IOC ඉන්ධන මිලත් පහළට

ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට සමාන වන අයුරින් මිල සංශෝධනය කළ බවයි ලංකා IOC සමාගම නිවේදනය කළේ.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු. 3 කින් (නව මිල රු.368)

* පෙට්‍රල් 95 – රු. 20 කින් (නව මිල රු.420)

* ඔටෝ ඩීසල් – රු. 30 කින් (නව මිල රු.333)

* සුපර් ඩීසල් – රු. 9 කින් (නව මිල රු.377)

* භූමිතෙල් – රු. 30 කින් (නව මිල රු.215)

ICC T20 World Cup: රටවල් කිහිපයක් T20 සංචිත ප්‍රකාශයට පත් කරයි

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා රටවල් කිහිපයක් විසින් සිය සංචිත මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ඇෆ්ඝනිස්ථානය, එංගලන්තය, දකුණු අප්‍රිකාව හා ඉන්දියාව යන රටවල් විසින් සිය සංචිත නම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ඩෙවෝන් කොන්වේ සහ අත්දැකීම් බහුල වේග පන්දු යවන්නන් වන ටිම් සවුති හා ට්‍රෙන්ට් බෝල්ට්ද සංචිතය සඳහා නම් කර තිබීම විශේෂත්වයක්.

මිචෙල් මාෂ්ගේ නායකත්වයෙන් යුතුව නම් කර ඇති ඔස්ට්‍රේලියා සංචිතය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර ස්ටීව් ස්මිත් මෙම සංචිතයෙන් ඉවත් කර තිබීම විශේෂත්වයක්.

එසේම රෂීඩ් ඛාන්ගේ නායකත්වයෙන් යුත් ඇෆ්ඝනිස්ථාන සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර රහ්මනුල්ලාහ් ගුර්බාස්, ඊබ්‍රහීම් සඩ්‍රාන්, නජිබුල්ලාහ් සඩ්‍රාන් හා මොහමඩ් ඉෂාක් යන පිතිකරුවන් සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ජොස් බට්ලර්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත සංචිතය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් සහ ජාත්‍යන්තර වරම් දිනා නොමැති වමත් දග පන්දු යවන ක්‍රීඩක ටොම් හාර්ට්ලි ද සංචිතයට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

ඒඩ්න් මාක්‍රම්ගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකා සංචිතය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක අන්රික් නොකියා හා ආරම්භක පිතිකරු ක්වෙන්ටන් ඩී කොක් ද නම් කර තිබෙනවා.

මේ අතර රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතය සඳහා යුස්වේන්ද්‍ර චෙහල්, ශිවම් ඩූබේ සහ සංජු සැම්සන් නම් කර තිබීම විශේෂත්වයක්.

UNP මැයි දින සැමරුම ආරම්භ වෙයි

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය මේ වන විට ප්‍රදීපා මාවත පරිශ්‍රයේදී ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව පක්ෂ සමාජිකයින් හා පාක්ෂිකයින්ගේ සහභාගීත්වයෙන් එම මැයි දින රැළිය මේ වන විට පැවැත්වෙනවා.

මාලිමාවේ මැයි දින සැමරුම ආරම්භ වෙයි

ජාතික ජන බලවේගය පක්ෂයේ මැයි දින රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් මේ වන විට හැව්ලොක් පාරෙන් ආරම්භ කර ඇති පෙළපාලිය මැයි දින රැළිය පැවැත්වෙන ලිප්ටන් වටරවුමට ළඟා වෙමින් තිබෙනවා.

මේ අතර ඔවුන් මාතර ප්‍රදේශයේද ප්‍රධාන මැයි රැළියක් සංවිධානය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

පොහොට්ටුවේ මැයි දින සැමරුම බොරැල්ල කැම්බල් පිටියේදී ආරම්භ වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මැයි දින රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බොරැල්ල කැම්බල් පිටියේදී සිය පක්ෂයේ රැළිය මේ වන විට ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

සජබ මැයි දින සැමරුම ආරම්භ කෙරේ

සමගි ජන බලවේගය පක්ෂයේ මැයි දින රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව පහළ චැතම් වීදිය ප්‍රදේශයේදී සමගි ජන බලවේගය පක්ෂයේ මැයි රැළිය පැවැත්වෙමින් තිබෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහභාගීත්වයෙන්.

ජනතාවගේ දැවැන්ත විශ්වාසයත් බලයත් ජාතික ජන බලවේගය වටා එකතු වෙලා තියෙනවා – අනුර

අද වන විට ජනතාවගේ දැවැන්ත විශ්වාසයත් බලයත් ජාතික ජන බලවේගය වටා එකතු වී ඇති බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා.

අද (01) මාතර පැවති ජාතික ජන බලවේගයේ මැයි රැළිය අමතමින් ඔහු සඳහන් කළේ, මෙය ජයග්‍රහණය කළ හැකි සටනක් බවයි.

තවත් ඉතිරිව ඇත්තේ මාස තුනක පමණ කාලයක් බවත් අගෝස්තු වන විට මැතිවරණ කටයුතු ආරම්භ වන බවයි ජන රැළිය අමතමින් ඔහු සඳහන් කළේ.

ජාතික ජන බලවේගය වටා එකතු වී ඇති ජනතා පිරිස අනුව ඉදිරි ජයග්‍රහණය පැහැදිලිව පෙන්නුම් කරන බවද, සතුරාගේ කලබලවීම හමුවේද එය හොඳින් පෙන්නුම් කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙරට නිෂ්පාදිත අත් බෝම්බයක් සහ කඩුවක් සමග රන්මාල කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත අත් බෝම්බයක් සහ කඩුවක් සමග රන්මාල කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට

මිල්ලනිය චන්දන පෙරේරා
දියණියකගේ සහ මවකගේ රන්මාල කොල්ලක් කෑ බැවට ලැබුණු පැමිණිල්ලක් මත සැකකරු අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රෙමුණ අරඹකන්ද අක්කර 35 ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.
(27) දින පොලිසිය විසින් බැල්ලපිටිය ප්‍රදේශයේ සකී නැමති පුද්ගලයෙකුට අයත් පාළු නිවසක් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කිසියම් අපරාධයකට සූදානම් වෙමින් සිට ඇති බව පොලිසිය පවසයි.

ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙක් සමග රෙමුණ වැලිකැටැල්ල ප්‍රදේශයේ උදෑසන පාරේ ගමන් කරමින් සිටි මවකගේ (92) සහ (68) දියණියකට පහරදී ගෙලේ තිබූ රන් මාල කොල්ල කා පලායාමට උත්සාහ දැරීමේදී දියණිය කොල්ලකරුවන් දෙදෙනා සමග පොර බදින අවස්ථාවේ දියණියගේ ගෙල මිරිකාගෙන සිටි කොල්ලකරු මව තල්ලූ කර පැනයාමට උත්සහා දැරීමේදී මුහුණු වසාගෙන සිටි රෙදි කැබැල්ලි ගැලවී යාම හේතුවෙන් කොල්ලකරුවන් දෙදෙනා දියණිය විසින් හඳුනාගෙන ඇත.

දියණිය විසින් අඟුරුවාතොට පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කල පොලිසිය
සැකකරුවන් දෙදෙනා බැල්ලපිටිය, අරඹකන්ද, අක්කර 35 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව හදුනාගෙන ඇත. මොවුන් තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයින් බවට තොරතුරු ලැබී තිබුනි.

මෙම ප්‍රධාන සැකකරු ප්‍රදේශයේ විවිධ අපරාධ රැසකට නායකත්වය දෙන පුද්ගලයා බව හදුනාගෙන ඇත.
අත්අඩංගුවට පත් අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබී අඩි 2.1/2 පමණ දිග කඩුවක්, මෙරට නිෂ්පාදිත අත් බෝම්බයක් හමුවී

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී දිනකට රුපියල් 10000.00 පමණ මත්ද්‍රව්‍ය අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත. අනෙක් සැකකරු “චූටා “නමැති පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

අඟුරුවාතොට පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් ආනන්ද මහතාගේ ප්‍රධානත්වය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

සැකකරු අද හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අද ක්‍රිකට් වල ඉන්න අය ගැන අර්ජුන රණතුංගගෙන් බරපතල ප්‍රකාශයක්…..

https://www.youtube.com/embed/NxBmhMjHYLs?si=JOXK0QpRUsobUfQC” title=