හොරණ වෙඩික්කරු ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හදුනාගැනීමේ පද්ධතියට (AFRS) කොටු ……

හොරණ වෙඩික්කරු ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හදුනාගැනීමේ පද්ධතියට (AFRS) කොටු ……

2024.05.05 වන දින පැය 11.00 ට පමණ හොරණ පොලිස් වසමේ බේස්ලයින් වත්ත ප්‍රදේශයේදී ස්කුටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණ හොරණ ප්‍රදේශයේ පදිංචි වල්පිටගේ දොන් සංජය අසන්ත යන අයට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හදුනාගෙන ගැනීමේ පද්ධතිය (Automated Facial recognize system – AFRS) මගින් අත්අඩංගුවට ගෙන ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු සැකකරු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, මෙම වෙඩිතැබීම දෙපාර්ශවය අතර දිර්ඝ කාලයක සිට පැවැති ආරවුලක් මත සිදුකර ඇති බවට මේවනවිට අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වන 48/F, හොරකැටිය, හොරණ ලිපිනයේ පදිංචි ගොඩැල්ලගේ අෂේන් ජනිත් කුමාර (අවු.31) වේ.

එසේම, වෙඩිතැබීමට පැමිණි යතුරු පැදිය හොරණ පොලිස් වසමේදී වි⁣ශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සහන හාල් නොදුන්නැයි උරණවූ කතක පහරදී ග්‍රානි රෝහලේ

සහන හාල් නොදුන්නැයි උරණවූ කතක පහරදී ග්‍රානි රෝහලේ

පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක

මේ දිනවල රජය මගින් ලබාදෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක කල පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසයි.

පහරදීම සිදුකළ කාන්තාවද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව පනාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බව පොලිසිය සඳහන් කරයි.

පහර කෑමට ලක්ව රෝහල් ගත කර ඇත්තේ
පනාපිටිය දකුණ ග්‍රාම නිලධාරී වසම භාර නිලධාරීනිය බවද සඳහන්වේ.

මේ දිනවල රජය මගින් ලබාදෙන සහල් සැකකාරියට ලැබී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර කතාබහක් සිදුව ඉන් අනතුරුව පහරදීම සිදුකර ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය පවසයි.

පහර කෑමට ලක් වූ ග්‍රාම නිළධාරී වරිය පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
වස්කඩුව පනාපිටිය ප්‍රදේශයේ පදිංචි
සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර , කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කළුතර උතුර ස්ථානාධිපති (වැබ) ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ආර් ඒ ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

ඡායාරූප ඇත

WhatsApp Image 2024-05-05 at 14.37.25

 

ආසියාව ජයගත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් 30,000ක්!

ආසියාව ජයගත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් 30,000ක්!
ශ්‍රී ලංකාවේ පැවැ­ති පළමු කොටසේ ආසි­යා­තික රග්බි ශූර­තා­ව­ලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබීය.ඒ කසකස්ථානය පරාජය කරමිනි.
මෙවන් ජයග්‍රහණයක් ශ්‍රීලංකාව ලබා ගත්තේ වසර එකොලහට පසුව වීම විශේෂත්වයකි.
ජයග්‍රාහී ශ්‍රීලංකා රග්බි කණ්ඩායමට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය මගින් ඩොලර් 30,000ක් පරිත්‍යාග කරනු ලැබීය.
සුයොරු
ඇන්ත­නීගේ නාය­ක­ත්ව­යෙන් තරග වැදි ශ්‍රී ලංකා කණ්ඩා­යමේ උප­නා­ය­කයා ලෙස තරින්ද රත්වත්ත කට­යුතු කළ අතර, සනත් මාටිස් ප්‍රධාන පුහු­ණු­කරු ලෙසත්, දුෂ්‍යන්ත් ලෙව්කේ ඉදි­රි­පෙළ ක්‍රීඩ­ක­යන්ගේ පුහු­ණු­කරු ලෙසත්, නිල්ෆර් ඉබ්‍රා­හිම් පසු­පෙළ ක්‍රීඩ­ක­යන්ගේ පුහු­ණු­කරු ලෙසත් කට­යුතු කරනු ලැබීය.
ශ්‍රීලංකාව, ඉන්දි­යාව, කස­ක­ස්තා­නය සහ කටාර් යන කණ්ඩායම් හතර පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියට එක්විය.

WhatsApp Image 2024-05-05 at 14.11.05 (1) WhatsApp Image 2024-05-05 at 14.11.05 (2) WhatsApp Image 2024-05-05 at 14.11.05 (3) WhatsApp Image 2024-05-05 at 14.11.05

කිරි වලින් නිෂ්පාදන සිද්ද කරන ෆැක්ටරියේ දකින්න ලැබුන ඇස් උඩයන දේවල්……

https://www.youtube.com/embed/Fq1kgq2Ym98?si=8TiQSwOMJZh3jH5A” title=

Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි

Foxhill ධාවන තරගාවලිය අතරතුර සිදුවූ රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.‍

ඒ අනුව, එහිදී ජීවිතක්ෂයට පත් වූ 7 දෙනා වෙනුවෙන් එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් ලබා දීමට නියමිත බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

එසේම තුවාල ලැබූ අයට එක් පුද්ගලයෙකුට රුපියල් 250,000ක් බැගින් වූ වන්දි මුදලක් හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට තහනම් කෙ​රේ

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී පාද වන්දනා වාරය මේ මස 24 වනදායින් අවසන් වන නිසා ඉදිරි කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, එහිදී මෙම තීරණය ගෙන තිබෙන බව සඳහන්.

ඒ අනුව අවාරයේ ශ්‍රී පාදස්ථානය වෙත පැමිණීමට අවසර ලැබෙන්නේ විදේශිකයන්ට පමණක් වන අතර, ශ්‍රී පාදස්ථානයට ඇතුළුවීමට ඇති කිසිඳු මාර්ගයකින් දේශීය සංචාරකයින්ට ඇතුළුවීම තහනම් කෙරෙනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මැයි මාසය තුළ නව සන්ධානයක් ගොඩනගා ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා – විමල් වීරවංශ

වත්මන් ජනාධිපතිවරයා ගෙන යන රටට හතුරු වැඩපිළිවෙළට කිසිම ආකාරයකින් සම්මාදම් වීමට සූදානමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

එම වැඩපිළිවෙළ තමන් ප්‍රතික්ෂේප කරන බවත්, ඒ හරහා රටට සුගතියක් නොවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මැයි මාසය ඇතුළත තම කණ්ඩායම විසින් නව සන්ධානයක් ගොඩනඟන බවද, එයින් ජනාධිපතිවරණය සඳහා නව අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000කට අයදුම් නොකළ විෂයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබී ඇති බව වාර්තා වෙනවා.

තාක්ෂණික කරුණක් හේතුවෙන් මෙම ගැටළුව මතුවී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසා සිටියේ.

මේ වන විට එම ගැටළුව නිරාකරණය කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අදාළ පාසල්වලට දැනුම් දී ඇති බවත්, විභාගයෙන් පසුව එම අදාල නොවන විෂයය සඳහා අයදුම්කරුවන් විභාගයට පෙනී නොසිටි බවට කිසිවිටෙකත් සලකුණු නොවන බවත් ඔහු සඳහන් කරනවා.

2023 (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06 වනදා ආරම්භ වීමට නියමිතයි.

එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික සිරකරුවන් 44 දෙනෙකුට රාජකීය සමාව

විවිධ වැරදි සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරගතව සිටි ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකුට එරට රාජකීය සමාව හිමිව තිබෙනවා.

අප්‍රේල් මාසයේ යෙදී තිබූ රාමසාන් උත්සව සමය හේතු කොටගෙන මෙම රාජකීය සමාව හිමිව ඇති බවයි අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේ.

සමාව හිමිවූ ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය සහ අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මේ වන විට කටයුතු සූදානම් කරමින් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.