කාර් එකෙන් එලිය ඇවිත් ගලෙන්බිදුනවැව නගරයම කැලඹුව නාග මාපිලා….

https://www.youtube.com/embed/Y6IPYm0iVz8?si=SmiNqICDaUwKdgvq” title=

ජනාධිපතිවරණයෙන් පසුව එක්කෝ මේ රට හැදෙයි නැත්නම් මකබෑවිලා යාවි” ඇමති අලි සබ්‍ර්රිගේ අපූරු උත්තරේ…..

https://www.youtube.com/embed/dbVP6tz-O60?si=pvNPBKbUYGgnF10Y” title=

නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය සමගි ජන බලවේගයට එක්වෙයි

නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.

ඔහු 2015 පැවැති මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙසත්, 2020 පැවැති මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙසත් ඉදිරිපත්ව තිබුණා.

නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය ශ්‍රී  ලංකාවේ, එක්සත් රාජධානියේ සහ හේග් හි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ වසර 24කට වැඩි පළපුරුද්දක් ඇති අයෙක් බවයි සඳහන් වෙන්නේ.

හිරුණිකාගේ ඇප ඉල්ලීම ගැන නීතිපතිගේ විරෝධතා ලිඛිතව භාරදෙයි

බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදාහරින ලෙස කර ඇති ඉල්ලීමට අදාළව නීතිපතිවරයා විසින් අද (11) සිය විරෝධතාව ලිඛිතව කොළඹ මහාධිකරණය හමුවේ භාරදී තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ අද (11) මෙම ඇප ඉල්ලීම කැඳවනු ලැබූ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා විසින් මෙම විරෝධතා භාරදී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇප ඉල්ලීම පිළිබඳ විභාගය මේ මස 15 වනදා සිදුකරන බවට විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයෙන් ඉවත් කිරීමේ ලිපි නිකුත් කළා – ප්‍රවාහන ඇමති

වෘත්තීය සමිති ත්‍රස්තවාදයට හිස නැමීමට රජය සූදානම් නොමැති බව ප්‍රවාහන අමාත්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කර ඇති අවස්ථාවක සේවයට වාර්තා නොකර වර්ජනය කළ සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (11) සිට සේවය හැර ගියා සේ සලකා ලිපි නිකුත් කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (11) අළුයම් කාලයේදී ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එහිදී ඉන්දීය ධීවර යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා ෙවෙනවා.

නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස නම් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඔහු පසුගියදා වැඩබලන නීතිපතිවරයා ලෙස අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම්දී තිබුණා.

දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කර ඇති වර්ජනය අද (11) දිනයේත් ක්‍රියාත්මක වනවා.

මේ හේතුවෙන් අද දිනයේද දුම්රිය ධාවනයට බාධා එල්ල විය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.