ජනපති බදාදා ජාතිය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වනදා ජාතිය ඇමතීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂ ජාතික ලේකම් රවී කරුණානායක පවසනවා.

ණය ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කිරීමට නියමිත බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

එසේම තවත් දින 105 කින් මැතිවරණයක් පැවැත්වෙන බවත්, ඒ සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ක්ෂේත්‍ර කිහිපයක සේවකයින් අද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල

වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ක්ෂේත්‍ර කිහිපයක සේවකයින් අද (24) සිට විවිධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා පාසල්වල අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් අද සිට ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමයේ ලේකම් අජිත් කේ. තිලකරත්න සඳහන් කළේ.

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක අතර වැඩ වර්ජනයේ නිරත විශ්ව විද්‍යාල අන්‍යධන සේවකයින් සහ රාජ්‍ය වැටුප් කමිටුව අතර සාකච්ඡාවක් හෙට (25) පැවැත්වීමටද නියමිතව තිබෙනවා.

එසේම සිය ගැටලුවලට විසදුම් නොලැබෙන්නේ නම්, අනිද්දා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට සූදානම් බව විදුහල්පති සේවා සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ සඳහන් කළා.

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව හෙට (25) හා අනිද්දා (26) දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව එම කමිටුවේ විධායක සභික සම්පත් දේශප්‍රිය සඳහන් කළා.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයද ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට හා අනිද්දා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට සූදානම්ව සිටින අතර, රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උදුගොඩ සඳහන් කළේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් නොලැබීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

LTTE තහනම තවදුරටත් පවත්වාගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කරයි

LTTE තහනම තවදුරටත් පවත්වාගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව විදේශ අමාත්‍ය අලි සබ්රි සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.

දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය හෙවත් TGTE ය විසින් LTTE තහනම ඉවත් කරන ලෙස ඉල්ලා එම අභියාචනය ඉදිරිපත් කර තිබුණා.

ජයග්‍රාහී බලාපොරොත්තු එක්ක එංගලන්තයට යන ශ්‍රී ලංකා 19 පහල ක්‍රිකට් කන්ඩායම….

https://www.youtube.com/embed/0KrnDCsOb5U?si=rSfByq90SQuInSGI” title=

තිස්ස අත්තනායකගෙන් රාජිතට ටොක්කක් ෆොන්සේකාවත් අමතක නොකරයි….

https://www.youtube.com/embed/-_v0tWFMLyk?si=9DZAJaSQxrR7x1Zg” title=

හිටපු ජනාධිපති සිරිසේන කිව්වේ අමූලික බොරුවක් – කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන්….

https://www.youtube.com/embed/vGjGrXZmMio?si=G95Ryfn3q26J3Nmh” title=

මුදල් අගහිගකම් නිසාවෙන් බොදවෙන්නට නියමිත ගමේ දරුවන් තිදෙනෙක්ගේ සිහින……

https://www.youtube.com/embed/994cX-waN1E?si=O2U7oSXHABk1FA5p” title=

සංස්පර්ශ 2024 – සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියේ කොළඹ දිස්ත්‍රික් තරග අවසන් වෙයි

සමස්ත ලංකා පාසල් මාධ්‍යවේදීන්ගේ සංසදය විසින් සංවිධානය කරන ‘සංස්පර්ශ 2024’‍, සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියේ කොළඹ දිස්ත්‍රික් තරග අද (23) අවසන් වුණා.

අද කොළඹ D.S සේනානායක විද්‍යාලයේදී පැවති මූලික වටයේ තරග සඳහා කොළඹ දිස්ත්‍රික්කය නියෝජය කරමින් තරගකරුවන් 2500 කට අධික පිරිසක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ‘සංස්පර්ශ 2024’‍, සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියේ මීළඟ අදියර මහනුවර දිස්ත්‍රික්කයේ කිංස්වුඩ් විද්‍යාලයේ දී ජුනි 29 වනදා පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය වෙරළාරක්ෂක බලකායෙන් මෙරටට අමතර කොටස් තොගයක්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බළකායට අයත් සුරක්‍ෂා නෞකාවට අවශ්‍ය අමතර කොටස් ලබාදීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් Sachet නෞකාව කොළඹට පැමිණ තිබෙනවා.

ඉන්දීය රජය විසින් ප්‍රදානයක් ලෙස මෙම අමතර කොටස් තොගය  ලබා දී ඇති අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.2 ක් බවයි සඳහන් වන්නේ.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා විධිමත් භාරදීමේ උත්සවයක් පැවැත්වුනු අතර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා නාවික හමුදාපති, සහ දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වුනා.