ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී නාවික සෙබළෙක් මරුට

ඩෙල්ෆ්ට් දූපත ආසන්න මුහුදේ නීතීවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී සිදුවූ අනතුරකින් නාවික හමුදා සෙබළෙකු මියගොස් තිබෙනවා.

උතුරු මුහුදේ නීතීවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවන ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාව විසින් මෙහෙයුමක් දියත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී ට්‍රෝලර් යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව පියවර ගෙන ඇති අතර එම අවස්ථාවේ නාවික හමුදා සෙබළෙකු යාත්‍රා දෙකට මැදි වී සිරවී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරට ලක්වූ නාවික හමුදා සෙබළා ගොඩබිම වෙත රැගෙනවිත් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති කිහිපයක් අදත් වෘත්තීය ක්‍රියාමාර්ගවල

ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති කිහිපයක් අද (25) දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වනවා.

ඒ අනුව ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ විද්‍යාත්මක නිලධාරින්ගේ සංගමය අද (25) සහ හෙට (26) අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.

එසේම රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෘත්තීය දීමනාවක් සහ ප්‍රවාහන දීමනාවක් ලබාදෙන ලෙස බලකරමින් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කරන බවයි එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි සඳහන් කළේ.

අධ්‍යාපන අනධ්‍යයන වෘත්තීය සමිති අද දිනයේ ද අසනීප නිවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන අතර ජාතික අධ්‍යාපන අනධ්‍යයන සේවා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරමින් එලෙස ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි සඳහන් වන්නේ.

අනධ්‍යයන වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූව ද රජයේ සියලුම පාසල් අද දිනයේ ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

කලාවැවේ ඉපැරැණි පිටවාන පාදම අසල ගල්තලාව මතුපිට සිදුකර ඇති අනවසර කැණීම් සම්බන්ධයෙන් මූලික විමර්ශනය ක් ආරම්භ කිරීම ට පංච පුද්ගල කමිටුවක්..

2024/06/25

කලාවැවේ ඉපැරැණි පිටවාන පාදම අසල ගල්තලාව මතුපිට සිදුකර ඇති අනවසර කැණීම් සම්බන්ධයෙන් මූලික විමර්ශනය ක් ආරම්භ කිරීම ට පංච පුද්ගල කමිටුවක්..

කලාවැවේ ඉපැරැණි පිටවාන පාදම අසල ගල්තලාව මතුපිට සිදුකර ඇති අනවසර කැණීම් සම්බන්ධයෙන් මූලික විමර්ශනය ක් ආරම්භ කිරීම සඳහා වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ උපදෙස් මත විශේෂ කමිටුව ක් පත් කළ බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස මහතා ගේ සභාපතිත්වයෙන්, යුත් පංච පුද්ගල කමිටුවක් මේ සඳහා පත් කළ බව මහේන්ද්‍ර අබේවර්ධන මහතා කීය.

මෙම අනවසර කැණීම් සිද්ධිය හමුවේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කිසියම් නිලධාරියෙකු වගකීම් පැහැර හැර ඇතිබව ට සනාථ වුව හොත් ඔවුන් ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා සඳහන් කරයි.

ජනමාධ්‍ය කළමනාකරණය පිළිබඳව දෙසතියක වැඩමුළුව සඳහා ඉන්දියාවට පැමිණි ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් හා ජන මාධ්‍ය වෘත්තිකයන් උණුසුම් ලෙස පිළිගැනේ .

ආර්.එෆ්.එම්.සුහෙල් – ඉන්දියා හයිද්‍රාබාද් ප්‍රාන්තයේ සිට.
ජනමාධ්‍ය කළමනාකරණය පිළිබඳව දෙසතියක වැඩමුළුව සඳහා ඉන්දියාවට පැමිණි ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් හා ජන මාධ්‍ය වෘත්තිකයන් උණුසුම් ලෙස පිළිගැනේ .
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන කොළඹ හම්බන්තොට මහනුවර යාපනය යන සියලුම ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාල හරහා තෝරාගත් ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය වෘත්තිකයන් තිස් දෙනෙකු සඳහා ආචාර්ය එම්.සී.ආර් අධ්‍යාපන ආයතනයේ දී සති දෙකක කාලයක් පුරාවට පැවැත්වීමට සංවිධානය කර තිබෙන ජනමාධ්‍ය කළමනාකරණ පුහුණු පාඨමාලාව සඳහා සහභාගි වීමට දිවයිනෙන් (23) දහවල් 02.30 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පිටත් වූ කණ්ඩායම පස්වරු 04.30 හයිඩ්‍රාභාත් ගුවන් තොටුපලට ගුවන් තොටුපලට ළඟා වීමත් සමග එම්.සී.ආර් අධ්‍යාපන ආයතනයේ දී මෙම පිළිගැනීමේ වැඩසටහන සංවිධානය කර තිබිණ ,
උදෑසන යෝගා පුහුණුවත් සමග දින පහළොවක වැඩමුළුවක් වශයෙන් සංවිධානය කර තිබෙන මෙම වැඩසටහන දේශන ක්ෂේත්‍ර චාරිකා මෙන්ම ජනමාධ්‍ය හා සම්බන්ධ නොයෙකුත් ඉසව් රාශියක් සමග ඉතාමත් උද්යෝගිමත් අයුරින් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත ,
මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ජනමාධ්‍ය ආයතන අංශ ප්‍රධානීන් , රාජතාත්ත්‍රිකයන්ගේ හා ආණ්ඩුකාරවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන් මාධ්‍යවේදීන් හා නිදහස් මධ්‍යවේදින් තිස් දෙනෙකු සහභාගි කර ගැනීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කටයුතු කර ඇත ,
24 වන සඳුදා දින උදෑසන 10 .00 ට නිල වශයෙන් ආරම්භ වන මෙම වැඩසටහන එළඹෙන ජූලි මස හත් වන දින මෙම වැඩසටහන නිමා වීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන් කණ්ඩායම එදින සවස හයිඩ්‍රොපාත් ගුවන් තොටුපොළින් කොළඹ කරුණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමට නියමිතය .

“පිරිතටත් අත තිබ්බා එහෙනම්” කරණීය මෙත්ත සූත්‍රයට කල විකෘතියට මිහින්තලේ හිමියන් උත්තර දෙයි….

https://www.youtube.com/embed/Yjj3zWndd7c?si=i0it1el9kE2zqsvT” title=

රනිල් ජනතාවගෙන් අරන් එයාගේ වගේ බෙදනවා සජිත් ගැන දැන් අහන්න දෙයක් නැහැ – සුනිල් හදුන්නෙත්ති….

https://www.youtube.com/embed/mW2-qvCHyU8?si=U_419Mk0-EWM3XpP” title=

SL vs WI Women 1st T20: ශ්‍රී ලංකාවට කඩුලු 4 ක ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට කොදෙව් කාන්තා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 134 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ චමරි අතපත්තු කඩුලු 4 ක් හා ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශ්මි ගුණරත්න හා හර්ෂිතා සමරවික්‍රම ලකුණු 35 බැඟින් ලබා ගත්තා.‍ලකුණු පුවරුව පහතින්.

66792e7966aa0 66792e786f272

නායකත්වය සහ පක්ෂයේ වැඩපිළිවෙළ විවේචනය කළ ෆොන්සේකාට එරෙහිව විනය පියවර ගැනීමට තීරණයක්

සමගි ජන බලවේගයේ නායකත්වය සහ පක්ෂය විවේචනය කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පිළිබඳව ඉදිරියේදී සුදුසු විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ කළමනාකාරීත්වය සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වී ඉදිරි දින කිහිපය තුළ තීරණයක් ගැනීමට නියමිත බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී තමන්ට ප්‍රකාශයක් සිදු කිරීමට සමගි ජන බලවේගය වෙලාවක් වෙන් කර නොදීම හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ආණ්ඩු පක්ෂයෙන් වෙලාවක් ලබා ගනිමින්, පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ නායකත්වය සහ පක්ෂයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පළ කළා.

ජිල් බෝලයක්වත් ගහපු නැති උන් ක්‍රීඩාව ගැන කතා කිරීම සුදුසු නැහැ – හරීන්

තමා ක්‍රීඩා ඇමතිවීමෙන් පසුව පැවැත්වූ ක්‍රිකට් තරග 12 න් 7 ක්ම ජයග්‍රහණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ලෝක කුසලානයේදී තරග දෙකක් පමණක් පරාජය වූ බවත් එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු බවයි අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

රටක් වශයෙන් ක්‍රිකට් කණ්ඩායමේ දරුවන්ට උදව් කළ යුතු බවත්, සමාජ මාධ්‍ය හරහා මඩ ප්‍රහාර එල්ල කරමින් ජිල් බෝලයක් හෝ ගසා නොමැති පුද්ගලයින් ක්‍රීඩාව ගැන කතා කිරීම සුදුසු නොවන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එසේම ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් රාත්‍රී සමාජ ශාලාවල කාලය ගතකර ඇති බවට යමෙක් ප්‍රකාශ කරන්නේ නම්, එය ඔප්පු කර පෙන්වන්නැයි අභියෝග කරන බවයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.