ජුලි 01 සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර කාලය වසරකින් දීර්ඝ කෙරේ

ජුලි 01 වැනිදා සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර වල කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා.

E පාස්පෝර්ට් ලබාදිමේ අරමුණින් එම තීරණය ගත් බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ.

නොවැම්බර් මාසයේ සිට E පාස්පෝර්ට් නිකුත් කිරීම ඇරඹෙන බවත් සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර හිමියන් කඩිනමින් E පාස්පොර්ට් ලබාගන්නා ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.

සාමාන්‍ය පෙල විභාග ප්‍රථීඵල අපේක්ෂාවෙන් සිටි පාසැල් සිසුවෙකු විදුලි සැර වැදීමෙන් මිය යයි.

24-06-25
කැකිරාව කුෂාන් ජයවර්ධන
සාමාන්‍ය පෙල විභාග ප්‍රථීඵල අපේක්ෂාවෙන් සිටි පාසැල් සිසුවෙකු විදුලි සැර වැදීමෙන් මිය යයි.
==============================

ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රෙද්ශයේ දී සිදුව ඇති විදුලි සැර වැදීමකින් 17 හැවිරිදි පාසැල් සිසුවකු අද (25) සවස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ සෙනවිරත්න මුදියන්සේලාගේ පසිදු කාංචන බංඩාර නමැති 17 හැවිරිදි පාසැල් සිසුවෙකි. ගල්කිරියාගම දික්වැනාගම ප්‍රදේශයේ පදිංචි ඔහු සහෝදරයින් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් සහෝදරයා වේ. මිය ගිය සිසුවා ආඬියාගල නවෝද්‍යා ජාතික පාසැලේ 11 වන වසරේ ඉගෙනුම ලැබ ඇති අතර එම සිසුවා ඉකුත් දා පැවැති අ.පො.ස සාමාන්‍ය පෙල විභාගයට පෙනි සිට ප්‍රතිපල අපේක්ෂාවෙන් සිටි අයෙකුද වේ. මිය ගිය සිසුවා ඉගෙනීමට මෙන්ම ක්‍රීඩා ඇතුලු විෂය භාහිර ක්‍රියාකාරකම් වලදී ද දක්ෂතා පෙන්වා ඇති සිසුවෙකි.
සිය නිවස පිහිටි ගෙවත්තට පැමිණෙන රිලවුන් පලවා හැරීම සදහා ගෙවත්තේ සවිකර තිබූ ගුවන්විදුලි යන්ත්‍රයකට සපයා තිබූ විදුලි වරයක ඇති වූ දෝශයක් සැකසීම සදහා කටයුතු කරමින් සිටි අවස්ථාවේ එම සිසුවා මෙලස විදුලි සැර වැදීමට ලක්ව ඇතැයි පොලිසිය කියයි. විදුලි සැර වැදීමෙන් අනතුරටපත් සිසුවා ප්‍රතිකාර සඳහා කඩිනමින් ආඬියාගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට එම දෙමව්පියන් හා අසල්වැසියන් එක්ව කඩිනමින් කටුයුතු කර තිබිණ. එහිදී අසාධ්‍ය තත්වයේ පසුවූ එම සිසුවා දඹුල්ල රෝහලට මාරු කර යැවීමට එම වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණ ද එම අවස්ථාවේ ගිලන්රථය නොතිබීම හේතුවෙන් හා වෙනත් ගිලන් රථයක් සොයා ගැනීම සදහා පැවැති අපහසුතාවයක් හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් එම රෝහලේදීම ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරු පියවර ගෙන තිබිණ. පසුව වෙනත් ගිලන්රථයක් ගෙන්වා අසාධ්‍ය තත්ත්වයේ සිටි එම සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරු කර යැවීමට ආඬියාගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරු පියවර ගෙන තිබිණ. විදුලි සැර වැදීමෙන් බරපතළ තත්වයේ පසුවූ එම සිසුවා දඹුල්ල දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මිය ගිය සිසුවාගේ දේහය මේ වනවිට දඹුල්ල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හෙට(26) දිනයේ එම මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂනයක් පැවැත්වීමට නියමිත බව පොලිසිය කියයි.
සිද්දිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

කලාවැවේ ඉපැරැණි පිටවාන පාදම අසල ගල්තලාව මතුපිට සිදුකර ඇති අනවසර කැණීම් සම්බන්ධයෙන් මූලික විමර්ශනය ක් ආරම්භ කිරීම ට පංච පුද්ගල කමිටුවක්..

2024/06/25

කලාවැවේ ඉපැරැණි පිටවාන පාදම අසල ගල්තලාව මතුපිට සිදුකර ඇති අනවසර කැණීම් සම්බන්ධයෙන් මූලික විමර්ශනය ක් ආරම්භ කිරීම ට පංච පුද්ගල කමිටුවක්..

කලාවැවේ ඉපැරැණි පිටවාන පාදම අසල ගල්තලාව මතුපිට සිදුකර ඇති අනවසර කැණීම් සම්බන්ධයෙන් මූලික විමර්ශනය ක් ආරම්භ කිරීම සඳහා වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ උපදෙස් මත විශේෂ කමිටුව ක් පත් කළ බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස මහතා ගේ සභාපතිත්වයෙන්, යුත් පංච පුද්ගල කමිටුවක් මේ සඳහා පත් කළ බව මහේන්ද්‍ර අබේවර්ධන මහතා කීය.

මෙම අනවසර කැණීම් සිද්ධිය හමුවේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කිසියම් නිලධාරියෙකු වගකීම් පැහැර හැර ඇතිබව ට සනාථ වුව හොත් ඔවුන් ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා සඳහන් කරයි.

මාලිමාවේ ආණ්ඩුව ආපු දවසෙම රෑට ඇහෙන ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල දෙක ගැන කියන සමන්ත විද්‍යාරත්න….

https://www.youtube.com/embed/JmiJWsA1gUI?si=ZWTLp7pYd3jkOcXk” title=

පොසොන් පොහොයට විශේෂ රාජකාරී කරපු පොලිස් නිළධාරියාගේ ගෙදරට පැන්න හොරු…..

https://www.youtube.com/embed/3XnDPayE03g?si=TPgIQKf0JE8V9Y2n” title=

කලාවැව පිට වාන ආසන්නයේදී ඉකුත්දා සිදුකර ඇතැයි කියන නිධන් කැනීම ගැන හොයන්න ආපු ගොවි සංවිධාන….

https://www.youtube.com/embed/9lMA_FSoxhs?si=j4JbCZTvsNUNgDsL” title=

ගමේ දරුවන්ට පුස්ථකාලයක් හදලා දෙන්න තොරණක් නිර්මානය කරපු බුලත්කොහුපිටියේ ආබාධිත ගුරුවරයා…..

https://www.youtube.com/embed/Fz1oj03RojA?si=mgQ5tA-5nIkzC9Yx” title=

අතුරුදහන්වූ තරුණයෙක්ගේ මවක් අළුත්කඩේ උසාවිය අසලදී කියපු සංවේදී කතාව…..

https://www.youtube.com/embed/ul-oIISRe5s?si=NDq6R4AJ_AsinAj0″ title=

උත්තර පත්‍ර සමීක්ෂණ ගාස්තු ඉහළ දැමීමට නිර්දේශ ලැබී තිබෙනවා – අධ්‍යාපන අමාත්‍යංශය

අ.පො.ස සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා ගෙවනු ලබන දීමනා ප්‍රතිශතයාත්මකව ඉහළ දැමීමට අනුකමිටු නිර්දේශය ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

තවද ගුරු සේවයේ ගුරුවරුන් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වු මොඩ්‍යුලර් ක්‍රමය වෙනුවට ගුරු වෘත්තීය සමිති දැනුවත් කර රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කරන ලද යෝජනාව කොමිසම විසින් සලකා බලා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කිරීමට නියමිතව තිබෙනවා.

හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය

හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කළමනාකාරිත්වය යටතේ මෙහෙයවනු ලබන හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව එම ගුවන්තොටුපොළ සඳහා ප්‍රධාන සැලැස්ම සකස් කිරීම සහ ඊට අදාල අනෙකුත් කාර්යයන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම සහ මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනවල නියෝජිතයින්ගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.

එම කමිටුවේ නිර්දේශ පරිදි හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ අංග සම්පූර්ණ ගුවන්තොටුපොළක් වශයෙන් සංවර්ධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති සහ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

667a7974d6745