https://www.youtube.com/embed/-keC4ShERbw?si=cbjxcOkdmkZ1gOd5″ title=
Author: Supun
අඩි 8 – 10 අතර මුහුදේ රළ ගැසීම නිසා වැලි සහිත මුහුදු ජලය ගලා ඒමෙන් ගමනාගමනයට බාදා පැමිනුන අයුරු..
https://www.youtube.com/embed/6hJeKhuJo04?si=MTvn2BV4D6-Pn9To” title=
කටුනායක ගුවන් තොටුපලේ වීසා ගැටළුවට මැදිවුන සමාගමේ පැටිකිරිය එලියට දැම්ම පුබුදු ජයගොඩ……
https://www.youtube.com/embed/HAOs0ZkJer4?si=aWzb4xJ-F1kXJTaZ” title=
සුන්දර බුන්දල : Ceyland Traveller
https://www.youtube.com/embed/J6ZNshc5SP8?si=HGiXAguVQmnzHN0G” title=
බොරු චෝදනා කරන අයට Online පනත අනුව නීතියෙන් කටයුතු කරනවා කියන සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු….
https://www.youtube.com/embed/Q2zBeX0oY1k?si=rmaoGJceGGnemgEg” title=
ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ අනාගතය ගැන කියන හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග……
https://www.youtube.com/embed/ST69kcSh4Ks?si=6Y35u-Teh8XsEEST” title=
ජොන්ස්ටන්ට විරුද්දව තනියම පාරට බැස්ස හාමුදුරුවෝ..සැරටම කියපු කතාව……
https://www.youtube.com/embed/VRXdKAANWCE?si=–zAHBZCPjgKREvU” title=
රට කිසිඳු බාධාවකින් තොරව ස්ථාවර ගමනක ගමන් කරනවා – වජිර
දිනෙන් දින කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කරමින් නව මාවතකට පිවිස ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.
ඒ අනුව රට කිසිඳු බාධාවකින් තොරව ස්ථාවර ගමනක ගමන් කරමින් ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යනු ආසියාවේ සහ මෙම කලාපයේ සිටින දේශපාලන පළපුරුද්ද වැඩියෙන්ම ඇති නායකයා බවයි වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකළ හමුදා සාමාජිකයින් 9,770 ක් ඉවතට
නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටි හමුදා සාමාජිකයින් 9,000කට අධික පිරිසක් සති දෙකක් තුළ පොදු සමාව යටතේ සේවයෙන් ඉවත්කළ බව යුද හමුදා මූලස්ථානය පවසනවා.
ඒ අනුව එම පොදු සමා කාලය තුළ මේ වනවිට යුද හමුදා සාමාජිකයින් 9,770 දෙනෙකු සේවයෙන් ඉවත් වී ඇති බව යුද හමුදා මූලස්ථානය සඳහන් කළා.
අප්‍රේල් මස 20 වනදා සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින නිලධාරීන් හා සෙසු නිලයන් හට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබුණා.
අද ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණය ඉහළට
අද (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද දිනයේ උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකයේ, එනම් මිනිස් සිරුරට දැනෙන උණුුසුම වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.
එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
