අවුරුදු නිවාඩුවේ රාජකාරී ඉටුකිරීම ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

එළැඹෙන 11 වනදා සිට 14 වනදා දක්වා වූ දීර්ඝ නිවාඩුවට අදාළව රාජකාරී ඉටුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එම කාලසීමාව තුළදී සියලුම ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ප්‍රාදේශීය පාලනයේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් වෙත දැනුම්දී තිබෙනවා.

එසේම මෙම කාලසීමාව තුළදී ආපදා සහ හදිසි අත්‍යාවශ්‍ය කාර්යයන් සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසද දැනුම්දී ඇති බවයි වාර්තා වෙන්නේ.

එසේම මේ වනවිට රජයේ සංවර්ධන කටයුතුවලට අදාළව ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති, වැඩසටහන් මෙම නිවාඩු කාලසීමාව තුළදී බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල යෙදීමට කටයුතු කරන ලෙසද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම්දී තිබෙනවා.

උත්සව සමයේ මුදල් ජාවාරම්කරුවන් ඇතුළු කූඨ ව්‍යාපාරිකයින් ගැන අවධානයෙන් සිටින්න – පොලීසිය

උත්සව කාලසීමාව තුළ ව්‍යාජ මුදල් ජාවාරම්කරුවන් ඇතුළු කූඨ ව්‍යාපාරිකයින් පිළිබඳව දැඩි අවධානයකින් පසුවිය යුතු බව පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.

සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් මේ දිනවල ජනතාව විශාල වශයෙන් විවිධ භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින අතර එහිදී විවිධ ජාවාරම්කරුවන් පිළිබඳව ජනතාව කල්පනාකාරී වියයුතු බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව අලුත් අවුරුද්දේ ගමන් බිමන් යාමේදී පුද්ගලික වාහනක් හෝ  පොදු වාහනයක් වුවත් රියදුරා මත්පැන් පානය කර ඇද්ද, වේගයෙන් ගමන් කරනවාද යන්න සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

eZ Cash / M Cash මඟින් සිදුකරන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට යුක්ති මෙහෙයුමට සමගාමීව පොලිසිය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරයි…..

eZ Cash / M Cash මඟින් සිදුකරන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට යුක්ති මෙහෙයුමට සමගාමීව පොලිසිය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරයි…..
වර්තමාන සමාජය තුළ මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් ගෙවීමට යොදා ගන්නා ක්‍රමවේදයක් වන eZ Cash සහ M Cash භාවිත කරමින් මත්ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් 2024.04.06 දින සිට 2024.04.10 දින දක්වා යුක්ති මෙහෙයුමට සමගාමීව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කර ඇත.

ඒ අනුව, 2024.04.06 දිනය තුළ දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම් වලදී eZ Cash සහ M Cash භාවිතා කරමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන පුද්ගලයින් 198 දෙනෙකුගෙන් තොරතුරු ලබාගෙන ඇත.

මොවුන් සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශන වලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 18 දෙනෙකු සම්බන්ධයෙන් බැංකු ගිණුම් වාර්තා ඔස්සේද, තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 71 දෙනෙකු සම්බන්ධයෙන් දුරකථන කුළුණු විශ්ලේෂණ වාර්තා ඔස්සේද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.

ඊයේ (5)රාත්‍රී 7.45ට පමණ තම නිවස ඉදිරිපිටදීම රිය අනතුරකින් මියගිය පුද්ගලයෙක් නිසා උරන වූ පුද්ගලයින් එකතුවී අනතුර සිදුවූ යතුරුපැදිය ගිනිතබා විනාෂ කල ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

ගල්පාත- චන්දන පෙරේරා
2024 -4-6

ඊයේ (5)රාත්‍රී 7.45ට පමණ තම නිවස ඉදිරිපිටදීම රිය අනතුරකින් මියගිය පුද්ගලයෙක් නිසා උරන වූ පුද්ගලයින් එකතුවී අනතුර සිදුවූ යතුරුපැදිය ගිනිතබා විනාෂ කල ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත් වී ඇත්තේ හල්වතුර වත්තපහල කොටසේ පදිංචි
මාරි මුත්තු නැමති ( 65) හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.මියගිය පුද්ගලයා බීමත්ව සිට ඇති අතර
නිවස ඉදිරිපිට වෙළඳසැලට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

යතුරුපැදිකරු ඉංගිරිය දෙස සිට බුලත්සිංහල දෙසට ගමන් කරමින් සිටියදී බෝගහා හංදිය අසලදී මෙම අනතුර සිදුවී ඇති අතර එම ස්ථානයේදීම අනතුරට මුහුන පැ පුද්ගලයා මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

එම ස්ථානයේ සිටි පුද්ගලයින් විසින් බුලත්සිංහල පොලිසියට මේ පිළිබඳව දැන්වීමෙන් පසු පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇත. එම ස්ථානයේ පරීක්ෂණ පැවැත්වීමට රැඳී සිටි පොලිස් නිලධාරීන්ට මිය ගිය පුද්ගලයින්ගේ සිරුර රෝහල වෙත රැගෙන යාමට නොදී සිට ඇති අතර අනතුර සිදු කල යතුරුපැදියටද හානි කරමින් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් පසුව යතුරුපැදියට ගිනි තබා ඇත. එම අවස්ථාවේ 200 පමන පිරිසක් එම ස්ථානයේ සිට ඇති බව පොලීසිය පවසයි.

පසුව තත්වය පාලනය කිරීම සදහා ඉංගිරිය පොලිසියේ නිලධාරීන් සහ බුලත්සිංහල පොලිසිය නිලධාරීන් එම ස්ථානයට තත්වය පාලනය කලේය.සිරුර බුලත්සිංහල රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ගිනි තබා විනාශවී ගිය යතුරුපැදිය බුලත්සිංහල පොලිසිය වෙත රැගෙනයන ලදි.

යතුරුපැදීය ගිනි තැබූ සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර දේහය බුලත්සිංහල රෝහලේ සිට මරණ පරීක්ෂණය සඳහා හොරණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර අද (6)මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විධානගේ මහතා පො.සැ.31320 අජන්ත, පො.කෝ.204136 ලියනගේ ඇතුළු නිලධාරින් පරීක්ෂණ මෙහෙයවයි.

මේ ජාතිවාදී දේශපාලන සංස්කෘතිය පරාජය කළ යුතුයි – අනුර

රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් ජාතිවාදී දේශපාලන සංස්කෘතිය පරාජය කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

දෙමළ ජනතාව එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්නවලට සංවේදී නොවිය හැකි වුවද, ඔවුන්ගේ වේදනාව තමන්ට දැනෙන බවද, රටේ ප්‍රධාන භාෂා දෙකක් ඇති බැවින් රාජ්‍යයත් සමඟ තමන්ගේ භාෂාවෙන් ගනුදෙනු කිරීමේ අයිතිය දෙමළ පුරවැසියන්ට තිබිය යුතු බවද ඔහු පෙන්වා දෙනවා.

දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සැබවින්ම කල්පනා කරන උතුරේ නායකයන්ට, උතුරේ දේශපාලන ප්‍රශ්නය විසඳීමේ දේශපාලනයකට ජාතික ජන බලවේගය සමඟ එක් වෙන ලෙස ආරාධනා කර සිටින බවයි ඊයේ (05) යාපනයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ.

නව දේශපාලන පරිවර්තනයක් තුළින් උතුරේත්, දකුණේත්, නැගෙනහිරත් සියලු ජනයා නියෝජනය කරන ආණ්ඩුවක් සෑදීමට එක්වන ලෙස සැමට ආරාධනා කර සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම ජන හමුව සඳහා දෙමළ ජාතික සන්ධානයේ (TNA) පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ද සහභාගී වී තිබෙනවා.

6610e2060122a 6610e2061a1b3

පාස්කු ප්‍රහාරය ගැන සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කෙරේ

පාර්ලිමේන්තුව එළඹෙන අප්‍රේල් 24,25 සහ 26 දිනවලදී රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයක් අප්‍රේල් 24, 25 හා 26 යන තෙදින පුරා පැවැත්වීමටද එහිදී තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

660fe0cbd081d

යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු යුද ගුවන් යානා 6ක් විනාශ වෙයි

දකුණු රුසියාවේ ගුවන් කඳවුරකට යුක්‍රේනය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රහාරයෙන් රුසියාවේ රොස්තොව් ප්‍රදේශයේ ගුවන් කඳවුරක තිබූ රුසියානු ගුවන් යානා 6ක් විනාශ වී ඇති බවත්, තවත් ගුවන් යානා 8කට දැඩි ලෙස හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

රුසියානු නිලධාරීන් 20 දෙනෙකු පමණ මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඩ්‍රෝන යානා 40කට වැඩි ප්‍රමාණයකින් ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මැති ඇමතිවරු නැකතට වැඩ කරලත් අවුරුදු 75 කට පස්සෙ රට බංකොලොත් – සංස්කෘතික ඇමති

නැකැත් හරි හෝ වැරදි විය හැකි බවත් තමන්ගේ ආත්ම විශ්වාසය සමඟ වැඩකටයුතු සිදු කරන ලෙස බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

නැකැත් කමිටුව පත්වන ආකාරය තමන් නොදන්නා අතර 1992 වසරේ වී.ජේ.මූ. ලොකුබණ්ඩාර විසින් නැකැත් කමිටුවක් සකස් කර ඇති බවත් එදා සිට වර්ථමානය දක්වාම කිසිඳු සංශෝධනයක් නොමැතිව එම කමිටුව පැමිණ ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රටේ ජනාධිපතිවරු අගමැතිවරුන් මන්ත්‍රීවරුන් පළවෙනි අඩිය තැබීම්, අත්සන් කිරීම්, දිවුරුම් දීම් වැනි සියලුදේ නැකතට සිදු කළත්, වසර 75 කට පසු රට බංකොලොත්වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

ලෝකයේ රටවල් අතරින් සියලු දෙනා එකට හැලි වලං ලිපේ තබා කිරි උතුරවා කිරිබත් සාදා එකම අවස්ථාවේ ආහාර ගන්නා ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවත්, මෙම නැකැත් අර්බුදය හරහා සිදුව ඇත්තේ රටේ සංස්කෘතියට පහර ගැසීමක් බවයිි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අක්‍ෂි ශල්‍යකර්මයක් සඳහා මහනුවර මහ රෝහලේ දී Prednisolone නමැති දියර ඖෂධය භාවිත කිරීමෙන් අනතුරුව දෑස් සම්පූර්ණයෙන්ම අන්ධ වූ රෝගියෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඖෂධ නියාමන අධිකාරිය, එකී දියර ඖෂධය සැපයූ සමාගම, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු නව දෙනකුගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා එන්තරවාසි යවා තිබෙනවා.

අක්‍ෂි ශල්‍යකර්මයක් සඳහා මහනුවර මහ රෝහලේ දී Prednisolone නමැති දියර ඖෂධය භාවිත කිරීමෙන් අනතුරුව දෑස් සම්පූර්ණයෙන්ම අන්ධ වූ රෝගියෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඖෂධ නියාමන අධිකාරිය, එකී දියර ඖෂධය සැපයූ සමාගම, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු නව දෙනකුගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා එන්තරවාසි යවා තිබෙනවා.

කන්දපොල, කොන්දකොඩියවත්ත ප්‍රදේශයේ පදිංචි මැකරි රාජරත්නම් නමැති අය එම එන්තරවාසි යවා ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරි දින 14 ඇතුළත සිය සේවාදායකයා ඉල්ලා සිටින වන්දිය ගෙවීමට අපොහොසත් වුවහොත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට හා ඊට එරෙහිව සියලුම නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව එම එන්තරවාසි මගින් අදාළ නීතීඥ සමාගම දන්වා යවා තිබෙනවා.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය රෝහණ එදිරිසිංහගේ උපදෙස් පරිදි 2023 අප්‍රේල් මස 5 වැනිදා නුවරඑළිය මහ රෝහලට තමන් ඇතුළත් වූ බවත් එහිදී Prednisolone දියර ඖෂධය දෑස්වලට දැමීමෙන් පසුව විවිධ අතුරු ආබාධ ඇතිවූ බවත්, මාසයක කාලයක් ගතවීමටත් පෙර සිය දෑස් සම්පූර්ණයෙන්ම අන්ධභාවයට පත්වූ බවත් එම එන්තරවාසි මගින් අදාළ පුද්ගලයා පවසා තිබෙනවා.

“බුදුන් වහන්සේට පූජා කරන නෙළුම් මලත් කාලා දැන් නාමල් පිපෙනවා ” වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන්

https://www.youtube.com/embed/g_sf8Qocxng?si=CRn86pZ7DQpTU5OW” title=