https://www.youtube.com/embed/3zIrmQcAcd8?si=eQz7btwVZ650lhRO” title=
Author: Supun
රාජ්‍ය අනුග්‍රහය නැති පොසොන් උත්සවය වෙනුවෙන් මිහින්තලේ භික්ෂු භික්ෂුනීන් පින්ඩපාත චාරිකාවක…..
https://www.youtube.com/embed/bcE7P_2dEww?si=phCxGq4KoTKwU0H8″ title=
මේ ජනාධිපතිවරයා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරයායි..පොහොට්ටුවේ මන්ත්‍රී දොලවත්ත පිලිගනියි……
https://www.youtube.com/embed/3aNZN3zC8Kk?si=QNQDKK7UmfQfbyZx” title=
ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 15 ක් මරුට
ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙක් මියගොස් 60 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඩාර්ජිලින්ග් දිස්ත්‍රික්කයේදී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මගී ප්‍රවාහන අධිවේගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් බවයි සඳහන් වෙන්නේ.
අනතුරට ලක්වූ කන්චන්ජුන්ගා අධිවේගී දුම්රිය ඇසෑම් හි සිල්චාර් හි සිටි කොල්කටා බලා ධාවනය වෙමින් පැවති අතර, රන්ගාපානී දුම්රිය ස්ථානය ආසන්නයේදී මගී ප්‍රවාහන දුම්රිය පසුපසින් පැමිණි භාණ්ඩ ප්‍රවාහන දුම්රිය එහි ගැටී අනතුර සිදුව තිබෙනවා.
ආරෝපිත කුලී ආදායම් බද්ද සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් දැනුම්දීමක්
ආරෝපිත කුලී ආදායම් බද්ද සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගීතාව සහිතව ක්‍රියාත්මක වන විස්තීර්ණ මූල්‍ය පහසුකම වැඩසටහන සම්බන්ධව මෑතදී ප්‍රකාශයට පත්කළ ලියවිල්ලෙහි ‘ආරෝපිත කුලී ආදායම් බද්ද‘ ලෙස ක්‍රියාත්මක වීමට නියමිත, යෝජිත දේපොළ බද්ද පිළිබඳව දක්වා ඇති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.
මෙම බද්ද තුලින් අවධානය යොමු කර ඇත්තේ සාමාන්‍ය ආදායම් ලබන්නන් කෙරෙහි නොව, ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.
මේ පිළිබඳව ඇතැම් දුර්මත සහ වැරදි වැටහීම් පැතිර ගොස් ඇති බවයි මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ නිවේදනය පහතින්.

පොල්තෙල් මිල ඉහළට
පොල්තෙල් බෝතලයක මිල ඉහළ ගොස් ඇති බව පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
ඒ අනුව පොල්තෙල් බෝතලයක් රුපියල් 150 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි එම සංගමය ප්‍රකාශ කළේ.
මහා පරිමාණ පොල්තෙල් ආනයනයකරුවන් තොග සඟවා ගැනීම මෙලෙස මිල වැඩිවීමට හේතු වී ඇති බව එම සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අත්හිටවූ ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කෙරේ
මෝටර් රථයක් ගැටීම හේතුවෙන් පුපුරා ගිය ජල නලය අද (17) පස්වරුව වනවිට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.
මෙලෙස ජල නලය පුපුරා යාම හේතුවෙන් ඒ හේතුවෙන් ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශවල ජල සැපයුම සඳහා මෙලෙස ජල සැපයුමට බාධා එල්ල වී තිබුණා.
මේ වනවිට එම ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
කලටුවාව පවිත්‍රාගාරයේ ජල සම්ප්‍රේෂණ නළය පුපුරා ගොස් තිබෙනවා.
ඒ අනුව මේ හේතුවෙන් ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.
දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා
කොලඹ කොටුව සිට මහනුවර හරහා නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රිය ඊයේ (15) රාත්‍රියේ පිලි පැනීමට ලක්ව තිබෙනවා.
ඒ අනුව මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා එල්ලවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මේ මාසයේ මෙරටට පැමිණෙයි
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මේ මාසයේ කොළඹට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.
ඒ අනුව පුනර්ජනනීය බලශක්තිය, සංචාරක ව්‍යාපාරය සහ මහ බැංකු සහ මුදල් අමාත්‍යාංශයන් අතර මූල්‍ය සහයෝගීතාවයේ පවතින හවුල්කාරිත්වයන් සමාලෝචනය කිරීම මෙම සංචාරයේ අරමුණ බවයි පැවසෙන්නේ.
