කෙහෙළිය රඹුක්වැල්ල යළි රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් ජුනි මස 03 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඔවුන්ට එරෙහි නඩුව අද (20) යළි කැඳවූ අවස්ථාවේදී මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

විජයදාස රාජපක්ෂට සහ කීර්ති උඩවත්තට වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්තට කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකාවේ සිට පැමිණි ISIS සැකකරුවන් 4 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ සිට පැමිණි බවට සැලකෙන ISIS ත්‍රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද් ගුවන්තොටුපොළට පැමිණීමේදී එම සැකකරුවන්ව අත්අඩංගුවට ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඥානසාර හිමිට සමාව ලබාදෙන ලෙස ඉල්ලා ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට ඉල්ලීමක්

බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන්නැයි ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව වෙසක් පුන් පොහෝ දිනය නිමිති කොටගෙන ඥානසාර හිමියන්ට සමාව ලබාදීමට කටයුතු කරන ලෙසයි ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ඉල්ලා සිටින්නේ.

කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් 2016 දී කළ ප්‍රකාශයකින් ආගම් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පසුගියදා අධිකරණයෙන් බරපතළ වැඩසහිත වසර හතරක සිර දඬුවම් නියම කෙරුණා.

අදාළ ලිපිය පහතින්.

664b0b487d3d4

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා අදාළ නිවේදනය බලපැවැත්වෙන බවයි සඳහන් වෙන්නේ.

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවද සඳහන්.

බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි අතර සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

අදාළ නිවේදනය පහතින්.‍

664af02c6cba6

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපතිවරයා ලෙසත් කීර්ති උඩවත්ත මහතා වැඩ බලන මහලේකම්වරයා ලෙසත් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරයි.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපතිවරයා ලෙසත් කීර්ති උඩවත්ත මහතා වැඩ බලන මහලේකම්වරයා ලෙසත් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරයි.

හන්තාර ඌරාගල වන විනාශයට එරෙහිව වතු අධිකාරිවරුන්ට චෝදනා කරමින් ජනතාවගෙන් ආ විරෝධතාවය….

https://www.youtube.com/embed/d_6_kA6-XUM?si=ysYLWFCGo5ucPu39″ title=

ඩයනා ගමගේට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන අයට වැඩ වරදියිද ? ඔෂල හේරත් කියන කතාව….

https://www.youtube.com/embed/3VpnPeUMm0w?si=V2EBzpNit1brcVNL” title=

ගුවන් තොටුපලේදී පෝටර්ට කනේ පාරක් වැදුන රු.300 කරන්දෙනියේ තරුණයන් පිරිසක් ඇමතිට මනිඔඩර් කරයි….

https://www.youtube.com/embed/az1Uurms1c8?si=iTzO8824nwIrlBcW” title=

වැල්ලවත්තේ සිදු කල සැමරුමක් උනුසුම් වෙයි.. දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට….

https://www.youtube.com/embed/iXfKjhFR5gU?si=Qs6uw0nr7nwQ3k3j” title=