ක්ලබ් වසන්තගේ දේහය ඥාතීන්ට

ක්ලබ් වසන්තගේ දේහය ඥාතීන්ට
පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කළ වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය සහ මියගිය අනෙක් පුද්ගලයාගේ දේහය හෝමාගම මූලික රෝහලේ දී ඥාතීන්ට භාරදීමෙන් අනතුරුව මෘත දේහයන් පිළිබඳ අවසන් කටයුතු සඳහා රැගෙන ගිය බව හෝමාගම මූලික රෝහල පවසයි.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ නිර්මාණ සේවා මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වී සිටියදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකුගේ වෙඩි පහරින් ඊයේ(08) දා මියගිය අයගේ දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කෙරිණ.

මෙලෙස මියගිය කොළඹ 07 වෝර්ඩ් ප්ලේස් අංක 02 / සී හි පදිංචි රාජපක්ෂ අප්පුහාමිලාගේ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් (ක්ලබ් වසන්තගේ ) හා අතුරුගිරිය රතුවිලවත්ත අංක 709 / A / 197 හි පදිංචි විජේසූරිය ආරච්චිගේ නයන වාසුල විජේසුරිය (37) හැවිරිදි දෙදෙනාගේ දේහයන් ඥාතීන්ට භාර දුන් බව රෝහල පවසයි.

ඒ අනුව සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවකට රැගෙන ගිය අතර නයන වාසුල විජේසූරිය නැමැත්තාගේ දේහය ඔහුගේ නිවසට රැගෙන ගියේය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ජනප්‍රිය ගායන ශිල්පිනී කේ සුජීවා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ බිරිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රණීත් සෙනෙවිරත්න මහතා විසින් දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද(09) දා හෝමාගම මූලික රෝහලේ දී සිදු කර තිබුණි.

අයිතිකරුවෙකු නොමැති විදේශ රටක නිශ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සොයා ගෙන ඇතැයි කළුතර අපරාධ කොට්ඨාස නිලධාරින් පවසයි.

2024-7-10
ගල්පාත චන්දන ජයලාල්

අයිතිකරුවෙකු නොමැති විදේශ රටක නිශ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සොයා ගෙන ඇතැයි කළුතර අපරාධ කොට්ඨාස නිලධාරින් පවසයි.

මෙම ගිණිය විය හමුවී ඇත්තේ
බදුරලිය පොලිස් වසමේ මාරගහදෙනිය ලිපිනයේ ඇති පාළුවට ගොස් ඇති නිවසක් පිටුපස ගරා වැටී තිබූ පාවිච්චි නොකරන ලද වැසිකිලියක් අසල වල දමා තිබියදී සොයාගෙන ඇත.

කළුතර අපරාධ කොට්ඨාස නිලධාරින්ට (9) දින ලද තොරතුරකට අනුව පරීක්ෂා කිරීමේදී OESTERR – WAFFENFABRIKS – GES.STEYR මෙම ගිනි අවිය සොයාගෙන ඇත.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කළුතර අපරාධ කොට්ඨාස මගින් සිදු කරනු ලබයි.

රත්තරංගේ උත්සවයට ගිහින් ජනපති කියපු කතාවට හරිනිගෙන් සැර ප්‍රතිචාරයක්…..

https://www.youtube.com/embed/gqdbN3hz-qs?si=-QOjA621Cs4qCFkf” title=

“වැටුප් වැඩි කරනවා නම් වැට් එක වැඩි කරන්න වෙනවා” ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්චාවෙන් හෙලිවුන දේ…

https://www.youtube.com/embed/4PqzUeFRIPE?si=8pQvEyxMRnjk_e1-” title=

ක්ලබ් වසන්ත ඝාතනයට පැමිනි ඝාතකයන් පලා ගිය වෑන් රථය බුලත්සිංහල දමාගොස් තිබියදී හමුවෙයි….

https://www.youtube.com/embed/QytgMlD_1m8?si=SceccgswWe7UAgc4″ title=

රට කාපු සෙට් එකම ඉන්නේ රනිල් එක්ක – නලින්ද ජයතිස්ස

රට විනාශ කළ සියල්ලන්ම සිටින්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

කළින් දෙගොල්ලන් දෙකට බෙදී සිටියත් මේ වන විට සියලු දෙනා එකතුවී රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් වැඩ කරන බවයි ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.

ජනාධිපති ධූර කාලය සම්බන්ධයෙන් නඩුව පැවරූ ව්‍යාපාරික ලේනව පිටුපස සිටින්නේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ක්ලබ් වසන්ත ඝාතනයට සැකපිට Tattoo ආයතනයේ හිමිකරු ඇතුළු 6 ක් අත්අඩංගුවට

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර වෙඩිතැබීම සිදුවූ Tattoo ආයතනයේ හිමිකරුද සිටින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (08) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගල‌යෙක් මියගොස් තවත් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා තිබුණා.

මුහුදුබඩ මාර්ගයේ එක් මාර්ගයක් දුම්රිය ධාවනයට විවෘත වෙයි

මුහුදුබඩ මාර්ගයේ එක් මාර්ගයක් දුම්රිය ධාවන කටයුතු සඳහා සකස් කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

අද (09) උදෑසන පානදුර සිට කොළඹ මරදාන බලා ධාවනය වූ දුම්රියක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිලි පැනීමකට ලක්ව මුහුදුබඩ මාර්ගයේ දුම්රිය මාර්ග දෙකම අවහිරවී තිබුණා.

මේ හේතුවෙන් දුම්රිය ගමන් වාර 5 ක් අවලංගු වූ අතර සවස් වන විට දුම්රිය ගමනාගමන කටයුතු යථාතත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අස්වැසුම දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 සිට 30 දක්වා සිදු කෙරේ

“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 දා සිට 30 දක්වා සිදු කෙරෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙනවා.

පළමු අදියරේ සුදුසුකම් ලැබූ ලක්ෂ 18ට අධික පිරිසට අමතරව දෙවන අදියර සඳහා තවත් අයදුම්පත් 450,924 ක් ලැබී ඇති අතර ඒ අතරින් සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීම මෙම මාසය තුළ අවසන් කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

අස්වැසුම පළමු අදියර සඳහා 1,854,000ක්  සුදුසුකම් ලබා ඇති අතර ඒ සඳහා රුපියල් බිලියන 58.5ක මුදලක් රජය විසින් වෙන් කෙරුණා.

සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදුකෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දීම සිදු වනවා.

අදාළ නිවේදනය පහතින්.

668ceef19deaapdf_page_0