ජනතා අරගලයට අදට වසර දෙකක් සපිරෙයි

පැවති ආර්ථික පීඩනය හමුවේ දස දහස් ගණනක මහජනතාව කොළඹට රැස්ව පොලිස් බාධක බිඳ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ඇරඹූ ජනතා අරගලයට අදට වසර දෙකක් සපිරෙනවා.

දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටි ශ්‍රී ලංකීය මහජනතාව දිගු ඉන්ධන පෝලිම්, ගෑස් පොලිම්, විදුලි කප්පාදු ඇතිවීමත් සමඟ දැඩි පීඩාවකට පත් වූ අතර එතැන් සිට රට පුරා එවක පැවති ආණ්ඩුවට එරෙහිව විරෝධතා ආරම්භ වුණා.

පසුව 2022 අප්‍රේල් මස 9 වන දා “Gota Go Home” යන සටන්පාඨය සහිතව කොළඹ ගාලු මුව‍දොර කේන්ද්‍ර කරගනිමින් අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ වූ අතර එය ප්‍රදේශ රැසක් පුරා ව්‍යාප්ත වෙමින් දහස් ගණනක් ජනතාව එයට සහයෝගය පළ කිරීමට කොළඹට පැමිණියා.

මේ අතර 2022 මැයි 9 වනදා ගාලු මුවදොර අරගල භූමියේ රැඳී සිටි අරගලයේ නිරත ජනතාවට ආණ්ඩුවේ පාක්ෂිකයින් පිරිසක් පහරදීමත් සමඟම රට පුරා උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, පැවති විරෝධතා තවදුරටත් උත්සන්න වෙමින් දේශපාලන වශයෙන් වෙනස්කම් රැසක් සිදු වුණා.

ඉන්පසුව “මුළු රටම කොළඹට” නමින් 2022 ජූලි 9 වන දා උදෑසන දස දහස් ගණනක් ජනතාව කොළඹට රැස්වී විරෝධතා ආරම්භ කළ අතර, ජනාධිපතිවරයාගේ නිල නිවසට යන පා ගමනක්ද ආරම්භ කරමින් බලකර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසයි.

පසුව එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා රටින් පලාගිය අතර ජූලි 15 වනදා කථානායකවරයා විසින් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය නිවේදනය කළා.

ඉන් අනතුරුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවති අතර, එහිදී මන්ත්‍රීවරුන් 134 කගේ ඡන්දයෙන් එවක අගමැති වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් පත් කරගැණුනා.

කොටුව දුම්රිය ස්ථානයේ පීලි පැනීමක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා

පානදුර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 09.35 ට මරදාන බලා ධාවනය වූ දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ඇතුලත් කිරීමේ දී පිලී පැනීමට ලක්වී තිබෙනවා.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ, මාර්ගයන් දෙකම අවහිරවී ඇති බවයි තොරතුරු වාර්තා වෙන්නේ.

මේ හේතුවෙන් අද දහවල් ධාවනය වන දුම්රිය කිහිපයක් අවලංගුවීමට හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කදිරවේලු කුගදාසන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

ත්‍රිකුණාමලය පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු සම්මුගම් කුගදාසන් මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා.

ඒ දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන්ගේ අභාවයෙන් පුරප්පාඩුවූ පාර්ලිමේන්තු අසුන සඳහායි.

පොලිස්පති, මුද්‍රණාලාධිපති සහ තැපැල්පති අද මැතිවරණ කොමිසමට කැඳවයි

ජනාධිපතිවරණයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා පොලිස්පතිවරයා රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා අද (09) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණයට අදාළ මූලික කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් අදාළ පාර්ශව මැතිවරණ කොමිසම වෙත කැඳවා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය ලබන 17 වන දිනෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවට හිමිවන අතර ඊට පෙර ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන මූලික කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

නාකියා දෙනිය කටුපොල් කර්මාන්තශාලාවේ මේ වන විට සියලු සේවකයන් වැඩ වර්ජනය ආරම්භ කර ඇත

නාකියා දෙනිය කටුපොල් කර්මාන්තශාලාවේ මේ වන විට සියලු සේවකයන් වැඩ වර්ජනය ආරම්භ කර ඇත එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ මාසික පඩි වාර්තාවට අදාළව වැටුප බැංකු ගත කිරීමට නොහැකි බව පවසා පාලන අධිකාරිය විසින් නැවත වැටුප් වාර්තා ඔවුන්ගෙන් ඉල්ලා සිට ඇත පරිසරය දූෂණය කරමින් අධික ලාභ ලබන කර්මාන්තශාලාවක් වන මෙය පවත්වාගෙන යන යෑමට පරිසර බලපත්‍රයක්වත් නොමැත වැටුප් සිද්ධියට අදාල නඩු ගොනු කිරීමට මෙම සමාගම නොමැති අතර ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන් රජ මඟුල් කනවාසේ දීමට නියමිතව තිබූ වැටුප නැවත අකුලා ගැනීමට පිඹුරුපත් සකසමින් සිටි එම නඩුව මෙම සමාගමට අදාළ නොවෙන එකක් බැවින් අධික ලෙස පරිසරය දූෂණය කරමින් ජල උල්පත් වලට කටු පොල් වතුර මුසුකරමින් ගාල්ලේ පානීය ජල පද්ධතියට පවා තර්ජනයක් වන ආකාරයට කටයුතු කරන මෙම සමාගම ට එරෙහිවකළ යුතු විරෝධතා දක්වමින් සේවක වැටුප වෙනුවෙන් පෙනී සිටීම අප යුතුකමකි

WhatsApp Image 2024-07-09 at 17.30.01 (1) WhatsApp Image 2024-07-09 at 17.30.01 (2) WhatsApp Image 2024-07-09 at 17.30.01 WhatsApp Image 2024-07-09 at 17.30.02

වයස අවුරුදු 19ක පාසල් සිසුවෙකුට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නුවරඑළිය ගාමිණී ජාතික පාසලේ විදුහල්පතිවරයා ගුරු මණ්ඩලයේ නියෝජනය කරන ස්වාමීන් වහන්සේලා දෙනමක් සහ ගුරුවරුන් දෙදෙනෙකු නුවරඑළියේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙරේ.

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
වයස අවුරුදු 19ක පාසල් සිසුවෙකුට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නුවරඑළිය ගාමිණී ජාතික පාසලේ විදුහල්පතිවරයා ගුරු මණ්ඩලයේ නියෝජනය කරන ස්වාමීන් වහන්සේලා දෙනමක් සහ ගුරුවරුන් දෙදෙනෙකු නුවරඑළියේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙරේ.
පසුගිය සතියේ උසස් පෙළ හදාරන ගාමිණී ජාතික පාසලේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකු වන් ගියන්ත කවිදු කොඩිකාර යන සිසුවාට පහර දීමක් සම්බන්ධයෙන් සිසුවාගේ දෙමාපියන් විසින් ඉකුත් තුන්වන (03) නුවරඑළිය පොලිස් ස්ථානය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකර තිබු අතර ඒ මත කරුණු විභාගයෙන් අනතුරුව අද (08) නුවරඑළිය ගාමිණි ජාතික පාසලේ විදුහල්පතිවරයා ගුරු මන්ඩලයේ නියෝජනය කරන පූජය සමිද්දි හිමි පඤ්ඤාරතන හිම චාමින්ද මදුශන්ක , සන්ජිව රත්නායක , සමිර ලක්මාල් යන ගුරුවරුන් ඇටුලු සැකකරුවන් 06 දෙනෙකු අද (08) දින අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය පව්සයි .
දෙමාපියන් විසින් පැමිණිල්ල සිදුකර ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2024 අපොස උසස් පෙළ විභාගය සඳහා ඇතුළත් මීමේ විභාග අයදුම්පත පිරවීමට පාසලට ගිය එය අවස්ථාවේ සිසුවාගේ කොණ්ඩය අධික ලෙස වැවී ඇති බව පවසා විදුහල්පතිවරයා පහර දුන් බවත් පහර කෑමෙන් වැළකීමට අත එසවීමේදී විදුහල්පතිවරයාට අත උස්සනවාද යනුවෙන් පවසා පාසලේ ගුරුවරු වශයෙන් කවත යුතු කරන හිමිවරුන් දෙපළ සහ අනෙකුත් ගුරුවරුන් තිදෙනා එක්ව සිසුවාට පහරදී රෝහල් ගත කර ඇති බවයි බවයි ,
උක්ත පැමිණිල්ල අනුව අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා ස්වාමීන් වහන්සේලා දෙනම ඇතුළු ගුරුවරුන් තිදෙනා (08) දින මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර සැකකරුවන් හය දෙනා සඳහා ලක්ෂය බැගින් වූ ශරීර ඇප 12ක් මත දැඩි ලෙස අවවාද කර දරුවාට කිසිසේත් බලපෑම් කිරීමක් සිදු නොකරන බවට උපදෙස් ලබාදී පහර කෑමට ලක් වූ දරුවා රෝහලෙන් ප්‍රතිකාර නිමකොට ඇති ඇති පදනම මත විදුහල්පතිවරයා ඇප මත නිදහස් කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාන්දනි මෙනවිය නියෝග කල බවත් එළඹෙන අගෝස්තු 26 වන දින නැවත නඩුව කැඳවීමටත් නියෝග කළ බව නුවරඑළිය පොලිසිය පවසයි.

“දැන්ම කියන්නැහැ කිව්වොත් නඩු දායි” වගා හානි කරන රිලව් ගැටළුවට කෘෂිකර්ම ඇමතිගෙන් අළුත් විසදුමක්….

https://www.youtube.com/embed/ucOZ-PP3j2w?si=5VhMKyy4ZC6Rg9v1″ title=

නිලාවෙලී වෙරලේදී සංචාරක මගපෙන්වන්නෙක්ගේ බෝට්ටුව ගිනි තබා විනාස කර දමලා….

https://www.youtube.com/embed/g50DbPL-q_0?si=L6x0EOE1yFC7PCv9″ title=

වසර පහළොවක් තම සෙවනේ ඇතිදැඩි වුන සුරතල් සුනඛයාටදැක්වූ අවසන් ගෞරවය…..

https://www.youtube.com/embed/7px6dn5MT14?si=Sb5-7ow-KcxmAwTJ” title=

“අපි බයත් නැහැ ණයත් නැහැ” බැසිල් රාජපක්ෂ ජනපතිගේ මූනටම කියයි…..

https://www.youtube.com/embed/JvXNDx9PnBw?si=xtbSvfn5ke6IzO3-” title=