https://www.youtube.com/embed/e9p2oH3I-No?si=i5MSr7tKL_HWtzC5″ title=
Author: Supun
දියතලාව Foxhill ධාවන තරගාවලිය අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 ක් මරුට
දියතලාවේ පැවැත්වෙන Foxhill මෝටර් රථ ධාවන තරගාවලිය අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.
ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ
අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
පාස්කු ප්‍රහාරය හරහා පාලකයින්ගේ වගකීම් විරහිත ස්භාවය මනාව පැහැදිළි වුණා – ජූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය හරහා මෙරට පාලකයින්ගේ වගකීම් විරහිත ස්භාවය මනාව පැහැදිලි වූ බව ජූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.
එම ප්‍රහාරයට වගකිව යුත්තන් සොයා ගැනීමට මෙතෙක් අපොහොසත්වීම කණගාටුදායක බවයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මියගිය අය සිහිපත් කිරීමේ අවස්ථාව ඇමතූ උන්වහන්සේ සඳහන් කළේ.
මෙහි සත්‍ය වසන් කිරීමට ඉඩ ලබා නොදිය යුතු බවත් මිය ගිය අය වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතු බව ජූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ලොකු ළුෑණු මෙට්‍රික්ටොන් 2000ක් ඉදිරි සති දෙක තුළ ශ්‍රී ලංකාවට
ඉන්දියාවෙන් ලොකු ළුෑණු ආනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පළමු තොගය ලෙස ලොකු ළුෑණු මෙට්‍රික්ටොන් 2,000ක් ඉදිරි සති දෙක තුළ ගෙන්වීමට නියමිත බවයි සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන සඳහන් කළේ.
කෙසේවෙතත් මෙරට මාසික ලොකු ළුෑණු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 20,000ක් පමණ වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළා.
පාස්කු ප්‍රහාරයෙන් ඝාතනය වූවන් සිහිපත් කරමින් අද උදෑසන 8.45 ට විනාඩි 2ක නිශ්ශබ්දතාවක්
අදට වසර 5කට පෙර පාස්කු ඉරුදින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් ඝාතනයට ලක් වූවන් සිහිපත්කරමින් අද (21) උදෑසන 8.45 ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස කතෝලික සභාව ඉල්ලීමක් කරනවා.
ඊට සමගාමීව අද උදෑසන 8.45 ට දිවයිනේ සියලු කතෝලික දේවස්ථාන වල ඝණ්ඪාර නාද කරන බවයි කතෝලික සභාව නිවේදනය කළේ.
2019 වසරේ අප්‍රේල් 21 වනදාට යෙදුනු පාස්කු ඉරුදින සිදු වූ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 273 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර, එදින පළමු බෝම්බ ප්‍රහාරය උදෑසන 8.45 ට එල්ල වී තිබුනා.
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට අදට වසර 5ක් සපිරෙයි
2019 වසරේ අප්‍රේල් 21 වනදා පාස්කු ඉරුදින දේවමෙහෙයට සහභාගී වූ බැතිමතුන් ඉලක්ක කරගනිමින් 273 දෙනෙකුගේ ජීවිත හානි කරමින් එල්ල වූ මිලේච්ඡ බෝම්බ ප්‍රහාරය සිදු වී අදට (21) වසර 5ක් සපිරෙනවා.
ඒ නිමිත්තෙන් අද උදෑසන කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදී අති උතුම් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්, ප්‍රහාරයෙන් ඝාතනය වූවන් සිහිපත් කරමින් දේව මෙහෙයක් සහ සැමරුමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම අද සවස 3.00ට මීගමුව මාරිස්ටෙලා විද්‍යාල භූමියෙන් යාච්ඤායෝගී පා ගමනක් කටුවපිටිය දේවස්ථානය දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිත අතර, කාදිනල් හිමිපාණන් ඇතුළු සියලුම රදගුරු හිමිවරුන්, පියතුමන්ලා සහ පැවිදි සොයුරියන් සහභාගී වන මෙම පා ගමන සඳහා සහභාගී වන ලෙස සියලුම ගිහි ජනතාවටද ආරාධනා කර සිටින බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසනවා.
තවද අද උදෑසන 8.45 ට ප්‍රහාරයෙන් මියගිය අය සිහිකරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වෙන අතර, ඒ මොහොතේ දිවයිනේ සියලු දේවස්ථානවල ඝණ්ඨාර නාද කිරීමටද නියමිතයි.
මඩකලපුවේ සියෝන් දෙව්මැදුරේ ජනතාව( 21 වැනිදා ) දේවමෙහෙය සඳහා සහභාගි වු අයුරු .
මඩකලපුවේ සියෝන් දෙව්මැදුරේ ජනතාව( 21 වැනිදා ) දේවමෙහෙය සඳහා සහභාගි වු අයුරු .
වසර 5 කට ඉහතදී අප්‍රේල් 21 උදෑසන 8:45 පමණ පාස්කු බොම්බ ප්‍රහාරයේ ගොදුරක් බවට එහි ජනතාව ලක්විය .එහිදී මෙම දේවස්ථානයේ 31 දෙනෙකු මියගොස් 93 දෙනෙකු බරපතළ තුවාල ලැබිය .ඉන් එක් අයෙකු තවමත් සදාකාලික අබාධයට ලක්වි ඇත .ඇය 50 වියේ පසුවන දහම් පාසල් ගුරුවරියක් බවත් මේ වන විට බෝම්බ්‍ය පිපිරීමට ලක්වු දෙව්මැදුරට කිලෝ මීටරයක පමණ දුරකින් නව දෙව්මැදුරක් ගොඩනගා එහි දේවමෙහෙයන් පවත්වන බව දෙව්මැදුරේ රෝශාන් දෙවගැතිතුමා පැවසීය .

බාල බෙහෙත් ගෙන්වූ සමාගම් වැලම අධිකරණයට; සමාගම් ලැයිස්තුවත් එළියට
හියුමන් ඉමියුනොග්ලොබුලින් ඇතුළු මෑත කාලීනව සිදු වූ මතභේදාත්මක වෛද්‍ය සැපයුම් සිදුකර ඇති සමාගම් වෙතින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය සහ සෞඛ්‍ය බලධාරීන් ගත් තීරණය වැරදි, නීත්‍යානුකූල නොවන, ශුන්‍ය සහ අවලංගු, සහ නීතිය ඉදිරියේ බල රහිත බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අප්‍රේල් 16 වැනිදා මූලික අයිතිවාසිකම් පෙත්සමක් (SCFR/99/2024) ගොනු කර තිබේ.
පෙත්සමෙන් වගඋත්තරකරුවන් 66 දෙනෙකු ඇතුළුව ආන්දෝලනාත්මක වෛද්‍ය සැපයුම්වලට සම්බන්ධ සමාගම් වන අයුසුලේට් බයොටෙක් ෆාර්මා (Isolez Biotech Pharma AG (Pvt) Ltd), ලයිව්එල්ත් බයෝ ෆාමාර් (Livealth BioPharma (Pvt) Ltd), යදීන් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම (Yaden International (Pvt) Ltd), ස්ලිම් ෆාමර්සූටිකල්ස් පුද්ගලික සමාගමේ (Slim Pharmaceuticals (Pvt) Ltd) නන්දනී මෙඩිකල් ලැබෝටරිස් පුද්ගලික සමාගම (Nandani Medical Laboratories (Pvt) Ltd), ඩිවයින් ලැබෝටරීස් (Divine Laboratories (Pvt) Ltd), ගල්ෆික් බයෝසෙන්ස් පුද්ගලික සමාගම (Gulfic Biosciences Limited) සහ නවචෙම් ලංකා පුද්ගලික සමාගම(Novachem Lanka (Pvt) Ltd) නම් කර තිබේ.
වගඋත්තරකරුවන් අතර කැබිනට් අමාත්‍ය මණ්ඩලය, සෞඛ්‍ය අංශයට අදාල වත්මන් සහ හිටපු ඉහළ නිලධාරීන්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, භාණ්ඩාගාර ලේකම්, විගණකාධිපති, රේගු අධ්‍යක්ෂ ජනරාල්, පොලිස්පති, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙහි සාමාජිකයින් සහ අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපතිවරයා වේ.අයුසුලේට් බයොටෙක් ෆාර්මා (Isolez Biotech Pharma AG (Pvt) Ltd) හා ලයිව්එල්ත් බයෝ ෆාමාර් (Livealth BioPharma (Pvt) Ltd) යන සමාගම් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සැපයීමේ සිද්ධියේ පළමු සැකකාර් වන සුගත් ජානක ප්‍රනාන්දු නමැත්තාට අයත් සමාගම් බව පැවසේ.
යදීන් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම (Yaden International (Pvt) Ltd) සෂිමාල් දිසානායකට අයත් එකක් වන අතර එහි නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබන්නේ කටුනායක බවද වාර්තා වේ. (රුපියල් මිලියන 20ක අල්ලසක් ලබා ගනිද්දී කොටුවූ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ පී. දිසානායක මහතා සෂිමාල්ගේ පියාය.)
ස්ලිම් ෆාමර්සූටිකල්ස් පුද්ගලික සමාගමේ (Slim Pharmaceuticals (Pvt) Ltd) ප්‍රධානියා, සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ සුමිත් ප්‍රේමරත්න නැමැත්තෙකි.
නන්දනී මෙඩිකල් ලැබෝටරිස් පුද්ගලික සමාගම (Nandani Medical Laboratories (Pvt) Ltd), ඩිවයින් ලැබෝටරීස් (Divine Laboratories (Pvt) Ltd), ගල්ෆික් බයෝසෙන්ස් පුද්ගලික සමාගම (Gulfic Biosciences Limited) සහ නවචෙම් ලංකා පුද්ගලික සමාගම (Novachem Lanka (Pvt) Ltd) යන සමාගම් සියල්ල ඉන්දීය සමාගම් වේ.
පෙත්සම මගින් තරඟකාරී ලංසු නොමැතිව හියුමන් ඉමියුනොග්ලොබුලින් සහ තවත් ඖෂධ කිහිපයක් ආනයනය කිරීම වැරදි සහ නීති විරෝධී බව ප්‍රකාශ කිරීම, සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අත්හැරීමේ ක්‍රමවේදය (Waivers of Registration) පිළිබඳව සමාලෝචනය කිරීම, මිලදී ගැනීම් වලට අදාළ විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස විගණකාධිපතිවරයාට නියෝග කිරීම, අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝග කිරීම හා රජයට හෝ මහජනතාවට සිදු වූ වියදම් සහ වන්දි අයකර ගැනීමට කටයුතු කිරීම යන කරුණු ඉල්ලා තිබේ.
පොදු දේපළ අවභාවිතය සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳව වගවන ලෙස ඉල්ලා සිටිමින්, මහජන සුබ සිද්ධිය වෙනුවෙන් මෙම පෙත්සම ගොනු කර ඇත.
වගඋත්තරකරුවන්ගේ ක්‍රියාවන් හෝ අත්‍යාවශ්‍ය ක්‍රියා නොකිරීම් හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරුවන් කියා සිටියි.
වෛද්‍ය සැපයුම් ලබා ගැනීමේදී, සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අත්හැරීමේ ක්‍රමවේදය (Waivers of Registration) පිළිබඳව සමාලෝචනය කිරීමට පෙත්සම්කරුවන් අධිකරණයේ මැදිහත්වීම අපේක්ෂා කරයි.
එමෙන්ම, ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කිරීම සඳහා පනවා ඇති නීතිරීති සහ රෙගුලාසි වලට වගඋත්තරකරුවන්ට අනුකූල වන්නැයි නියෝග කරන ලෙසද පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියි.
“සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවතියේ යැයි කියන ලද ‘හදිසි තත්ත්වය’ බොහෝ දුරට දුර්වල කළමනාකරණය නිසා ඇති වූවක් බව පෙනී යයි. සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන වල නිලතල දරන පුද්ගලයන්ගේ වැරදි කළමනාකරණය විසින් ඉහත කී හදිසි අවස්ථාව සැලසුම් කළේ යම් යටි අරමුණු ඉටු කර ගැනීමේ වුවමනාවට දැයි සැකයක් ඇතිවේ,” යනුවෙන් පෙත්සමේ සඳහන් වේ.
ඉන්දියානු ණය පහසුකම යටතේ ඖෂධ ආනයනය කිරීමේදී දක්නට ලැබුණු අක්‍රමිකතා සහ නීතිය නොසලකා හැරීම සැලකිල්ලට ගනිමින්, 2023 පෙබරවාරි මාසයේ දී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ආයතනය ගොනු කළ,දැනට අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින පෙත්සමට (SCFR/65/2023) අමතරව මෙම පෙත්සම ගොනු කර ඇත.
ලියාපදිංචිය අත්හැරීමේ ලිපි නිකුත් කර ඇති සැපයුම්කරුවන්ගෙන් වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඔවුන් හරහා ලබා ගත් වෛද්‍ය සැපයුම් සඳහා දරන ලද පිරිවැය ගණනය කරන ලෙසත් විගණකාධිපතිවරයාට නියෝග කරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ආයතනය මෙවර ඉදිරිපත් කළ පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.
මීට අමතරව, ලියාපදිංචිය අත්හැරීමේ ලිපි නිකුත් කර වෛද්‍ය සැපයුම් ප්‍රසම්පාදනය තුළින් මූල්‍ය හෝ වෙනත් ප්‍රතිලාභ ලබාගෙන ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම ආරම්භ කරන ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා ඇත.
මෙම සිද්ධීන් හේතුවෙන් රජයට හෝ මහජනතාවට දැරීමට සිදු වූ වියදම් මෙන්ම ඒ සම්බන්ධයෙන් වන්දි මුදලක් අදාළ වගඋත්තරකාර පාර්ශවවලින් අයකර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙස පෙත්සම මගින් තවදුරටත් ඉල්ලා ඇත.
ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන් පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත්ව සිටිනවා – ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ලාංකිකයන් පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත්ව සිටින බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.
මේ වන විට ඊශ්‍රායලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ගැටලුවක් ඇති නොවන බවයි තානාපතිවරයා තහවුරු කළේ.
ඊශ්‍රායලයේ උතුරු කලාපයේ ලෙබනන් මායිම හරහා විටින් විට ෂෙල් ප්‍රහාර වාර්තා වුව ද, ඒ කලාපයේ සිටි ලක්ෂ එකහමාරකට වැඩි පිරිස එම කලාපයෙන් වෙනත් ස්ථානවලට තාවකාලිකව යොමුකර ඇති බවද, ඒ අතර සිටි ශ්‍රී ලාංකිකයන්ද නව ස්ථානවලට ගොස් ඇති බවද තානාපතිවරයා සඳහන් කළා.
පවතින තත්ත්වය මත ගැටලුකාරී පසුබිමකට මුහුණ දෙන පුද්ගලයින් ඇත්නම් තානාපති කාර්යාලය සම්බන්ධ කර ගන්නා ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
පාසල් සිසුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මඟින් ලැබුණු ආහාර ද්‍රව්‍ය බෙදා දීම ඇරඹේ
පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේදී අද (19) ආරම්භ කර තිබෙනවා.
පාසල් දරුවන් අතර යකඩ ඌණතාවය අවම කිරීම ඉලක්ක කර ගනිමින් සබලකරණය කරන ලද සහල් (Fortified Rice) පාසල් ආහාර වේල සඳහා ලබාදීම සිදු කරනු ලබන අතර ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ඇති ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්.රිෆ්ලාන්ගේ අධීක්ෂණයෙන් මෙම බෙදාහැරීමේ කටයුතු සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව පළමු අදියර යටතේ පළාත් මට්ටමින් සහල් මෙට්‍රික් ටොන් 735ක් නිකුත් කිරීම අද ආරම්භ වූ අතර එය හෙට (20) දිනයේද ක්‍රියාත්මක අතර අදාළ ප්‍රදේශයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ මෙම සහල් තොගය පාසල් වෙත භාරදීම සිදු කරනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

