https://www.youtube.com/embed/jYyg3YvwyK0?si=p5E6kSFDPDRQ_fQb” title=
Author: Supun
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා (ක්ලබ් වසන්ත) ට උපන් ගමෙන් ලැබුන අවසන් ගෞරවය….
https://www.youtube.com/embed/P-U-tcq5P64?si=VmVPeHNOofQZjhnk” title=
එල්.ටී.ටී.ඊ ය භූගතව සගවා තිබූ ක බිම්බෝම්බ හා උන්ඩ පොලිස් විශේෂ කාර්ය බලකායට හමුවෙයි….
https://www.youtube.com/embed/FONNqTZkeek?si=TiI7KAb3JXwuD2U8″ title=
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීම මත – අධිකරණ ඇමති
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් මග පෙන්වීම මත පදනම්ව බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.
ඒ අනුව, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 ක් බවට නඩු තීන්දු කිහිපයක්ද ලබාදී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
අධිකරණය විහිලුවකට ගැනීමේ තත්ත්වයකට පත්ව ඇති බවයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.
A/L විභාගය සඳහා අයදුම්පත් යොමුකිරීමේ කාලය අදින් අවසන් වෙයි
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකිරීමේ අවස්ථාව අදින් (12) අවසන් වනවා.
ඒ අනුව යළිත් කිසිඳු හේතුවක් මත එම දිනය දීර්ඝ නොකරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
අභියාචනාධිකරණයට විනිසුරුවරු පත් නොකිරීමට එරෙහිව පෙත්සමක්
අභියාචනාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරු ධූර සඳහා පත්කිරීම් සිදු නොකිරීමෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපති නීතිඥවරයෙකු වන සේනක වල්ගම්පාය විසින් එම පෙත්සම ගොනුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව, එම පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එය විභාගයට ගැනීමට අද (12) අවසර ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
පොලීසියේ වැඩ නිසා පැටීගෙන් ඊළඟට ටොපිය කන්න වෙන්නේ ටැටූට – දයාසිරි
පොලීසිය සැකකරුවෙකු මාධ්‍ය ඉදිරියට ගෙනැවිත් ප්‍රකාශ ලබා ගැනීම හරහා අදාළ සැකකරුගේ ජීවිතයද අවධානමට ලක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
පොලීසියට කට උත්තරයක් ලබා ගැනීමට ක්‍රමවේදයක් ඇති බවයි අද (12) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ඒ අනුව අදාළ සැකකරු විසින් එම ප්‍රකාශය මාධ්‍ය ඉදිරියේ ලබාදීම හරහා පැටී නැමති පුද්ගලයාගේ ගොදුරක් ලෙස අදාළ සැකකරු පත්විය හැකි බවද ඔහු ෙපෙන්වා දෙනවා.
අදාළ සිදුවීමේ වෙඩි තබන දර්ශන සහ මෘත ශරීරයේ ඡායාරූප මාධ්‍ය මඟින් විකාශය කිරීම නිසා සමාජයම භීතියට පත්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් සඳහන් කළේ.
ජනාධිපතිවරණයක් පැවැත්වීම වළක්වන ලෙස නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමුකර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
එම සංශෝධනය ජනමත විචාරණයකට යොමුකළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීන්දු කර තිබුණද එය ජනමත විචාරණයකින් මේ දක්වා අනුමත වී නොමැති බවද පෙත්සම්කරු පෙන්වා දෙනවා.
එම සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත වී ජනාධිපතිවරයා ඊට අත්සන් තබා නොමැති නිසා එය නීතියක් වශයෙන් සැලකිය නොහැකි බවත් එසේ තිබියදී 19 වන සංශෝධනය තවදුරටත් නීතියක් වශයෙන් පිළිගෙන කටයුතු කිරීම වැරදි සහගත බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අතුරුගිරිය වෙඩිතැබීමට සම්බන්ධ පාපොච්චාරණයක් මාධ්‍යයට මුදාහැරීම පිළිබඳව විමර්ශනයක්
අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ පාපොච්චාරණය පොලිස්පති නියෝගවලට පටහැනිව මාධ්‍යයට මුදාහැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් ලබාදෙන ලෙස පොලිස් කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
ඒ අනුව ඊට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීම සඳහා එම වාර්තාව ලබාදෙන ලෙසයි කොමිසම නියෝග කර ඇත්තේ.
සති දෙකක් තුළ වාර්තාවක් ලබා දිය යුතු බවද අදාළ නියෝගයේ සඳහන් වන බවයි වාර්තා වන්නේ.
උදෑසන දුම්රිය ගමන්වාර රැසක් ප්‍රමාද වෙයි
අද (12) උදෑසන දුම්රිය ගමන් වාර රැසක ප්‍රමාදයන් සිදුව ඇති බව වාර්තා වනවා.
ඒ අනුව අද සවස් වන විට මෙම තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි වාර්තා වන්නේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කර තිබූ වර්ජනය ඊයේ අවසන් කිරීමට කටයුතු කර තිබූ අතර අද සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන බව නිවේදනය කර තිබුණා.
