https://www.youtube.com/embed/BzsdiOGxeLA?si=D4qi4MFFiQrwKHgl” title=
Author: Supun
රංගේ බණ්ඩාරගේ ජනමත විචාරන මුට්ටිය අරන් පිරිසක් සිරිකොත ඉස්සරහට යයි…..
https://www.youtube.com/embed/U2XvTrXdDAc?si=SGLwcnqNPL274VSo” title=
බුලත් කොලයත් ටෙලිෆොන් එකට හේත්තු වෙයිද ? තිලංගලා අළුත් පිමිමකටද ?
https://www.youtube.com/embed/M37jAGcKu84?si=gkweCNpuU7PzJy8W” title=
කොත්තු, රයිස් මිල රුපියල් 25 කින් පහළට
ගෑස් මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව අද (05) සිට බත් පැකට්, රයිස් සහ කොත්තු මිල රුපියල් 25කින් අඩු කිරීමට තීරණය කළ බවයි සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ.
එසේම අනෙකුත් කෙටි ආහාර වර්ගවල මිල සහ ටී, ප්ලේන්ටී මිල රුපියල් 10කින් අඩු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මෝදි සෙනසුරාදා දිවුරුම් දෙයි
ඉන්දීය මහ මැතිවරණයෙන් ජය ලැබූ නරේන්ද්‍ර මෝදි සිය තුන්වැනි ධුර කාලය සඳහා සෙනසුරාදා (08) දිවුරුම් දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව නව කැබිනට් මණ්ඩලය ද එහිදී දිවුරුම් දීමට නියමිතව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
භාරතීය ජනතා පක්ෂයට තනිවම බහුතර බලය හිමි නොවුණත්, භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට බහුතර බලය හිමිවීමත් සමඟ පිට පිට තෙවැනි වරටත් ෙමෝදි අග්‍රමාත්‍ය ධූරයට පත් වුණා.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පාසල් හෙට ආරම්භ වෙයි
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට (06) දිනයේ යළි විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව දැනට ගංවතුර තර්ජනයට ලක්ව ඇති සහ අවතැන් කඳවුරු සහිත පාසල් වසා තැබීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය කලාප අධ්‍යක්ෂකවරුන්ට පවරා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 30 ක් වාර්තා වෙයි
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මැයි මස 15 වනදා සිට මේ දක්වා පුද්ගල මරණ 30 ක් වාර්තාවී ඇති ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.
ඒ අනුව අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් පුද්ගලයින් 13,028 ක් මේ වන විට ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා ඇති බවයි.
එසේම අයහපත් කාලගුණයෙන් නිවාස 71 ක් පූර්ණ හානියට පත්ව ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
2023 (2024) අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද (05) සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කරුවන්ට ජූනි මස 19 වනදා දක්වා මේ සඳහා අයදුම් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අදාළ නිවේදනය පහතින්.

මියන්මාරයෙන් රුසියාවට ගිය සමගි සන්ධාන මන්ත්‍රී කණ්ඩායම රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟ සහ සෙන් පීටර්ස්බර්ග් කොන්සල් ජනරාල්වරයා සමඟ සාකච්ඡා ආරම්භ කරයි. රෝහල්ගත ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසීමට රෝහල් වෙතද යයි…
මාධ්‍ය නිවේදනයයි
මියන්මාරයෙන් රුසියාවට ගිය සමගි සන්ධාන මන්ත්‍රී කණ්ඩායම රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟ සහ සෙන් පීටර්ස්බර්ග් කොන්සල් ජනරාල්වරයා සමඟ සාකච්ඡා ආරම්භ කරයි. රෝහල්ගත ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසීමට රෝහල් වෙතද යයි…
රුසියාව ගොස් සිටින සමගි ජන සන්ධානයේ ජේ.සී. අලවතුවල, සුජිත් සංජය පෙරේරා සහ නීතිඥ වසන්ත යාපාබණ්ඩාර යන මන්ත්‍රී කණ්ඩායම ඊයේ(04) දිනයේදී රුසියානු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ගොස් රුසියානු යුක්රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කළේය.
එහි සඳහන් වන ආකාරයට දැනට විධිමත් තොරතුරු නොමැති වුවත් 1000 කට ආසන්න ශ්‍රී ලාංකික සෙබළුන් ප්‍රමාණයක් රුසියානු යුක්රේන යුද්ධයට සම්බන්ධව ඇති බව එම මන්ත්‍රීවරු සඳහන් කරයි. ඒ අතර දැනට සොල්දාදුවන් 220ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත නැවත යෑමට අවශ්‍ය බවට ඔවුන්ගේ තොරතුරු එම මන්ත්‍රීවරුන් වෙත ලබාදී ඇති බවත් එම මන්ත්‍රීවරුන් සඳහන් කළේය. එමෙන්ම රෝහල්ගත යුධ සෙබළුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් පහසුකම් ලබාදීම පිළිබඳවත්, අතුරුදහන් වූ හෝ මියගිය හෝ සොල්දාදුවන්ට අදාළ වන්දි මුදල් ඔවුන්ගේ ඥාතීන් වෙත ගෙවීම පිළිබඳවත්, මෙම සොල්දාදුවන්ගේ ගිවිසුම් කඩ කිරීම යටතේ තැරැව්කරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති සොල්දාදුවන් පිළිබඳවත් සාධාරණව මිත්‍රපාක්ෂික රටක් ලෙස රුසියානු රජයේ අවධානයට යොමු කරන ලෙස එම මන්ත්‍රීවරු පිරිස තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. මන්ත්‍රීවරුන් තිදෙනා රුසියානු ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟ දීර්ඝ වේලාවක් සාකච්ඡා කළ අතර රුසියානු රජයේ අවධානය මේ පිළිබඳව ලබාගෙන රාජතාන්ත්‍රික ආකාරයට එම සෙබලුන් යුදභූමියෙන් ඉවත් කරගැනීමටත්, නැවත ලංකාවට ගෙන ඒමටත් අදාල කටයුතු කඩිනමින් ඉටුකර ගැනීම පිළිබඳව තානාපතිවරයාගේ විශේෂ අවධානයට යොමු කළේය.
තවද එම මන්ත්‍රීවරුන් පෙරේදා(03) දින රුසියාවේ මොස්කව් නුවරට කිලෝමීටර 800ක් ඈතින් පිහිටි සෙන් පීටර්ස්බර්ග් නුවර S.M Kirov Military Medical Academy රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසා බැලීමට කටයුතු කළේය.
රුසියානු යුක්රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳව එම මන්ත්‍රීවරුන් කළ සොයාබැලීමේදී සොල්දාදුවන් 5ක් පමණ අතුරුදහන් වී හෝ මියගොස් ඇති බවත්, නිවෙස් සමඟ සම්බන්ධතා නොපවත්වන 70කට ආසන්න ප්‍රමාණයක්ද සිටින බවත් හඳුනාගෙන ඇත. ඊට අමතරවම රුසියානු යුක්රේන යුද්ධයේ ඉදිරිපෙළ සටන් වලදී තුවාල ලබා රෝහල්ගත කළ සොල්දාදුවන් 10ක් පිළිබඳවත් තොරතුරු සොයාගෙන ඇත. තවදුරටත් යුද කඳවුරු වල හෝ යුද භූමියේ සිටිනවා යැයි සිතන 220ක ප්‍රමාණයක් පිළිබඳව තොරතුරු සොයාබැලීමට මෙම මන්ත්‍රීවරුන් උත්සාහ දරා ඇත.
පසුව එම මන්ත්‍රී කණ්ඩායම සොල්දාදුවන් 220ක තොරතුරු ඇතුලත් වාර්තාවක් රුසියාවේ සෙන් පීටර්ස්බර්ග් කොන්සල් ජනරාල්වරයා වන Zakharian Vagram වෙත භාර දුන්නේය. ඒ අනුව ඔවුන් ඉල්ලා ඇත්තේ මෙම සොල්දාදුවන්ගේ ගැටළු විසඳා ශ්‍රී ලංකාවට නැවත ඒමට කැමැත්ත පළ කර ඇති අයට ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි.
මෙහිදී රුසියාවට රැගෙන ආ සොල්දාදුවන් වෙත ගිවිසුම්ගතව ප්‍රකාශ කළ වැටුප් නොගෙවීම, වන්දි නොගෙවීම ආදී පහසුකම් කඩකිරීම යටතේ, අසාධාරණයට ලක්වූ සොල්දාදුවන් වෙත අවශ්‍ය සහන ලබාදීමට මැදිහත් වන ලෙසද මන්ත්‍රීවරුන් පිරිස විශේෂයෙන් ඉල්ලීම් කර ඇත.
-මාධ්‍ය ඒකකය-
2024-06-05
ලාෆ් ගෑස් මිල පහළට
ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,
* 12.5KG ගෑස් – රු.160 කින් (නව මිල රු.3,680)
* 5KG ගෑස් – රු.65 කින් (නව මිල රු.1,477)
