https://www.youtube.com/embed/QQbAgjjP-xo?si=y9-HRwQpZ5byK-AP” title=
Author: Supun
පෝය දිනට පමනක් දකින්න ලැබෙන හුරුළු වැවේ සුදු කිඹුලා….
https://www.youtube.com/embed/BzivVD5HZgU?si=Hdteh-onV-rg7sBs” title=
මාවනැල්ල නගරය නොසන්සුන් කරමින් පෙරහැර අවසානයේ කලබල වූ ඇතා….
https://www.youtube.com/embed/54luwRDkg5w?si=Lsbf-2cIMhxnx8Oc” title=
ඇකිලිලා තිබ්බ බෞද්ධ කොඩියට සිද්ද වුන දේ ජංගම දුරකථයක පටිගතවූ අපූරු දර්ශනය…
https://www.youtube.com/embed/fUKpDKMsqbI?si=Pf2__s1Utzx3x0WT” title=
අවුරා ලංකා සභාපති තාඹුගල ඇප මත මුදා හැරේ
රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගලව ඇප මත මුදාහැර තිබෙනවා.
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට අද (27) ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් සැක පිට අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.
කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන වාහන නවතා තැබීම ගැන දැනුම්දීමක්
කටුනායක ගුවන් තොටුපොළෙහි පැමිණීම් පර්යන්තය පිටත වාහන නවතා තැබීම ක්‍රමවත් කිරීම සඳහා ගුවන් තොටුපොළ සහ ගුවන්සේවා සමාගම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව රියදුරෙක් නොමැතිව වාහන එම ස්ථානයේ නවතා තැබීම තහනම් වන අතර, ආගමන ගුවන් මගීන් රැගෙන යෑමට පැමිණි වාහන අදාළ රථගාල් වල සිට නියමිත වේලාවට පමණක් පැමිණීමේ පර්යන්තය පිටතට පැමිණිය යුතු බවයි සඳහන් වෙන්නේ.
රියදුරු සහිතව ද පරිශ්‍රය තුළ වාහන තදබදයක් ඇතිවන පරිදි විනාඩි 30කට වඩා එම ස්ථානයේ ගැවසෙන වාහන සඳහා ගුවන් තොටුපොළ පරිශ්‍රයෙන් පිටතට යනවිට විශේෂ ගාස්තුවක් අය කරන බවයි ගුවන් තොටුපොළ සහ ගුවන්සේවා සමාගම සඳහන් කළේ.
විමල්, ගම්මන්පිල, වාසු හා දිලිත් එක්ව “සර්වජන බලය” නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අරඹයි
දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී “සර්වජන බලය” නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවා තිබෙනවා.
ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය මේ සඳහා ගිවිසුම්ගතවී ඇති බවයි වාර්තා වෙන්නේ.
“එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්” තේමා කරගත් මෙම දේශපාලන ව්‍යාපාරය පිහිටුවීමේ ලිඛිත ගිවිසුමට අද කොළඹදී අත්සන් තබා තිබෙනවා.
වෙසක් සමයේ ඉන්ධන පරිභෝජනය 50% කින් ඉහළට
වෙසක් පොහොයත් සමඟ ඇති වූ දීර්ඝ නිවාඩු සමය හේතුවෙන් ඉන්ධන පරිභෝජනය 50% කින් පමණ ඉහළ ගොස් ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව කොරෝනා සමයෙන් පසුව වැඩිම ඉන්ධන පරිභෝජනයක් සිදුවූයේ වෙසක් සමයේ බවයි එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න සඳහන් කළේ.
ඉන්ධන පිරවුම්හල් තුළ ප්‍රමාණවත් තොග පැවතීම හේතුවෙන් ජනතාවට අපහසුතාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකිවූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ප්‍රවීණ සංගීතඥ ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු වන ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු මියයන විට 67 වන වියේ පසු වුණා.
පෙරදිග අපරදිග සංගීත ශිල්පය ප්‍රගුණ කළ ආනන්ද පෙරේරා මහතා මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයෙකු ලෙස සැලකෙනවා.
ඉංගිරිය ප්‍රධාන පාසල් දෙකක් අතර මත්පෙති ජාවාරම් කරුවෙකුට මත් පෙති විකිණූ බෙහෙත් වෙළඳසැලේ හිමිකරු සහ ජාවාරම් කරු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය පවසයි.
2024-5-27
ගල්පාත චන්දන ජයලාල්
ඉංගිරිය ප්‍රධාන පාසල් දෙකක් අතර මත්පෙති ජාවාරම් කරුවෙකුට මත් පෙති විකිණූ බෙහෙත් වෙළඳසැලේ හිමිකරු සහ ජාවාරම් කරු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි බෙහෙත් අලෙවිසලේ පුද්ගලයා (53)සහා ඉංගිරිය වත්ත, ඉංගිරිය පදිංචි (25) හැවිරිදි පුද්ගලයෙකි.
මත්පෙති බේදා හරින ජාවාරම්කවෙකු විසින් ඉංගිරිය ප්‍රධාන පාසල් දෙකක් අතර පිහිටි බෙහෙත් වෙළඳ සැලකින් මත් පෙති ලබාගන්නා බවට ඉංගිරිය පොලිසියට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් දෙදෙනකු විසින් එම වෙළඳ සැලට යාබදව සූක්ෂමව රැක සිටිමින් ජාවාරම්කරු මත්පෙති ලබාගෙන ඉන් පිටවන අවස්ථාවේ පරීක්ෂා කිරීමේදී ඔහු සතුව දවටන වලින් ඉවත් කර වෙනත් දවටනයක වෙළඳසැලේ හිමිකරු විසින් වෙන වෙනම අසුරා සීල් කරන ලද මත් පෙති 10 සහ 15 ක් සොයාගෙන ඇත.
මද වේලාවකින් අදාල බෙහෙත් තලවිකරන වෙළඳසැල වෙත ගිය පොලිස් නිලධාරීන් විමසීමේදී පවසා ඇත්තේ මොවුන් ඉල්ලන නිසා එම පෙති වටනේ ඉවත් කර ඔහු විසින් සාදන ලද දවටනයක සීල් කර ලබාදෙන බවයි. ඉංගිරිය පොලිසියට පැමිණ කට උත්තරයක් ලබාදෙන ලෙස පවසා ඉන්පිටවී යන නිලධාරීන් තවත් සුළු වේලාවකට පසුව නැවත බෙහෙත් අලවිසැල වෙත යන අවස්ථාවේ යාබදව පිහිටි පොත් ලිපි ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳ සැලේ රාක්කයක් මත යම් බෑගයක් සඟවන ආකාරය පොලිස් නිලධාරින් දැක වහා පරීක්ෂා කිරීමට ලක් කිරීමේදී නිෂ්පාදන ආයතන දෙකකට අයත් මත් පෙති 314 සහ 122 වශයෙන් ද පෙති ඉවත් කරන ලද දවටන 3 ක්ද රෙදි බෑගය තුළ තිබී හමුවී ඇත. ඉන්පසු ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුනරුත්ථාපන නිලධාරී මහතා දැනුවත් කර පරීක්ෂා කිරීමෙන්ද මත්පැති බවට තහවුරු කර ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා ඉංගිරිය පොලිසිය මගින් අද (27) හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම වැටලීම ඉංගිරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රලාල් මහතාගේ උපදෙස් පරිදි පො.සැ.70153 මෙන්ඩිස් පො.සැ.35344 අමරසිංහ සිදුකර ඇත.

