https://www.youtube.com/embed/l0-H469TqA0?si=3eYiDTM2kEQ4ozPc” title=
Author: Supun
අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ දී පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන ඇරඹෙයි
134 වැනි පුරාවිද්‍යා දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ දී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා.
එහිදී අනුරාධපුර මහා විහාර පරිශ්‍රය රුවන්වැලි සෑයට නැගෙනහිරින් පිහිටි කුජ්ජතිස්ස සෑයේ පිට ප්‍රාකාර සංරක්ෂණ කටයුතු, ථුපාරාම නැගෙනහිර ප්‍රධාන පිවිසුම් දොරටුවට ඉදිරිපිට පිහිටි පුරාණ ආරාමික ස්මාරක කලාපයේ ස්මාරක අංක 46 කැණීම් කටයුතු, ශ්‍රි මහා බෝධියේ දකුණු පිටත ප්‍රාකාරයට පිටතින් බටහිර නැගෙනහිර දිශානුගතව විහිදියන ප්‍රාකාරයේ සංරක්ෂණ කටයුතු, රුවන්වැලි මහා සෑය ආසන්නයේ ඇති පංචාවාස ගොඩනැඟිල්ලෙහි ස්මාරක සංරක්ෂණ කටයුතු, ජේතවන ස්ථූපයට ජල ප්‍රතිරෝධක සවි කිරීම, දෙවන සමාධි බුදු පිළිමයේ ගල් කණු සංරක්ෂණය කටයුතු ආරම්භ කිරීම මෙහිදී සිදු කෙරුණු බවයි සඳහන් වෙන්නේ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අතිරේක ලේකම් කේ. ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තුසිත මැන්දිස් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිට තිබෙනවා.
ධම්මික නිරෝෂන් ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
2002 වසරේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ධම්මික නිරෝෂන්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (18) පෙරවරුවේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පෙරේදා රාත්‍රියේ අම්බලන්ගොඩ කන්ද මාවතේ පිහිටි නිවස ඉදිරිපිටදී හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් වෙඩි තබා ඝාතනය කර තිබුණා.
ඥාණසාර හිමි ඇප මත මුදාහැරීමට නියෝග
බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදාහැරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව, අද (18) එම හිමියන් විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
“රන්දොර” උරුමය සින්නක්කර නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි
කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් 50,000කට සින්නකර ඔප්පු ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව, 2024 අයවැය යෝජනා මඟින් ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන සහ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරකට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නංවා තිබුණා.
ඒ අනුව මෙහි පළමු අදියර යටතේ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් 50,000කට සින්නකර ඔප්පු ලබාදීමට නියමිත අතර නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති නිවාස 937 ක් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති නිවාස 180 ක් ඇතුළු හිමිකම් ඔප්පු 1117ක් ප්‍රදානය කිරීම මෙලෙස සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
කිසිදු ආණ්ඩුවක් ක්‍රියාත්මක නොකළ මෙම විප්ලවීය වැඩපිළිවෙල රජය ආරම්භ කළේ රටේ ජනතාවට සහනයක් ලබාදීමට බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

තිස්ස අත්තනායක ගමන් ගත් ජීප් රථය අනතුරට ලක්වෙයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් ජීප් රථය අද (18) උදෑසන ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.
මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය සහ මෝටර් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
මෙම අනතුරින් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
දකුණු පළාත් ගුරු සේවයට බඳවා ගත් උපාධිධාරීන් 224 දෙනෙකුට පත්වීම්
දකුණු පළාත් ගුරු සේවය සඳහා බඳවා ගත් උපාධිධාරීන් 224 දෙනෙකුට පත්වීම් ප්‍රදානය දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබෙනවා.
උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ 04 වන අදියර යටතේ මෙම පිරිස සදහා පත්වීම් පිරිනැමුණු බවයි සඳහන් වෙන්නේ.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සදහා ගුරුවරුන් 35 දෙනෙකු වෙනුවෙන් පත්වීම් පිරිනැමීම ද මෙහිදී සිදුකර තිබෙනවා.
සිරකරුවන්ටත් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඉදිරි ජනාධිපතිවරණ සහ මහ මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන පහසුකම් සලසා දීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීමට මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සාමාජිකයෙක් වන සුදේශ් නන්දිමාල් ද සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
පුරාවස්තු හා පුරාවිද්‍යාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පුරාවිද්‍යා දෙසතියක්
මෙරට ඉතිහාසය පිළිබඳව ඇති දැනුම වියැකෙමින් යන මොහොතක, පුරාවස්තු හා පුරාවිද්‍යාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පුරාවිද්‍යා දිනය නිමිති කොටගෙන ‘පුරාවිද්‍යා දෙසතිය’ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.
මේ යටතේ, හෙට (18) සිංහපාදයේ කැණිම් සිදු කිරිම ආරම්භ කිරීම සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙම පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සංවිධානය කෙරෙනවා.
ඒ අනුව මෙම ‘පුරාවිද්‍යා දෙසතිය’ වැඩසටහන තුළින් සෑම පළාතකම සහ දිස්ත්‍රික්කයකම පුරාවිද්‍යා කාර්යාල හරහා පාසල් සිසු දරුවන්, රාජ්‍ය නිලධාරීන් සහ පුරාවිද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන කණ්ඩායම් සඳහා පුරාවිද්‍යාව, උරුම කළමනාකරණය, පුරාවස්තු ආරක්ෂා කර ගැනීම, එහි නෛතික පදනම පිළිබඳව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ සහ වැඩසටහන් සිදුකරන බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් සඳහන් කළේ.
මැතිවරණය ප්‍රකාශයට පත්කිරීම කල් යනවා නම් අපි තෝරගන්න කෙනාට එයාගේ වැඩ පෙන්නන්න තව අවස්ථාව ලැබෙනවා – ඉන්දික
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරන තුරු බලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.
ඒ අනුව මැතිවරණ කොමිසම විසින් දිනය ප්‍රකාශයට පත්කළ පසු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
යම් හෙයකින් මැතිවරණය ප්‍රකාශයට පත්කිරීම කල් යනවා නම්, සිය පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගැනීමට හා එම අපේක්ෂයාගේ යෝග්‍යතාව පෙන්වීමට ඔවුන්ට තවදුරටත් කාලය ලැබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
