි “සෝල් බීච්” හෝටලය කඩා ඉවත් කිරීමේ සිද්ධිය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබුණා.

මෙම පෙත්සම අද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි ලබාදීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් නියෝග කර තිබෙනවා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 10 වනදා කැඳවන ලෙස නියෝග කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

“භික්ෂුන් වහන්සේලාට කිසිම අයිතියක් නැහැ ඥානසාර හිමියන්ට පහර ගහන්න” කස්සප හිමියන් කියපු කතාව…..

https://www.youtube.com/embed/-c0MGgG318Y?si=o0V7Wtmmc8FLwc9b” title=

මුහුදු රළ රළුවීමෙන් ගොඩබිමට.. තෙල්වත්ත මංසන්ධියේ රථවාහන ගමනාගමනයට දැඩි බාධා……

https://www.youtube.com/embed/3rBbWksCAHs?si=LnmecTt6e5nXsacZ” title=

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9ක මිල අඩු කරයි

අත්‍යවශ්‍ය භාණ්ඩ 9ක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (02) සිට මෙලෙස මිල පහත දමා ඇති බවයි එම ආයතනය නිවේදනය කරන්නේ.

ලොකු ළුෑණු, රතු ළුෑණු, කඩල, අර්තාපල්, පාන්පිටි, ආනයනික බිත්තර, සුදු කැකුළු සහ සෝයාමීට් යන භාණ්ඩවල මෙලෙස මිල අඩුකර තිබෙනවා.

අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්.

660bee423f63a

සේනක බටගොඩට ගීත 7ක් ගායනා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්

ගායන ශිල්පී සේනක බටගොඩට ඔහු ගායනා කළ ගීත 7ක් මින් ඉදිරියට ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් මා යන ගීත 7 ගායනා කිරීම වළක්වමින් මෙලෙස වාරණ නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒකාබද්ධ ගීත පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය කළ ජනත් කුලතිලක යන අයට බුද්ධිමය දේපොළ පනත යටතේ ගෙවිය යුතු කතෘ භාගය නොගෙවීම සම්බන්ධයෙන් ඔහු විසින් ගොනුකර තිබූ පැමිණිල්ලකට අදාළව මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

සංචාරක කර්මාන්තය සඳහා වාහන 1,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

විශේෂ බදු සහන ලබා දීමකින් තොරව සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන වෑන් රථ 750ක් සහ බස් රථ 250ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව, සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන ආසන 06-15 සහිත වෑන් රථ (විදුලි සහ දෙමුහුන් රථ ඇතුළුව) 750ක් සහ ආසන 16-30 සහිත කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30- 45ක් සහිත බස් රථ 250ක් ආනයනය කිරීමට අනුමැතිය ලබාදී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරනු ලබන වාහනවල කාලය වසර 6ක් නොඉක්මවීම සංචාරක කර්මාන්තය තුළ පිළිගත් සිරිතක් ලෙස සලකන බවත්, වාහන සහ අත්‍යවශ්‍ය අමතර කොටස් ආනයනය කිරීම සීමා කිරීම හේතුවෙන් සංචාරක කේෂ්ත්‍රයේ ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරනු ලබන වාහනවල තත්ත්වය සතුටුදායක නොවන බවත් එහි වැඩිදුරටත් දැක්වෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

660bdb014a49c