ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගැන අධ්‍යයනය කිරීමට තේරීම් කාරක සභාවක් පත් කළ යුතුයි – ජනපති

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (18) පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ රීති ප්‍රශ්නයක් මතු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කුලී ආදායම් බද්ද, ඉහළ ශුද්ධ ආදායම් ලබන්නන් සඳහා පමණයි – ජනපති

පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවයි ජනාධිපතිවරයා අද (18) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

ඉංදීය සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතිරා එස් මැතිණිය නාමල් උයනේ සංචාරයක

v24-06-17
කැකිරාව කුෂාන් ජයවර්ධන

ගල්කිරියාගම ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් බැහැ දැක, ජාතික නාමල් උයනද නිරීක්ෂණය සඳහා ඉන්දියානු සහකාර මහකොමසාරිස් වෛද්‍ය අතිරා එස් මැතිණිය අද (17) කටයුතු කරනු ලැබුවාය.

ජාතික නාමල් උයන වෙත පැමිණි ඉන්දියානු සහකාර මහකොමසාරිස්වරිය, ජාතික නාමල් උද්‍යාන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් වෙත පිරිකර පූජා කරමින් උන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා නිධිය සහිත ජාතික නාමල් උයනේ පාරිසරික වටපිටාව නිරීක්ෂණයකට එක් විය.

ඉන් අනතුරුව ඉන්දියානු සහකාර මහකොමසාරිස් වෛද්‍ය අතිරා එස් මැතිණිය, වනවාසී රාහුල හිමියන් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.

එහිදී ඉන්දිය අගමැති ලෙස අඛණ්ඩව තෙවරක් තේරී පත් වූ නරේන්ද්‍ර මෝදි මහතාට සුභ පැතුම් එක් කරන බව වනවාසී රාහුල හිමියන් එම පිළිඳරේදී කියා සිටියේය, එසේම ඉංදිය නව අග්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝදි මහතා නැවත ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවකදී නාමල් උයන නැරඹීමට පැමිණෙන ලෙස ආරාධනා කර සිටින බව ද උන්වහන්සේ පැවැසූහ.

ශ්‍රී ලංකාවේ අසල්වැසියා වන ඉන්දියාව සමාජීය, ආර්ථක හා ආගමික වශයෙන්ද ලංකාවට බොහෝ සෙයින් වැදගත් රටක් බව ද වනවාසී රාහුල හිමියෝ මෙහිදී ඉන්දියානු සහකාර මහ කොමසාරිස්වරිය හමුවේ පැවැසූහ.

ලංකාවට ආර්ථික අර්බුද සඳහා මුහුණ දුන් සෑම අවස්ථාවකදීම මෙරට ජන ජීවිතය යථාවත් කර ගැනීමට ඉන්දියාව ලබා දුන් සහය ද මෙහිදී උන්වහන්සේගේ ඇගයීමට ලක්වූ අතර, ලංකාව සමඟ පවතින සම්බන්ධතා හා හිතවත්කම් ඉදිරියටත් වැඩි දියුණු කර ගනිමින් ලංකාවට සහය වන ලෙසද රාහුල හිමියෝ මෙහිදී ඉංදීය සහකාර මහ කොමසාරිස්වරියගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

ජාතික නාමල් උයන සංචාරයට එක්වූ ඉන්දීය සහකාර මහකොමසාරිස් වෛද්‍ය අතිරා එස් මැතිණිය වෙත විශේෂ සිහිවටන තිළිණයක් ද පිරිණැමීමට ද පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ මෙහිදී කටයුතු කළහ.

ඉපලෝගම නිවසක අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ සිරුරක්

24-06-17
කැකිරාව කුෂාන් ජයවර්ධන

අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් ඉපලෝගම ප්‍රදේශයේ නිවසක් තුල තිබී අද (17) සවස ඉපලෝගම පොලිසිය මඟින් සොයා ගෙන තිබේ.

ප්‍රදේශවාසියකුගෙන් ලද තොරතුරක් අනුව ඉපලෝගම පුංචිකුලම ප්‍රෙද්ශයේ නිවසක් තුල තිබී පොලිසිය එම මල සිරුර සොයා ගෙන තිබේ.

මිය ගොස් ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි වයස අවුරුදු 32ක් වන යතිනුවර අමුණුපුර බනනවත්තේ ගෙදර ඉරේෂා මදුමාලි නමැති තිදරු මවක බව පොලිසිය කියයි.

ඇය සහ ඇයගෙ එක් දරු‍වෙකු පමණක් මෙම නිවසේ සිට ඇති අතර සිද්දිය සිදුවන අවස්ථාවෙ එම නිවසේ කිසිවකුත් සිට නැති බව සිදුකළ මූලික විමර්ශණවලදී අනාවරණය වී ඇතැයි ද නිවසේ දොරවල්ද සාමාන්‍ය පරිදි විවෘතව තිබූ බව පොලිසිය කියයි.

එම නිවසේ සාලයේ ඇති මළ සිරුරේ ඉනෙන් පහළ කොටස බිම වැතිරි ඇති අතර මළ සිරුරේ කඳ හා හිස කොටස සාරියකින් අඹරූ ලණුවක් ආධාරයෙන් නිවසේ වහළයේ එල්ලෙමින් පවතී.

පවතින තත්වය අනුව මෙය ඝාතනයක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න මෙතෙක් නිෂ්චිව හඳුනා ගැනීමට නොහැකි ව ඇති බව පොලිසිය කියයි.

අනුරාධපුර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව ඉපලෝගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරමින් සිටී..

කළුතර සංගීත සංදර්ශනයකදී 20 හැවිරිදි තරුණයාට අත්වුන ඉරණම..දෙමව්පියන්ගේ ඉවසා ගනු බැරි වේදනාව …..

https://www.youtube.com/embed/ZvEILV4HT4s?si=g8JFx3q5HYkV5Xn4″ title=

ආශිර්වාද ගන්නට පැමිනි දමිල දරුවන් පිරිසක් වෙනුවෙන් මිහින්තලේ හිමියන්ගේ වැටුනු කදුළු….

https://www.youtube.com/embed/eT1nrMiqnm0?si=LyT7SoiwQLXy6tZY” title=

“මමයි පරිසර ඇමති මොකක්ද වෙන්න ඔනේ” ජනපති නිළධාරීන්ට ආයෙත් පාඩම් උගන්නයි…..

https://www.youtube.com/embed/AvYnqJT7cT0?si=rS_GWX6HEnvqWf8-” title=

අත්අඩංගුවට ගත් වල්ලපට්ටා ගසක මුල් කොටස බෙන්තොට පොලීසියේදී අතුරුදන් වෙයි..

https://www.youtube.com/embed/ydZJXCmeEuo?si=-iriPClRBpEY3yXj” title=

විවාදේ ඉවරයි දැන් පොඩි ලමයි ඉස්සරහ කතා කියන්න එපා නලින්ද සජිත්ට කියයි…..

https://www.youtube.com/embed/pvewnJ6I5Rs?si=pQkKkHdG3-dRff4R” title=