https://www.youtube.com/embed/OtDgR3qtB4o?si=2oo73ZjMxUmVY5lT” title=
Author: Supun
කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් ගෝඨාභයගේ පොත ගැන දුන්න පිලිතුර….
https://www.youtube.com/embed/KKRyb4KGZS0?si=3y24aoVVeL2C8SbL” title=
ඉබ්බෝ කඩන්න ගිහින් ඩාලි පාරේ මුලස්ථානය උනුසුම් වුන හැටි…….
https://www.youtube.com/embed/9ORBk9Wiiqw?si=3PX73jE3Nzxh4aFr” title=
අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපති ධුරයට පත් කිරීම ගැන තීරණය මැතිවරණ කොමිසමට දැනුම්දීමට පියවර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත්කිරීම ගැන මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට මෛත්‍රී පාර්ශවය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පක්ෂයේ විධායක සභාව විසින් ගත් තීරණය මෙලෙස මැතිවරණ කොමිසමට දැනුම්දීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වය විසින් ඊයේ (21) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කර ගැනීමට කටයුතු කර තිබුණා.
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීම භාරදෙයි
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.
ඒ අනුව මැයි මස 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බවයි වාර්තා වෙන්නේ.
Lyrids උල්කාපාත වර්ෂාව අද දිස්වෙයි
Lyrids උල්කාපාත වර්ෂාව අද (22) මධ්‍යම රාත්‍රියේ උපරිම අවස්ථාවට පත්වීමට නියමිත බව අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු ගිහාන් වීරසේකර පවසනවා.
මෙම උල්කාපාත වර්ෂාව සෑම වසරකම අප්‍රේල් 15 සිට අප්‍රේල් 29 දක්වා සක්‍රීයව පවතින බවයි සඳහන් වෙන්නේ.
මෙය නිරීක්ෂණය කිරීම සඳහා හොඳම වේලාව වන්නේ අද අලුයම 4-5 දක්වා කාලයේ දී බවත්, උතුරු දිශාව ආශ්‍රිතව මෙය පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.
Foxhill ධාවන තරගාවලියේ අනතුර සම්බන්ධයෙන් රියදුරන් 2 ක් අත්අඩංගුවට
Foxhill ධාවන තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුරින් ඔවුන් දෙදෙනා ද තුවාල ලබා රෝහලගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
අනතුරෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබුණා.
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට චන්ද්‍රසිරි බණ්ඩාර මහතා 63 වන වියේ පසු වුණා.
පන්නිපිටියේ ලී මෝලක ගින්නක්
පන්නිපිටිය, ලියනගොඩ ප්‍රදේශයේ ලී මෝලක ඇති වූ ගින්නකින් එම ලී මෝල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබෙනවා.
අද (22) අලුයම 2.30 පමණ ගින්න හට ගෙන ඇති අතර, ප්‍රදේශවාසීන් සහ කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ තුනක් සහ දෙහිවල මහ නගර සභාවේ ජල බවුසර යොදාගෙන මේ වනවිට ගින්න පාලනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති අතර, දේපළවලට දැඩි ලෙස හානි සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ඇල්පිටිය -අවිත්තාව මාර්ගයේ කැටපල කිස්තියානි දේවස්ථානය ඉදිරිපිටදී ඊයේ ලොරි රථයක් සහ තීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී තීරෝද රථයේ රියදුරු සහ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුලු තිදෙනෙක් මරුමුවට පත්වී තවත් දෙදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි.
අම්බලන්ගොඩ අනුරාධ ප්‍රියදර්ශන .
ඇල්පිටිය -අවිත්තාව මාර්ගයේ කැටපල කිස්තියානි
දේවස්ථානය ඉදිරිපිටදී ඊයේ ලොරි
රථයක් සහ තීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී තීරෝද
රථයේ රියදුරු සහ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුලු
තිදෙනෙක් මරුමුවට පත්වී තවත් දෙදෙනෙක් බරපතල
තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය
කියයි.
මේ අනතුරින් මිය ගොස් ඇත්තේ අඹගහදූව, වල්ලඹගල
ඇල්පිටිය ලිපිනයේ පදිංචි හැට අට හැවිරිදි
කාලිංග නිහාල් සෝමරත්න නමැති තීරෝද රථ රියදුරු හා
ඇල්පිටිය මිල්ලගහදූව පදිංචි දස හැවිරිදි තිනුල
පනාන්දු,සහ එම ලිපිනයේම් පදිංචි අට හැවිරිදි කෙනුලි
පනාන්දු යන එකම පවුලේ සහෝදරයෙක් සහ
සහෝදරියකි. ඔවුන්
දෙදෙනාම අම්බලන්ගොඩ පොල්වත්ත බුද්දධත්ත
පාථමික විදුහලේ අධයාපනය හදාරන්නෝය.
මේ අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ කාන්තාවන්
දෙදෙනෙක් කරාපිටිය රෝහලේද පාසල් ශිෂයාවක්
ඇල්පිටිය රෝහලේද පතිකාර ලබන බව ද පොලීසිය
කියයි. මෙම අණතුර සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිස්
ස්ථානය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන අතර
ලොරි රථයේ රියදුරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
ඇල්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ්
පවත්වයි.

