විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ආරම්භ කළ වැඩ වර්ජනය අද (04) තුන්වන දිනටත් ක්‍රියාත්මක වෙනවා.
වැටුප 15% කින් කප්පාදු කිරීම හා මාසික හිලවු දීමනාව වැඩි නොකිරීමට විරෝධය පා විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල විසින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබෙනවා.
මෙම ගැටළුවට 8 වැනිදාට පෙර විසඳුමක් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බවයි විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත පවසා සිටින්නේ.
https://www.youtube.com/embed/-W_Bpbj3Ajc?si=0YxJDZsH1Q-MgWT8″ title=
https://www.youtube.com/embed/s7akKO9S4Sk?si=wYQKUPfPkptizHAs” title=
https://www.youtube.com/embed/ewBk0sNS-PA?si=ITmZoematvKPJxDl” title=
https://www.youtube.com/embed/MaA7gfY2Heg?si=2-4TbdbB0xMBHQM5″ title=
https://www.youtube.com/embed/md6c0aYek4s?si=jFaDlgBq_WMvhbgQ” title=
ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් අඩුකළ බවයි එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ.
මේ අතර කෙටි ආහාරවල මිල ගණන් ද රුපියල් 10කින් අඩු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍ය මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 තරගයෙන් තෙවන ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් වුණා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍ය මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 තරගයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට නදීෂා රාමනායක සමත් වුණා.
පරණ පක්‍ෂ කෝන්තර පැත්තකින් තියලා ලංකාවේ ප්‍රබලතම මහජන ව්‍යාපාරය අපි හදන්න ඕනා – අනුර