වැඩ වර්ජන දිනවල සේවයට පැමිණි රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීම් ලැබෙන අයුරු ගැන පැහැදිළි කිරීමක්

වෘත්තීය සමිති වැඩ වර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීම් ලැබෙන අයුරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැහැදිළි කිරීමක් සිදුකළා.

ඒ අනුව 3.1 ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 525කින්, 2 වන ශ්‍රේණියේ පළමු පංතියේ ගුරුවරයෙකුට රු 1,335ක වැටුප් වැඩිවීමක් ලබා දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම පළමු ශ්‍රේණියේ ගුරුවරුන් සඳහා රු 1,630ක වැටුප් වර්ධකයක් ලබාදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

රාජ්‍ය අංශයේ අනෙකුත් සුළු සේවකයින් හා අනෙකුත් අයටද, වැඩ කළ සියලුදෙනාටද මෙවැනි වැටුප් වර්ධකයන් ලැබෙන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

වසන්තගේ ඝාතනය මෙහෙයවූ අපරාධකරු ගැන පොලිස්පතිවරයා හෙලිකරපු දේ…..

https://www.youtube.com/embed/TidCnEa5Vvw?si=7kxv2F4zZva-Xy5U” title=

“ඇතුලේ එක මිනී පෙට්ටියයි එලියේ එක මිනී පෙට්ටියයි පටබැඳිමුල්ල ආදාහනාගාරයේ අය නොදන්න විදුලි විසන්ධිය..

https://www.youtube.com/embed/uwQY_zV2UBc?si=P_-VDEoxTm6MEyq1″ title=

ජනාධිපතිවරණයේ කාලරාමුව ගැන හෙට කල් තැබීමේ විවාදයක්

ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව සම්බන්ධයෙන් හෙට (11) පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (10) පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජනාධිපති ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබෙනවා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2), 62(2) සහ 83(ආ) යන ව්‍යවස්ථාවන්හි ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුවේ පවත්නා කාලය සම්බන්ධයෙන් අනනුකූලතාවක් පවතින බව නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එහි දී ඒ පිළිබඳව වන සැකය මඟ හරවා ගැනීමට සහ කවර හෝ අනනුකූලතාවක් ඉවත් කිරීමට “සා අවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “පස් අවුරුද්දක් ඉක්මවා” යන වචන ආදේශ කිරීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

668e532ad8808

අස්වැසුම රාජකාරීවලට සහභාගී වන ප්‍රාදේශීය ලේකම්වරුන් හා සහකාර ප්‍රාදේශී​ය ලේකම්වරුන්ගේ ගැටලු විසඳීමට පියවර

අස්වැසුම වැඩසටහනට අදාළ රාජකාරී ක්‍රියාත්මක කිරීමට පළමුව ප්‍රාදේශීය ලේකම්වරු හා සහකාර ප්‍රදේශීය ලේකම්වරු ඉදිරිපත් කරන ලද ගැටලු සඳහා විසඳුම් ගෙන ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව අස්වැසුම වැඩසටහනට අදාළව ප්‍රදේශීය ලේකම් සහ සහකාර ප්‍රදේශීය ලේකම්වරු කර ඇති දීමනාව සම්බන්ධ ඉල්ලීමට මේ වන විටත් මුදල් අමාත්‍යංශය මඟින් නිරවුල් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති බවත් එය ලැබුණු වහාම ගෙවීම් පිළිබඳ චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කර බවයි සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

668e532b1b2f3pdf_page_0

සවස දුම්රිය ගමන්වාර 30 ක් පමණ ධාවනය කරනවා – දුම්රිය සාමාන්‍යාධිකාරී

දුම්රිය ගමන්වාර 30 ක් පමණ අද (10) සවස ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. එස් මුදලිගේ සඳහන් කළා.

වර්ජනය මැද වුවද උදෑසන දුම්රිය ගමන් වාර 30 ක් පමණ ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවයි එසැණ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ.

කෙසේවෙතත් ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් තවදුරටත් වර්ජන ක්‍රියාමාර්ගයේ නිරතව සිටිනවා.

1990 සුවසැරිය පදනමට නොමිලේ ප්‍රදාන වශයෙන් ගිලන් රථ ලබා ගැනිමට කැබිනට් අනුමැතිය

පුර්ව රෝහල් ප්‍රතිකාර හා හදිසි රෝගි ප්‍රතිකාර සේවාවන් කඩිනමින් සලසා දීම සඳහා 2016 වසරේ දි ඉන්දීය රජයේ ප්‍රදානයක් යටතේ ඉන්දියාවේ පිහිටි TATA Sons (Pvt) Ltd ආයතනයෙන් ලබාගත් ගිලන් රථ 297ක් යොදාගෙන “1990  සුවසැරිය පදනම”ආරම්භ කර තිබෙනවා.

ශ්‍රි  ලංකා රජයෙන් ලබා දුන් ගිලන් රථ 25 ක් ද ඇතුළුව මේ වන විට ගිලන් රථ 322ක් මේ සදහා යොදා තිබේ. සුව සැරිය පදනමේ ඉලක්ක අනුව, කඩිනමින් සේවය ලබාදීම සදහා ගිලන් රථ 450 ක් හා උපස්ථ ගිලන් රථ 25ක් අවශ්‍ය බවත් දැනට ගිලන් රථ 150ක හිඟයක් ඇති බවත් හඳුනාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව TATA Sons (Pvt) Ltd ආයතනය විසින් ගිලන් රථ 50ක් නොමිලේ ප්‍රදානයක් වශයෙන් ලබාදීමටත්, ආසියානු සංවර්ධන බැංකුව විසින් ගිලන් රථ 45ක් ප්‍රදානයක් වශයෙන් ලබාදීමටත් එකඟතාව පළ කර තිබෙන බවද සඳහන්.

ඒ අනුව එකී “1990 සුවසැරිය පදනම” වෙත ලබා ගැනීම පිණිස අවශ්‍ය පියවර ගැනිම සඳහා සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

668e4de0dbcf9

වෘත්තීය සමිති බිය වැද්දුවොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරනවා – දුම්රිය ස්ථානාධිපතිවරුන්

දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියා‌ සේ සලකන බවට දුම්රිය සාමාන්‍යාධිකාරී විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ අනුව දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට මුවාවෙන් බිය වැද්දවීමට කටයුතු කරන්නේ නම්, දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා ගෙන යාමට කටයුතු කරන බවයි ඔවුන් පවසන්නේ.

එසේම අනෙකුත් වෘත්තීය සමිතිද එක් කරගනිමින් වෘත්තීය සමිති මර්දනයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා.

අදාළ නිවේදනය පහතින්.

668e300a787d2