ජාතික සම්පත් විකිණීමට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධතාවයක්

ජාතික සම්පත් විකිණීමට එරෙහිව කොළඹදී අද (15) දැවැන්ත විරෝධතාවක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත් වුණා.

ජන පීඩක විදුලි පනත අහෝසි කරන ලෙස හා ටෙලිකොම්, රක්‍ෂණ, මිල්කෝ ආයතන ඇතුලු ජාතික සම්පත් විකිණීම නවතන ලෙස බලකරමින් ජාතික සම්පත් විකිණීමට එරෙහි ජනතා මධ්‍යස්ථානය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

මේ සඳහා වෘත්තීය සමිති, තරුණ සංවිධාන, සිවිල් සංවිධාන හා බහුජන සංවිධාන ගණනාවක් එක්ව සිටියා.

T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්හි වනිඳු පළමු තැනට

විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.

ඒ බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් සමඟ සම ස්ථානයට පත් වෙමින්.

ඒ අනුව ඔවුන් දෙනානාම මේ වන විට Rating අගය 228 බැඟින් ලබාගෙන තිබෙනවා.

6644a4d449ec4

වෙසක් පෝය අරමුණු කරගෙන මැලේසියාවේ මලක්කා බෞද්ධ විහාරයේ පුන්‍ය ක්‍රියාවන් ඇරඹුන අයුරු….

https://www.youtube.com/embed/aUkyzdscbtI?si=KtVQ6mXJKLKdbfAj” title=

ලංසාලාගේ නව සන්ධානයත් නිදහස් පක්ෂයේ පිරිසකුත් අළුත් ගමනකට සැරසෙයි.

https://www.youtube.com/embed/Gf4sc0VY1kw?si=PzGLItNpfiiOKlD4″ title=

මොරටුව සොයිසාපුර C ‘ කොටස මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහලක බිත්තියක් රාත්‍රියේ කඩා වැටෙයි….

https://www.youtube.com/embed/N6xUXX-s1CU?si=U7eWEErj9yrEtu6w” title=

“අපේ අයව අපිට ගෙන්නලා දෙන්න” රුසියානු තානාපති කාර්යාලය ඉදිරියේදී හඩා වැටුන රණවිරු බිරින්දෑවරුන්…..

https://www.youtube.com/embed/MB_wMeyFhTc?si=sgO_KgeTdEiGJgGP” title=

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල විරෝධතාවයට පොලීසියෙන් ජල ප්‍රහාර……

https://www.youtube.com/embed/LXD8Gbeg2dU?si=km3f-03TmYqiehAC” title=

මිලියන 9කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විදෙස් රටවල් කිහිපයක සිට පැමිණි පාර්සල් කිහිපයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ ආවේක්ෂණ රාජකාරීවලදී මෙරටට එවා තිබූ සැකසහිත පාර්සල් කිහිපයක තිබී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එහි තිබී මත්පෙති 150ක්, කුෂ් ග්‍රෑම් 466ක් සහ කොකේන් ග්‍රෑම් 10ක් සොයාගෙන ඇති අතර එම මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 9කට ආසන බවයි සඳහන් වෙන්නේ.

රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට අධිකරණයෙන් නියෝගයක්

විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව මාළිගාකන්ද අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට මෙලෙස මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

විරෝධතාකරුවන් ඩීන්ස් පාර, ටී බී ජයා මාවත, ටෙක්නිකල් හංදිය, ඉබ්බන්වල හංදිය වැනි ප්‍රදේශවලදී මහජනතාව අපහසුවට පත්වන ආකාරයෙන් කටයුතු නොකළ යුතු බවයි අදාළ නියෝගයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.