මැණික්හින්න රෝහලේ කාර්ය මණ්ඩලයේ ගුටි කෙලිය.. හිටියේ මත්පැන් පානය කරලද ?

https://www.youtube.com/embed/zMwomImTyuw?si=Y17o-P2XFUs9T6Z1″ title=

මැයි දිනය වෙනුවෙන් හෙට මත්පැන් අලෙවිසැල් වැසේ

මැයි දිනය වෙනුවෙන් හෙට (01) දිවයිනේ මත්පැන් අලෙවිසැල් වසා තැබිය යුතු බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව, අද (30) දින මත්පැන් අලෙවිසැල් වසා දමන වේලාවේ සිට මැයි 02 වන දින විවෘත කරනු ලබන වේලාව දක්වා මත්පැන් අලෙවිසැල් වසා තැබිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

මැයි රැළි සඳහා අවසරයකින් තොරව ඩ්‍රෝන යානා භාවිතය තහනම් – පොලීසිය

පැවැත්වීමට නියමිත මැයි රැළි ආවරණය කිරීම සඳහා නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් බව පොලීසිය පවසනවා.

එලෙස ඩ්‍රෝන යානා භාවිත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගත යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසා සිටින්නේ.

මෙම නීතිය දිවයින පුරා පැවැත්වෙන සියලුම මැයි රැළි සඳහා අදාළ බව වැඩිදුරටත් සඳහන්.

සංගීතවේදී ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 91 හැවිරිදි වියේ පසුවුනා.

ප්‍රවීන ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා වන සංගීතවේදී මුදුන්කොටුව මහතා සංගීත උපදේශවරයෙක් සහ කථිකාචාර්යවරයෙක් ද ලෙස කටයුතු කරමින් සංගීත ක්ෂේත්‍රයට විශාල සේවාවක් ඉටුකලා.

මැයි පළමුවෙනිදා කොළ​ඹ ආශ්‍රිත​ව විශේෂ රථ වාහන සැලැස්මක්

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම පොලීසිය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අදාළ විස්තරය සහ මාර්ග සිතියම් පහතින්.

6630ad17dd599 6630ad17ec2d3 6630ad18053c1 6630ad1819c4e

සැක කටයුතු ලෙස දින හතරක් නිවසක එල්ලෙමින් තිබු මළ සිරුරක් හොරණ පොලිසිය මගින් සොයා ගනී.

ගල්පාත – චන්දන පෙරේරා
මෙසේ දින හතරකට පෙර මියගොස් ඇත්තේ දික්හේනගම මුණගම හොරණ (78) බාලගේ දොන් උබයසේන නැමැති විවාහක පුද්ගලයෙකි.

මොහු නිවසේ තනිව ජීවත් වී ඇති අතර දරුවන් විවාහ වී වෙනම ජීවත් වන බවත් බිරිඳ විදේශගත රැකියාවක් ද ගොස් ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.අසල නිවැසියන් (25) දින සිට දින තුනක් තිස්සේ නිවසේ සිට නැති අතර ඔවුන් (28) රාත්‍රී නිවසට පැමිණ ඇත උදෑසන ජලය නැතිවීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමේදී මියගිය පුද්ගලයාගේ නිවසට ජලයා ලබා දෙන බටය කැඩී තිබීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමට අසල නිවසේ කාන්තාව ගොස් ඇති අතර මියගිය පුද්ගලයාගේ නිවසේ දෙසින් දුගදක් හැමීම හේතුවෙන් ඒ පිළිබඳව කාන්තාවගේ නිවසේ වැඩිහිටි පුද්ගලයන් වෙත දන්නවා මේ පිළිබඳව එම නිවසේ වා කවුළුවෙන් බැලීමේ දී පුද්ගලයා එල්ලී සිටිනු දැක අසල නිවැසියන් හොරණ පොලිසියට දන්වා ඇත.

හොරණ පොලිසියේ නිලධාරීන් පැමිණ දොර විවෘත කර බැලීමේදී අදාළ පුද්ගලයා නිවසේ කාමරයක් තුළ එල්ලී සිටුනු දැක ඇත. ඒ වන විටත් ඔහුගේ ශරීරයෙන් දැඩි දුකක්ද හමමින් තිබී ඇත.

ඔහු මිය යාමට පෙර දරුවන් පිළිබඳව කලකිරීමෙන් මත්පැන් පානය කරමින් කාලය ගතකර ඇති බව අසල්වාසීන් පවසයි. අලුත් අවුරුද්දට ඔහුව බැලීමට පුතා පමණක් පැමිණ ඇති අතර ඔහුට සරමක් තෑගි ලෙස ලබාදී පිටව ගොස් ඇත. මිය යන විට ඔහු ඇඳගෙන සිට ඇත්තේ එම සරම බව පොලීසිය පවසයි.
මේ පිළිබඳව
පානදුර අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් උ.පො.පා.අබේකෝන් පො.සැ.21385 තිලකරත්න නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භක කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය සදහා හොරණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිධාරියා වෙත යොමු කර ඇත. මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ
පො.සැ. 30787නෙළුම් බංඩාර පරීක්ෂණ මෙහෙයවයි.

WhatsApp Image 2024-04-30 at 15.37.25

 

පාඨලී සී.අයි.ඩීයට කැඳවයි

පාඨලී සී.අයි.ඩීයට කැඳවයි

රත්නපුර ප්‍රදේශයේ පැවැති පක්ෂ රැස්වීමක දී සිදු කරන ලදැයි කියන කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හෙට (30) උදෑසන 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

WhatsApp Image 2024-04-29 at 16.48.26

පාඨලී හෙට CIDයට කැඳවයි

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක හෙට (30) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.

රත්නපුර ප්‍රදේශයේ පැවැති පක්ෂ රැස්වීමක දී සිදුකරන ලදැයි කියන කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.

හිටපු ඇමති ෆවුසිට නොතීසි නිකුත් කෙරේ

හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කර තිබෙනවා.

නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබාදුන් ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීම තුළින් රජයට රුපියල් මිලියනයකට අධික පාඩුවක් සිදු කළේ යැයි ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එම අවස්ථාවේදී විත්තිකාර ෆවුසි අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, නඩුව නැවත මැයි මස 22 වනදා දක්වා කල්තැබූ මහාධිකරණ විනිසුරුවරයා එදින විත්තිකරුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසද නියෝග කර තිබෙනවා.