ඇකිලිලා තිබ්බ බෞද්ධ කොඩියට සිද්ද වුන දේ ජංගම දුරකථයක පටිගතවූ අපූරු දර්ශනය…

https://www.youtube.com/embed/fUKpDKMsqbI?si=-rv_MaSr_ZOh2Tod” title=

මහරගම අපේක්ෂා රෝහල ඉදිරියේ නම නොකියපු මිනිසා දුන්න අපූරු දන්සල මෙන්න….

https://www.youtube.com/embed/vCIgykUOC7k?si=w5HI-O1QBvrUZ8El” title=

වෙසක් පොහොය හා ලෝක කැස්බෑ දිනය වෙනුවෙන් ලොව විරල කැස්බෑවෙකු මුහුදට නිදහස් කර හැරිය අයුරු….

https://www.youtube.com/embed/QdfWINdk8kk?si=TFhgtq3jcfB_5izh” title=

IPL අවසන් මහා තරගය අද

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව Kolkata Knight Riders කණ්ඩායම හා Sunrisers Hyderabad කණ්ඩායම අතර අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.

කරගය අද රාත්‍රී 7.30 ට Chennai හිදී ආරම්භවීමට නියමිතව තිබෙනවා.

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව REMAL සුළි කුණාටුව හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශයේත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් ඉතා තද සුළං සමගින් තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති REMAL සුළි කුණාටුව අද (26) පෙරවරුව වනවිට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

නැවත දැනුම්දෙනතුරු ධීවර කටයුතු සිදු නොකරන ලෙස ඉල්ලා සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

6652e5d76d6f5 6652e5d730f5b

සියලුම ජනතාවගේ නිශ්චල සහ චංචල දේපොළ ගැන තොරතුරු ලබාදීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක්

රජයේ ආයතන ඇතුළු මෙරට පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ තොරතුරු ජුලි මස පළමු වනදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනිවාර්යෙන්ම ලබාදිය යුතු බවට නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙරට පුද්ගලයින්ගේ ලියාපදිංචි කළ ඉඩම්වල, දේපොළවල අයිතිය හිමිකම් පිළිබඳ තොරතුරු, ලියාපදිංචි කළ බදු ගිවිසුම් පිළිබඳ තොරතුරු, ලියාපදිංචි සමාගම් පිළිබඳ තොරතුරු සහ කොටස් වෙළෙඳපොළේ කොටස් අයිතිය පිළිබඳ තොරතුරු නිතිපතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබා දිය යුතු බවයි සඳහන් වෙන්නේ.

එමෙන්ම මෙරට පුරවැසියන්ගේ ලියාපදිංචි කළ වාහන සහ වාහන හිමිකම් පැවරීම් පිළිබඳ තොරතුරු නිලධාරීන් විසින් පරිශීලනය කරන ලද තොරතුරු ආදිය ද නිතිපතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබා දිය යුතු බවද එම ගැසට් නිවේදනයේ සඳහන් වනවා.

බැංකු හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරන බැංකු නොවන මූල්‍ය ආයතන ද ඇතුළත්ව ඕනෑම මූල්‍ය ආයතනයක් විසින් පවත්වාගෙන යන සියලුම ජංගම ගිණුම් පිළිබඳ තොරතුරු සහ ණය හා අත්තිකාරම් පිළිබඳ තොරතුරු ද ලබාදිය යුතුයි.

යම් තැනැත්තෙකු හෝ රජයේ ආයතනයක් විසින් මෙම නිවේදනයේ සඳහන් අප්‍රේල් 01 වන දිනට පෙර යම් තොරතුරක් පවත්වාගෙන ගොස් නොමැති නම් මේ වසරේ ජුලි 01 වනදා සිට එම තොරතුරු පවත්වාගෙන යාම ආරම්භ කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.