විභාග දෙකක් සඳහා අදාළ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 / 2021 (2023) සහ උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය 2022 (2023) යන විභාගයන් හි ප්‍රතිඵල ඊයේ (14) නිකුත් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ.
www.doenets.lk හා www.results.exams.gov.lk යන වෙබ් අඩවි වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන්ද විභාග ප්‍රතිඵල ලබාගත හැකි බවද එම නිවේදනයේ සඳහන්.
කල්‍යාණි සංඝ සභාවේ මධ්‍යම පළාත් උප ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ අපවත් වෙ..
ශයාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ මධ්‍යම පළාත් උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති සද්ධර්ම වාගීෂ්වරාචාර්‍ය සිරිනිවාස මෑතගම සෝභිතාභිධාන නායක ස්වාමීන් වහන්සේ (15) දින අපවත් වී වදාළය.
1949 වසරේ දෙසැම්බර් 14 දින ජන්මලාභය ලැබූ උන් වහන් අපවත් වන විට 75 වන වියේ පසුවූහ ,
උන්වහන්සේ ශයාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ මධ්‍යම පළාතේ උප ප්‍රධාන සංඝ නායක ස්වාමීන් වහන්සේ වශයෙන් අපවත් වන තුරුම කටයුතු කර ඇත ,
තවද නුවරඑළිය ශාන්තිපුර විද්‍යාලයේ දීර්ඝ කාලයක් හිටපු විදුහල්පති ස්වාමින් වහන්සේ වශයෙන්ද නුවරඑළිය දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරි වශයෙන්ද කොළඹ කිරුළපන බලපොකුණ පුරාණ රජමහා විහාරයේ විහාරවාසි , ශාන්තිපුර චේතියගිරි මහා විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ලෙසද කටයුතු කරමින් බෞද්ධ අබෞද්ධ සියලුම ජාතීන් අතර සංහිඳියාව ඇති කරමින් සියලුම ආගමික නායකයන් හට ආදර්ශවත් ස්වාමීන් වහන්සේ නමක් හැටියට කටයුතු කර ඇත ,
උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා ශාන්තිපුර චේතියගිරි විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන අඟහරුවාදා (18) දින උන්වහන්සේ විදුහල්පති ස්වාමීන් වහන්සේ හැටියට කටයුතු කළ නුවරඑළිය ශාන්තිපුර විද්‍යාලයේ ක්‍රීඩාංගනයේදී පස්වරුවේ සිදු කිරීමට නියමිත බව නුවරඑළිය ශාන්තිපුර චේතියගිරි විහාරස්ථානයේ විහාරස්ථ දායක සභාව සඳහන් කරයි .
https://www.youtube.com/embed/Fgl94qo92go?si=AI6thLJLBwzlQ-pm” title=
https://www.youtube.com/embed/PvemzEEVY2A?si=UXwQ40FhZbHZgI53″ title=
https://www.youtube.com/embed/JJIt6YPg5PU?si=0zxzjW_OdL-8xh6u” title=
https://www.youtube.com/embed/gVc9Bj5T8P0?si=935TUbV4wjlrvjbF” title=
https://www.youtube.com/embed/65qh6Zmsvho?si=fCfI2M_DORC8JjPH” title=
ජනමත විචාරණයකින් තොරව ඔක්තෝම්බර් 17 න් ඔබ්බට එක දවසක් හෝ ජනාධිපතිවරයාට බලයේ ඉන්න බෑ – පාඨලී
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අදාළ නිලධාරීන් වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා.
ලියාපදිංචි නොකළ බව කියන සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.