විජේදාසට එරෙහිව දුමින්දගේ නඩුව සලකා බැලීමට අවසර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත්කිරීම බලශූන්‍ය බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එහි වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක විසින් ගොනුකර ඇති නඩුව පිළිබඳව කරුණු සලකා බැලීමට අවසර දුන් කොළඹ දිසා අධිකරණය එම නඩුකරයෙන් ඉල්ලා තිබෙන වාරණ නියෝග සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමටද අවසර ලබාදී තිබෙනවා.

මෙම කරුණට අදාළව කඩුවෙල දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් දැනටමත් නිකුත් කර ඇති නිසා මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවට විජයදාස රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (14)  විරෝධතා මතුකර තිබුණා.

එම අවස්ථාවේදී පෙත්සම්කාර දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පෙන්වාදී තිබුණේ කඩුවෙල දිසා අධිකරණයේ නියෝගය මෙම අධිකරණයට බල නොපාන බවයි.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන කඩුවෙල දිසා අධිකරණයේ නියෝගය වලට අගති රහිතව මෙම නඩුවේ පැමිණිලිකරු විසින් ඉල්ලා සිටින වාරණ නියෝග සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට තීරණය කරන බව දැනුම්දී තිබෙනවා.

නීතිවිරෝධී දුම්වැටි ජාවාරමේ යෙදුණු පුද්ගලයෙක් STF අත්අඩංගුවට

මෙරටට නීති විරෝධීව දුම්වැටි ආනයනය කිරීමේ ජාවාරමේ යෙදුනු පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රාගම, කැටගේවත්ත පාර ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම වැටලීමේදී, ජාවාරම් කිරීම සදහා සන්තකයේ තබාගත් රුපියල් දෙලක්ෂ පනස්දාහක් පමණ වන නීති විරෝධී දුම්වැටි 1,600ක් භාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.

ජනාධිපතිවරණය ගැන UNHCR නම සඳහන් කළ වාර්තාව ව්‍යාජ වාර්තාවක් – UNHCR කාර්යාලය

එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලයේ (UNHCR) නම සම්බන්ධ කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පිළිබඳ වංචනික වාර්තාවක් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වෙමින් ඇති බව එම කාර්යාලය පවසනවා.

එම වාර්තාව එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලයේ මානූෂීය විෂය පථයට හෝ ශ්‍රී ලංකාවේ වැඩකටයුතුවලට කිසිඳු සම්බන්ධයක් නොමැති බවත්, එය ව්‍යාජ වාර්තාවක් බවත් එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අදාළ නිවේදනය පහතින්.

66443b349223d

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් තීරණය කරයි

සිය ඉල්ලීම් ලබාදීම ප්‍රමාද කිරීම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.

ඒ අනුව විද්‍යාල තුළ ස්වේච්ඡාවෙන් කටයුතු කරන සියලුම සේවාවලින් ඉවත්වීමේ ඒකමතික තීරණයකට එළඹී ඇති බවයි එහි සම සභාපති ධම්මික ප්‍රියන්ත සඳහන් කළේ.

ජලය හා විදුලිය සැපයීමෙන් සම්පූර්ණයෙන් ඉවත් වන බවත්, අන්තර්ජාල පහසුකම් සැපයීමෙන්ද සම්පූර්ණයෙන් ඉවත් වන බවයි ඔහු සඳහන් කළේ.

මෙවැනි අපරාධයක් විශ්ව විද්‍යාල පද්ධතියට සිදුවන්නේ රජයේ ක්‍රියා කලාපය නිසා බවයි ධම්මික ප්‍රියන්ත වැඩිදුරටත් සඳහන් කළේ.

ඇහෙන් දැක්ක පුද්ගලයා විස්තර කල දෙදෙනෙක්ට දිවි අහිමි කල මඩාටුගම රිය අනතුර…….

https://www.youtube.com/embed/i5hbzCs0G7k?si=UNhBUGolz5SJYlCZ” title=

පොලීසිය ඉස්සරහම ඇති විසිතුරු මත්ස්‍ය වෙලද සැලක කැෂියර් ලාච්චුවට විදලා ගියපු හැටි….

https://www.youtube.com/embed/giuHdEMm8Ps?si=tM2mrSjqbVNGyO4q” title=

අධ්‍යාපන නිලධාරීන් 1000කට ශිෂ්‍ය භට බලකායේ තනතුරු

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයට අයත් නිලධාරීන් දහසක් ජාතික ශිෂ්‍ය භට බලකායේ අධිකාරිලත් තනතුරු වලට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

1985 අංක 40 දරණ මිනිස් බල උපයෝගීතා හා පරිපූරක හමුදා පනතේ V වන කොටස යටතේ පරිපූරක හමුදාමය ආයතනයක් වශයෙන් ජාතික ශිෂ්‍යභට බලකාය ආරක්ෂක අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

664354b322d76

කෙහෙළිගේ පෙත්සම සලකා බැලීම සඳහා දින නියම කෙරේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 31 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

මෙම පෙත්සම අද (14) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබ තිබුණා.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 31 වනදා කැඳවන ලෙසත් එදින පෙත්සම මුල සිට යළි සලකා බැලීමටද අධිකරණය නියම කර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.