යුපුන් අබේකෝන් පළමු ස්ථානය දිනාගනියි

ජර්මනියේ පැවති ඇන්හල්ට් මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් ඊයේ (24) සමත් විය.

ඔහු මෙම ඉසව්ව අවසන් කළේ තත්පර 10.16කිනි.

යුපුන් මූලික වටයේදී තත්පර 10.15 දක්ෂතාවක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය දිනා අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර එම කාලය වාර්තා වුණේ යුපුන් මෙම කාලසීමාවේදී දැක් වූ හොඳම දක්ෂතාවය ලෙසය.

වතු සේවකයන්ට වැඩි කළ වැටුප ගෙවීමට නොහැකි නම්, එම සමාගම්වල බදු ගිවිසුම් අහෝසි කර නව ආයෝජකයින්ට වතු ලබාදෙනවා – රංජිත් සියඹලාපිටිය

රුපියල් 1350 ක මූලික වැටුප හා රුපියල් 350 ක විශේෂ දීමනාව සමග රුපියල් 1700 ක් දක්වා වතු සේවක වැටුප් වැඩි කිරීම පසුගිය 21 වැනිදා සිට ක්‍රියාත්මක බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

යම් සමාගමක් එම වැඩිකළ මුදල ගෙවීමට නොහැකි බව පවසන්නේ නම් මුදල් අමාත්‍යාංශය විසින් ඒ බව සොයා බැලීමට කමිටුවක් පත් කරන බවත්, අදාල සමාගමට එවැනි වැටුපක් ගෙවා ගැනීමට නොහැකි වන්නේ බාහිර ගැටළුවක්ද, නොඑසේ නම් අභ්‍යන්තර ගැටළුවක්ද යන්න එම කමිටුව මගින් සොයා බැලීම සිදුකරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව වතු සේවකයන්ට වැඩි කළ වැටුප ගෙවා ගැනීමට නොහැකි වීම අදාළ සමාගම්වල අභ්‍යන්තර ගැටලුවක් නම්, එම සමාගම් සමග ඇති බදු ගිවිසුම් අහෝසි කර නව ආයෝජකයින්ට වතු ලබාදීමට රජය සූදානමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටිනවා.

විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව කණගාටුව – ලං.වි.ම. ඉංජිනේරු සංගමය

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවන විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීමේ දී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආපදා තත්ත්වයන් යටතේ විදුලිය බිඳ වැටීම් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත්, එම බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කරලීම සදහා මේ වනවිට ලංවිම සේවයේ යෙදී සිටින සීමිත තාක්ෂණික කාර්ය මණ්ඩලය උපරිම වශයෙන් කැපකිරීම් සිදුකරමින් සිටින බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

රජය, විෂය භාර අමාත්‍යවරයා සහ ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පුරප්පාඩු සඳහා නිසි බඳවා ගැනීම් සිදුකිරීමට හා දැනට සේවයේ නියුතු සේවකයින් රඳවා තබා ගැනීම සඳහා කිසිදු සාධනීය පියවරක් නොගත් බවත්, සේවකයින් හට රැකියාව එපා වෙන තැනට පත්කර සේවය හැර යාමට මඟ සැලැසූ බවත්, සේවකයන් නොමැති වීමෙන් සිදුවන බිඳවැටුම් යාවත්කාලීන කිරීමේ ප්‍රමාදයන් වල වගකීම ඔවුන් ඍජුවම භාරගත යුතු බවත් එම සංගමය අදාළ නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.

එම සංගමය නිකුත් කළ නිවේදනය පහතින්.

66515188c6a47pdf_page_0

6651518923e50pdf_page_1

කොළඹ ඉඳන් දවස පුරා අපේක්ෂකයන් ගැන කතාකරමින් කාලය කා දැමීම නවතා ගමට ගිහින් ඡන්ද එකතු කර ගැනීම සඳහා කැපවී වැඩරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජ පක්ෂ සහ එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ යන මහත්වරුන් එම පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

කොළඹ ඉඳන් දවස පුරා අපේක්ෂකයන් ගැන කතාකරමින් කාලය කා දැමීම නවතා ගමට ගිහින් ඡන්ද එකතු කර ගැනීම සඳහා කැපවී වැඩරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජ පක්ෂ සහ එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ යන මහත්වරුන් එම පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

‘නිකම් බොරුවට අපේක්ෂකයන් පස්සේ දුවන්නේ නැතුව වැඩ කරන්න’ යැයිද දෙදෙනා එහිදී පවසා ඇත.
දෙදෙනා මෙසේ පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය සතියේදී තමන් හමු වූ අවස්ථාවේදීය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම මන්ත්‍රී කණ්ඩායම මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් මුණගැසුණේය.
එම දෙදෙනා හමු වී ඇති මන්ත්‍රී කණ්ඩායම ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂය සහාය දෙන්නේ කාටදැයි විමසා ඇති බව දැනගන්නට ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ එය පක්ෂයේ සියලු දෙනා සාමූහිකව රැස්වී ගත යුතු තීරණයක් බවයි.
පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉදිරියේදී කාටත් එකඟ විය හැකි පොදු තීරණයක් ගනු ඇතැයි ද දෙදෙනා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

පොලිස් කාන්තාවත් එක්ක වාද කල රියදුරා වරදත් පිලිගෙන දඩත් කාලා මෙන්න ඇත්ත…..

https://www.youtube.com/embed/P12Dmoki9RM?si=8KhTNByL5JNP-QWH” title=

හොරණ නගරය හරහා හමාගිය දැඩි සුළි සුළං තත්ත්වය හේතුවෙන් ස්ථාන රැසකට දැඩි හානි……

https://www.youtube.com/embed/54sfRQ8P32g?si=U0h9oys5FxQAYCZ1″ title=

මිනිරන් පතල් අත්පත්කර ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා – Press Trust of India

ශ්‍රී ලංකාවේ මිනිරන් පතල් අත්පත්කර ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව Press Trust of India නම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Lithium-ion සහ අනෙකුත් බැටරිවල ඇනෝඩ සඳහා බහුලව භාවිතා කිරීම හේතුවෙන් මිනිරන්වල ඉල්ලුම ඉහළ යමින් පවතින බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

මේ සඳහා ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය සමඟ මූලික සාකච්ඡාවක් පවත්වා ඇති බව ආරංචි මාර්ග පැවසූ බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

අදාළ වාර්තාව මෙතැනින් සහ පහතින්.

665040c5dd594

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දුම්රිය මාර්ගයට පස්, ගල් සහ ගස් කඩාවැටීම හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාදවිය හැකි බවයි සඳහන් වෙන්නේ.

අයහපත් කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 6 ක් මරුට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 06 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම්, දේපළ හා නිවාස හානි සිදුවීම් වාර්තාවී ඇති බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ.

හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මතට ෆයිනස් ගසක් කඩා වැටීමෙන් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.

එසේම එම මාර්ගයේම ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ලිස්සාගොස් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් එහි ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක් ද තුවාල ලබා රෝහල්ගත කර තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

නිෂ්පාදන හා ධීවර අංශයන්ට අදාළව පැවැති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉන් අයදුම්කරුවන් 3,422ක් සමත් වී ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 3,580ක පිරිසක් ඉදිරිපත් වී තිබුණු අතර ඉන් සමත් සංඛ්‍යාව මුළු පිරිසෙන් 95.6% ක් බවයි සඳහන් වෙන්නේ.

මෙම විභාගයේ ප්‍රතිඵල මැයි මස 27 වන දින www.slbfe.lk වෙබ් අඩවියේ පළ කරන අතර විභාගය සමත් වූ අයදුම්කරුවන් සඳහා වෛද්‍ය පරීක්ෂණ මැයි මස 28 වන දින ආරම්භ වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.