https://www.youtube.com/embed/hmQXQay3cTk?si=nhcoNW1eN6OiUboo” title=
Author: Supun
මිහින්තලා පුදබිමේ මිහිදු මහා සෑයෙහි ධාතූන් වහන්සෙලා තැම්පත් කිරීම සිදුවුන දුර්ලභ දර්ශන පෙලක්….
https://www.youtube.com/embed/D7xaWK5iFNU?si=fA71rVofZk0MK4AI” title=
කතිර සටන : පරණ සෙල්ලම් පටන් අරගෙන
https://www.youtube.com/embed/CNgtEiTgIag?si=M5I25ynXgMOZnGjs” title=
අධික ලෙස දුම පිට කරන රථවාහන සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට WhatsApp අංකයක්
අධික ලෙස දුම පිට කරමින් මාර්ගයේ ධාවනය කරන රථවාහන සම්බන්ධයෙන් 070 3500 525 යන WhatsApp අංකයට පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතින බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදලෙහි අධ්‍යක්ෂ දසුන් ගමගේ සඳහන් කරනවා.
එවැනි රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බවද, වාහන බලපත්‍රය ලබා ගැනීමේ අරමුණින් පමණක් දුම් සහතිකය ලබා ගැනීම සිදු නොකරන ලෙසද ඔහු දන්වා සිටිනවා.
ව්‍යාජ උපක්‍රම ඔස්සේ දුම් සහතිකය ලබාගත්තත්, එම රථ වාහන මාර්ගයේ ධාවනය වන විට පොලිස් නිලධාරීන් සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිවයිනේ සියලුම ප්‍රදේශවලදී අදාළ පරික්ෂාවන් සිදු කරන බවයි අධ්‍යක්ෂවරයා පවසන්නේ.
අධික දුමක් පිටවන බවට නිරීක්ෂණය වුවහොත් අදාළ රථයේ හිමිකරුට විරුද්ධව නඩත්තු නියෝගයක් හෝ තහනම් නියෝගයක් ලැබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
ජනාධිපතිවරණ මුද්‍රණ කටයුතු වලට රුපියල් මිලියන 600-800ක් වැයවෙනවා – මුද්‍රණාලයාධිපතිනි
ජනාධිපතිවරණ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 600ත් 800ත් අතර මුදලක් වැයවනු ඇති බවත්, ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩු කළ හැකි බවත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසනවා.
තමන් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනී ලියනගේ සඳහන් කළේ.
මුද්‍රණය සඳහා අදාළ ලිපි ලේඛන ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලැබෙන බවත්, එසේ වුවත් මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා රාජ්‍ය නිලධාරීන්ගේ සංගණන පත්‍රිකා මේ වන විටත් මුද්‍රණය කර අවසන් බවත් මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළා.
මන්නාරම අදානි සුළං බල ව්‍යාපෘතියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්
අදානි සමූහ ව්‍යාපාරය විසින් මන්නාරම වෙඩිතලතිව් ප්‍රදේශයේ සුළං බලාගාරයක් ඉදිකිරීමට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අගෝස්තු මස 02 වැනි දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
මූලික නඩු විභාගයේදී වගඋත්තරකාර අදානි සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විරෝධතා සකස් කිරීමට අමතර කාලයක් ඉල්ලා සිටි අතර, ඒ අනුව සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා අධිකරණය ජුලි 22 දක්වා කාලයක් ලබා දෙනු ලැබුවා.
මධ්‍යම ආසියානු ගුවන් මග ඔස්සේ සංක්‍රමණික පක්ෂීන් සඳහා ශ්‍රී ලංකාව තීරණාත්මක ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස සේවය කරන බවත්, ශීත ඍතුවේ දී වාර්ෂිකව කුරුල්ලන් මිලියනයක් පමණ මෙම කලාපයට පැමිණෙන බවත් මෙම පෙත්සමෙන් අදාළ පෙත්සම්කරු අවධාරණය කර සිටිනවා.
පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශයක් වන මෙම කලාපය තෝරා ගැනීම සඳහා බලගතු විද්‍යාත්මක හෝ නිශ්චිත තාර්කිකත්වයක් නොමැති බවට ඔවුන් තර්ක කළ අතර, සුළං බලාගාර ව්‍යාපෘතිය සඳහා මන්නාරම තෝරා ගැනීම දේශපාලන හා බාහිර සාධකවල බලපෑමට ලක්ව ඇති බව පෙනී යන බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.
පොලිස් පරීක්ෂකවරයෙකුට බන්ධනාගාරය තුළදී තියුණු ආයුධයකින් පහරදීම ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග
බන්ධනාගාර ගත කර සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයෙකුට බන්ධනාගාරය තුළදී තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.
අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම සැකකාර පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි මහෙස්ත්‍රාත්වරයා විසින් බොරැල්ල පොලීසියට වැඩිදුරටත් නියෝග කර සිටියේ.
කැකිරාව තලාව මාර්ගයේ මහඉලුප්පල්ලම සිරික්කුලම ප්‍රදේශයේදී අද සවස සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියක ගමන්ගත් පුද්ගලයකු තුවාල ලබා ඇති අතර අනතුර වලක්වා ගැනීමට බස්රථයේ රියදුරු උත්සහ කර ඇති අතර එම අවස්ථාවේ බස් රථයද අනතුරට ලක්ව තිබිණ.
24-07-13
කැකිරාව කුෂාන් ජයවර්ධන
කැකිරාව තලාව මාර්ගයේ මහඉලුප්පල්ලම සිරික්කුලම ප්‍රදේශයේදී අද සවස සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියක ගමන්ගත් පුද්ගලයකු තුවාල ලබා ඇති අතර අනතුර වලක්වා ගැනීමට බස්රථයේ රියදුරු උත්සහ කර ඇති අතර එම අවස්ථාවේ බස් රථයද අනතුරට ලක්ව තිබිණ.
අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ යතුරු පැදියක් පුද්ගලික මගී පුවාහන බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි. කොළඹ සිට අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබූ බස්රථයක් මෙලෙස අනතුරට පත්ව තිබිණ.
අපරික්ෂාකාරී ලෙස ධාවනය වූ යතුරු පැදිය බස් රථයේ ගැටීමට ගිය අවස්ථාවේ බස් රථයේ රියදුරා විසින් එම අනතුර වලක්වා ගැනීම සදහා ක්ෂණිකව සිය බස් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවට ධාවනය කර ඇති අතර එහිදී එම ස්ථානයේ පිහිටි බස් නැවතුම්පලක් ද කඩාගෙන අසල ගෙවත්තකට බස්රථය කඩා වැදී තිබිණ.
අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ යතුරු පැදියද එම අවස්ථාවේ පෙරලී ගොස් ඇති අතර පෙරැලීගිය එම යතුරු පැදිය බස් රථයේ ගැටී ඇති බව පොලිසිය කියයි. මෙම අනතුරින් එම යතුරු පැදිය පැදවූ බව කියන 70 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා මේ වනවිට ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. ඔහු මහලුප්පල්ලම සිරික්කුලම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
බස්රථයේ රියදුරා අනතුර වලක්වා ගැනීමට කටයුතු කළ අවස්ථාවේ එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැනී හේතුවෙන් එම ස්ථානයේ තිබූ බස් නැවතුම්බලට බරපතළ හානි සිදුව තිබූ අතර එම අවස්ථාවේ එම බස් නැවතුම්පලේ කිසිවකුත් සිට නැති බැවින් ඉන් සිදුවීමට තිබූ තවත් බරපතළ ජීවිත අනතුරක් වැළකී ගොස් ඇති බව පොලසිය කියයි.ම කෙසේ වෙතත් මෙම අනතුරින් බස් රථයේ සිටි මගීන් කිසිවකුටද හානියක් සිදුව නොතිබිම විශේෂත්වයකි.
අනතුර සම්බන්ධයෙන් අදාළ යතුරු පැදිය හා අදාළ බස් රථය ඉදිරි විමර්ශණ සදහා ඉපලෝගම පොලිස් ස්ථානයෙ ්රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බස් රථයේ රියදුරද අනතුර සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
ඉපලෝගම පොලිස් ස්ථානය මගින් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්හණ ආරම්භ කර තිබේ.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මගපෙන්වීමෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි ක්‍රීඩකයින්ට රක්ෂණාවරණයක්.
2024.07.13
ප්‍රවෘත්ති අධ්‍යක්ෂ/ප්‍රවෘත්ති කර්තෘ/
ප්‍රවෘත්ති සංස්කාරක/ප්‍රවෘත්ති කළමණාකරු,
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මගපෙන්වීමෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි ක්‍රීඩකයින්ට රක්ෂණාවරණයක්.
ක්‍රීඩා, යෞවන කටයුතු සහ සංචාර, ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් අනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට පාසල් රග්බි ක්‍රීඩකයින් සදහා රක්ෂණාවරණයක් ලබා දීම සිදු විය. මෙය රග්බි ක්‍රීඩාවෙහි නියුතු පාසල්වල වයස අවුරුදු 19 න් පහළ සහ 16 න් පහළ වයස් කාණ්ඩවල රග්බි ක්‍රීඩකයින් හට හිමි වේ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා මෙම රක්ෂණාවරණය හිමි වේ.
ශ්‍රී ලංකා රග්බි විනිසුරු සංගමයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුගේ පුහුණුවීම් හා දක්ෂතා නංවාගැනීම සදහා මෙන්ම තාක්ෂණය වැඩි දියුණු කරගැනීම වෙනුවෙන් ගරු අමාත්‍යතුමාගේ මගපෙන්වීම යටතේ රුපියල් ලක්ෂ 50 ක මුල්‍යමය ප්‍රදානයක් සිදු කරන ලදි.
ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දීර්ඝකාලීන කැපවීමක් මත කොළඹ ඉසිපතන විද්‍යාලයට හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණය කැබිනට් පත්‍රයක් මගින් පැවරුණි. මෙම අවස්ථාවේ එය නිළ වශයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පාසල වෙත භාරදීම සිදු කරන ලදි.
පසුගිය වසරේ පාසල් රග්බි තරගාවලිය අතරතුර අනතුරට ලක්වූ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ එච්.අයි.සී. ද සොයිසා ක්‍රීඩකයා හට ලක්ෂ 10 ක මූල්‍යමය ප්‍රදානය සිදු කිරීමද මෙහිදී සිදු කෙරිණි.
මෙම පුවත ඔබ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ගැනීම සදහා අවශ්‍ය කටයුතු සළසා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තූතියි.
මාධ්‍ය අංශය
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය.
මාධ්‍ය නිවේදනය – පාසල් රග්බි ක්‍රීඩකයින්ට රක්ෂණාවරණයක්

“එයාද එයා ගේම් මාස්ටර්” ආණ්ඩුව උඩ යන්න අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී කියපු කතාව….
https://www.youtube.com/embed/v7JbIQr9Hzo?si=nnfZGBY8b2gXkLX0″ title=
