https://www.youtube.com/embed/Sq5Y3KqhOnw?si=HSSHR7oGLzdCMg2V” title=
Author: Supun
Georgia Buddhist Vihara in USA
https://www.youtube.com/embed/GJzW_YSSTLs?si=zRkOEgFherTVc5Hf” title=
අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත්වූවන්ට කඩිනම් සහන සලසන ලෙස ජනපතිගෙන් උපදෙස්
අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව ආපදා තත්ත්වය පහව යන තුරු සහන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසද උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට ද මේ වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
විජයදාස රාජපක්ෂට වාරණ නියෝගයක් නිකුත් කෙරේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම සහ එම පක්ෂයේ සාමාජිකයෙක් වශයෙන් පෙනී සිටීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය තවත් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ලසන්ත අලගියවන්න විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
අමාත්‍ය විජයදාස රාජපක්ෂට මීට පෙරද තවත් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණා.
OnmaxDT වංචාවට හසු වූ 61,000කට වසර 2ක් තුළ මුදල් ගෙවීමට පියවර ගන්නා බව අධ්‍යක්ෂවරුන් දැනුම්දෙයි
OnmaxDT පිරමීඩ යෝජනාක්‍රමයට හසු වී මේ වනවිට මුදල් අහිමිව සිටින තැන්පත්කරුවන් 61,000කට එම මුදල් වසර දෙකක් තුළ ගෙවා අවසන් කිරීමට පියවර ගන්නා බව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් අද (28) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.
අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මේ බව දැනුම්දී තිබෙනවා.
තම සමාගමට අදාළ බැංකු ගිණුම් මේ වනවිට අධිකරණය විසින් තහනමට ලක් කර තිබෙන බවත්, එම තහනම ඉවත් කරන්නේ නම් වසර දෙකක් තුළ අදාළ මුදල් තැන්පත්කරුවන්ට නැවත ගෙවා අවසන් කිරීමට හැකි වනු ඇති බවයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ.
විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර අදාළ මුදල් නැවත ගෙවීමේ වැඩපිළිවෙළක් සකස්කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඉන් අනතුරුව අදාළ බැංකු ගිණුම් තහනම් ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය කරුණු සලකා බලන බවත් මහෙස්ත්‍රත්වරයා විත්ති පාර්ශ්වයට දැනුම්දී තිබෙනවා.
තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
තද සුළං සහ රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70ත් දක්වා වැඩි වන අතර එම ප්‍රදේශවල මුහුද ඉතා රළු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වෙන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3 දක්වා ඉහළ යා හැකි බවද සඳහන්.
අදාළ නිවේදනය පහතින්.

පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කරයි
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 8.5% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 9.5% ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමටයි තීරණය කර ඇත්තේ.
මෙයින් අදහස් වන්නේ, මහජනතාව බැංකුවල මුදල් තැන්පත් කිරීමේදී ලැබෙන පොලී අනුපාතිකය සහ ණය ලබාගැනීමේදී ගෙවීමට සිදුවන පොලී අනුපාතිකය යන දෙකම දැනට පවතින මට්ටමවලම පවතින බවයි.
තව වසර දෙකකට ජනාධිපතිතුමාට රට බාර දෙන්න
තව වසර දෙකකට ජනාධිපතිතුමාට රට බාර දෙන්න
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් රංග බණ්ඩාර
තවත් වසර දෙකකට වැටුණු රට ගොඩ ගැනීම සඳහා ජනාධිපතිවරයාට බලය ලබා දීම සුදුසු යැයි එක්සත් ජාතික පක්ෂ මහලේ කම් රංග බණ්ඩාර මහතා කියා සිටිනවා
අද අපිට කෝට්ටේ සිරිකොත මන්දිරයේ පැවති ාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා එසේ පැවසුවා
, මම මේ පිළිබඳව මීට පෙර අදහස් දක්වද්දී සමහරු ව්‍යවස්ථාව ගැන කතා කරනවා පාර්ලිමේන්තුවක් තියෙන්නේ ඒකටයි ඕනෑම අවස්ථාවකදී ේ අවශ්‍යතාවය මත ව්‍යවස්ථාව වෙනස් කොට හෝ නැවත ආර්ථිකය ගොඩ එන තෙක් මේ ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදිය හැකියි මහ මැතිවරණයේදීද මා ජනමත විචාරණයක් පවත්වා න්න ඒ පිළිබඳව ක්‍රියා කිරීමට හැකියි රටේ ආර්ථිකයට ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් ඉතාමත් තද බරක් බවයි ඔහු පෙන්වා දෙන්නේ
මෙවැනි වාතාවරණයක න් සියලුම මන්ත්‍රීවරුන් එක්ව තීරණයක් ගැනීමත් යන මත විචාරණයකට යාමත් සුදුසු යයි ඔහු පෙන්වා දෙනවා
එසේ නොවී මැතිවරණ පවත්වා ට නැවත බංකොලොත්භාවයට පත් කිරීමට කිසිම අයෙකු කැමති වන්නේ නැහැ
ආණ්ඩු පත් කරන්න ගිය ජනතාවගේ වයස අඩුවෙන හැටි අනුර කියලා දෙයි…..
https://www.youtube.com/embed/GYfggOy3sZg?si=0Ei2I6RoMrgidEem” title=
වයස 85 රන් පදක්කම් 403 ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවයේ පෙන්නපු වැඩ…..
https://www.youtube.com/embed/EssqMVv6F0s?si=XbJLmxMRjk20OwLT” title=
