ශ්‍රීලංකන් ගුවන් සමාගමට ලංසු කැඳවීම අත්හිටුවීමට තීරණය කෙරේ

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ අයිතිය පැවරීම වෙනුවෙන් ක්‍රියාත්මකව පැවති ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය සඳහන් කළේ, පසුගිය ජූලි 09 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි.

මෙම ලංසු කැඳවීමේ ක්‍රියාවලිය වෙනුවට විකල්ප ක්‍රමවේදයක් ඉදිරියේදී අනුගමනය කිරීමට රජය පියවර ගන්නා බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Microsoft Windows භාවිතා කරන ලොවපුරා පරිශීලකයින් රැසකට එකවර BSOD දෝෂය හටගනියි

Microsoft Windows භාවිතා කරන ලොවපුරා පරිශීලකයින් රැසකගේ Blue Screen of Death (BSOD) දෝෂය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව මෙම දෝෂය හේතුවෙන් ලොව පුරා සමාගම්, බැංකු සහ රජයේ කාර්යාල කිහිපයකට බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් Microsoft සමාගම සඳහන් කරන්නේ මෑත කාලීනව CrowdStrike හි සිදුකළ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් මෙම දෝෂය හටගෙන ඇති බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ තදබදයක්

කලින් ලියාපදිංචි නොවී ආගමන විගමන දෙපාර්තමේන්තුවට පුද්ගලයින් පිරිසක් පැමිණීම හේතුවෙන් අද (19) එම දෙපාර්තමේන්තුවේ තදබදයක් හටගෙන තිබෙනවා.

එම නිසා අද සිට සියලුම අයදුම්කරුවන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කුවේට් රාජ්‍යයේ සේවය කර සිට මෙරටට පැමිණි සිටි පුද්ගලයකු ඔහු එම රටේ සේවය කල ස්ථානයේම පුද්ගලයකුගේ සැලසුමකට අනුව රුපියල් කෝටියක මුදලක් ලබාගැනීමේ චේතනාවෙන් පුද්ගලයින් සිවි දෙනෙකු විසින් මෙරටදි පැහැර ගෙන ගොස් සඟවා තබාගෙන

කුවේට් රාජ්‍යයේ සේවය කර සිට මෙරටට පැමිණි සිටි පුද්ගලයකු ඔහු එම රටේ සේවය කල ස්ථානයේම පුද්ගලයකුගේ සැලසුමකට අනුව රුපියල් කෝටියක මුදලක් ලබාගැනීමේ චේතනාවෙන් පුද්ගලයින් සිවි දෙනෙකු විසින් මෙරටදි පැහැර ගෙන ගොස් සඟවා තබාගෙන සිටියදි විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වී ඒම පුද්ගලයා මුදවා ගෙන සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගනී.

විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී ඩි.ඒම්.යු.කේ. අබේරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ඊ.පි.ඩි.එල්. ජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.07.17 වන දින මාවතගම පොලිස් වසමේ රන්දෙනිය හංදිය අසල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි සිටි පුද්ගලයකු ගුවන්තොටුපලේ සිට මාතලේ ප්‍රදේශයට පිටව යමින් සිටියදී මාවතගම පොලිස් වසමේ බරන්දන හංදියේ දී ඔහු එරටසේවය කල ස්ථානයේම පුද්ගලයකුගේ සැලසුමකට අනුව රුපියල් කෝටියක මුදලක් ලබා ගැනීමේ ⁣අරමුනින් පැහැරගෙන ගොස් නාරම්මල පොලිස් වසමේ මැදගොඩ වැවපාර ඉහල රන්මුතුගල ප්‍රදේශයේදී පාළු නිවසක රදවා සිටියදී එම පැහැරගත් පුද්ගලයා බේරාගෙන පැහැර ගැනීමට පැමිණි නාරම්මල සහ කටුපොත ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 31 – 39 වයස්වල පසුවන පුද්ගලයින් සිව්දෙනෙකු සමග පැහැරගැනීමට යොදාගත් කැබ් රථයද විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාවතගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

WhatsApp Image 2024-07-19 at 17.37.33 WhatsApp Image 2024-07-19 at 17.37.33 (2) WhatsApp Image 2024-07-19 at 17.37.32

නෙලා ගත් වී අස්වැන්න වේලා ගැනීමට ඉඩ නොදීමෙන් උණුසුම් වූ ගල්කිරියාගම ගොවීන්

24-07-19
කැකිරාව කුෂාන් ජයවර්ධන

නෙලා ගත් වී අස්වැන්න වේලා ගැනීමට ඉඩ නොදීමෙන් උණුසුම් වූ ගල්කිරියාගම ගොවීන් ============

අධීක වියදමක් දරමින් වගා කොට වන අලින් සමග සටන් වැද දහසකුත් දුක්කරදර මැද රැකගෙන නෙලා ගත් වී අස්වැන්න වේලා ගැනීමට යාමේදී පිරිසක් ඊට බාධා කරමින් සිටින බවට ගල්කිරියාගම ගොවිසංවිධාන කිහිපයක නියෝජිතයෝ පවසති. මේ හේතුවෙන් ගල්කිරියාගම ප්‍රෙද්ශවාසීන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ද හට ගැනින.
ගල්කිරියාගම අවට ප්‍රෙද්ශවල මේ දිනවල වී අස්වැන්න නෙලමින් පවතින අතර නෙලාගන්නා වී අස්වැන්න වියලා ගැනීමට නිශ්චිත ස්ථානයක් නොමැතිවීම තුළින් එම ගොවීන් දැඩි අපහසුතාවයට පත්ව සිටී.
ඒ අනුව එම ගොවීන් නෙලාගත් තම වී අස්වැන්න වේලා ගැනීම සදහා තාවකාලිකව ගල්කිරියාගම බස් නැවතුම්පොල භූමියේ කොටසක් යොදා ගැනීමට කටයුතු කර තිබූ අතර පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එය අත්හිටුවීමට පියවර ගෙන තිබුනේ ගල්කිරියාගම වෙලද සංගමයෙන් බව පවසා ඊට විරෝධය පා පැමිණිල්ලක් ලද බව පවසමින් බව ගොවීහු කියති.
මින් පෙරද ගොවීන් මෙම බස්නැවතුම්පොල භූමියේ කොටසක මෙලෙස වී වේලීම සිදුකර ඇත්තේ ඒ අවට කිසිදු අයෙකුගේ හෝ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ද විරෝධතාවයක් නොමැතිවය. ප්‍රෙද්ශයේ ගොවි සංවිධාන 05ක පමණ ගොවීන් මෙම ස්ථානය කලක පටන් වී වේලිම සදහා යොදා ගන්නා බව එම ගොවීහු පවසති.
නිරන්තරයෙන් බස් රථ ඇතුළ නොකරන කාර්ය බහුලත්වයකින් තොර මෙම ග්‍රාමීය බස්නැවතුම්පලෙහි කටයුතු සදහා හානියක් නොවන අයුරින් බසු නැවතුම්පොල භූමියේ පසුපස භූමි කොටසක් ගොවින් විසින් මෙලෙස තාවකාලික වී වේලීමට යොදා ගෙන තිබිණ. දිනකට බස් රථ දෙකක් පමණක් මෙම බසු නැවතුම්පලට ඇතුල් කෙරෙන අතර එම බස් රථ හැසිරවීමට බාධාවක් නොවන අයුරින් තමන් අදාළ භූමි කොටස වි වේලිම සදහා යොදා ගන්නා බවද ගොවීහු කියති.
ඒ අතර තුර පසුගිය දිනක රාත්‍රියේ කිසියම් පිරිසක් ගොවීන් වී වේලන එම භූමි කොටසට කලුතෙල් ප්‍රහාරයක් ද එල්ල කර තිබිණ.
ඊයේ දිනයේද සුපුරුදු පරිදි ගොවීන් පිරිසක් සිය වී වේලා ගැනීමට මෙම ස්ථානයට රැගෙනවිත් තිබූ අතර එහිදී ප්‍රෙද්ශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් එම කටයුතු අත්හිටුවා දැන්වීම් පල කර තිබිණ. ගොවීන් පවසන්නේ අවට පුද්ගලයින් දෙදෙනෙකු ඒ සම්බන්ධයෙන් එල්ල කර තිබූ විරෝධතාවයක් හේතුවෙන් එම තත්වය හට ගෙන ඇති බවයි. මෙහිදී ගොවීන් හා තවත් පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ද හට ගැනීන. ගල්කිරියාගම වෙළද සංගමයේ උපසභාපතිවරයා පැවැසූයේ ගොවීන් බස් නැවතුම්පල භූමියේ වී වේලිම සම්බන්ධයෙන් වෙළද සංගමය කිසිදූ විරෝධතා තීන්දුවක් ගෙන නොමැති බවයි. වෙලද සංගමයේ නියෝජිතයින් මේ සම්බන්ධව විරෝධතාවයක් නොමැති බවට අදාළ අංශ වෙත ලිඛීත ලියවිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
රටට බත සපයන ගොවියා තවදුරටත් අසරණ නොකරන ලෙස එම ගොවීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
ගල්කිරියාගම වෙළද සංගමයේ උප සභාපති ආනන්ද ඒකනායක මහතා පැවැසූයේ ගල්කිරියයාගම බස් නැවතුම්පල භූමියේ කොටසක වී වේලීමට යොදා ගැනීම සම්බන්ධයෙන් වෙලඳසංගමයේ සාමාජිකයින් විසින් විරෝධතාවය පලකර තීන්දුවක් ගෙන නොමැති බවයි.
අවට ප්‍රෙද්ශවාසීන් ද පවසන්නේ ගොවීන්ගේ මෙම වී වේලිම තමන්ට හිරිහැරයක් නොවන බවයි.

නෙලා ගත් වී) WhatsApp Image 2024-07-19 at 17.36.48 (1) WhatsApp Image 2024-07-19 at 17.36.48 WhatsApp Image 2024-07-19 at 17.36.47 (5) WhatsApp Image 2024-07-19 at 17.36.47 (4) WhatsApp Image 2024-07-19 at 17.36.47 (3) WhatsApp Image 2024-07-19 at 17.36.47 (2) WhatsApp Image 2024-07-19 at 17.36.47 (1) WhatsApp Image 2024-07-19 at 17.36.47 WhatsApp Image 2024-07-19 at 17.36.46 (1) WhatsApp Image 2024-07-19 at 17.36.46

මිනිසා සඳ මත පා තබා 2024 ජූලි 20 වන දිනට වසර 55ක්‌ සැපිරෙයි.

දර්ශාන් ප්‍රනාන්දු
0773710807
18.07.2024

සඳ ගමනට වසර 55යි

මිනිසා සඳ මත පා තබා 2024 ජූලි 20 වන දිනට වසර 55ක්‌ සැපිරෙයි.

අප ජීවත්‌ වන පෘථිවියට ඇති එකම පරිවාර ග්‍රහයා වන්නේ චන්ද්‍රයායි. අතීතයේ මිනිසුන්‌ සිතුවේ සඳ මතුපිට සාගර ඇති බවකි. සඳෙහි ඇති අඳුරු කොටස්‌ මුහුදු ලෙස ඔවුන්‌ විශ්වාස කළ නිසා ලතින්‌ භාෂාවෙන්‌ “මුහුදු ” කියන නම සඳට භාවිතා කරන ලදී. පසු කාලයේ දී සඳෙහි මුහුදු නොමැති බව හෙළි වූවත්‌ සඳ යන නම
වෙනස්‌ නොවුණි.

දුරේක්ෂය නිර්මාණය වීමත්‌ සමග දුරේක්ෂ භාවිතයෙන්‌ සඳේ තොරතුරු සෙවූ මිනිසා 1950 දශකයේදී ඡායාරූප ගැනීමට යානා යවන ලදී. ඒ අනුව 1959 ඔක්තෝම්බර්‌ චන්ද්‍රයා වෙත ගිය සෝවියට්‌ දේශයේ ලූනා-3 යානය මගින්‌ පෘථිවියට නොපෙනෙන, සඳේ අනෙකුත්‌ ප්‍රදේශ ඡායාරූප ගත කරන ලදී. එයින්‌ පසුව 1968 දක්වා ඇමරිකාව ගුවන්ගත කළ රේන්ජර් 7,8,9 හා ලූනා ඕබිටර් 1,2,3,4 යානා මගින්‌ සඳ මත ආවාට ට්‍රිලියන තුනකට වඩා ඇති බව සොයා ගන හැකි විය.

අභ්‍යවකාශ තරණය සඳහා මුල්‌ පියවර රුසියානුවන්‌ විසින්‌ තැබීම ඇමෙරිකානුවන්ට මහත්‌ බලපෑමක්‌ එල්ල වීම නිසා ඇමරිකානු ජනාධිපතිවරයෙකු වූ ජෝන්‌ එෆ්‌ කෙනෙඩි 1961 මැයි 25 වන දින නාසා විද්‍යාඥයින්‌ අමතා ඇමරිකානු විද්‍යාඥයින්ට දුන් ඉල්ලක්කය වුයේ අදින්‌ වසර 10ක්‌ ඇතුළත ඇමෙරිකානුවෙක්‌ සඳ තරණය කළ යුතු බවයි. ඒ අනුව 1960 දශකයේ අග භාගයේදී ඇමරිකාව දියත්‌ කළ ඇපලෝ වැඩසටහන හරහා සඳ වෙත මිනිසුන් සහිත යානා යැවීම සිදු කළ අතර ඒ හරහා ඡායාරූප පමණක්‌ නොව සඳේ කාලගුණ තොරතුරු, මතුපිට ස්වභාවය ආදී නොයෙක්‌ දේ දැනගැනීමට මිනිසාට හැකි විය.

අභ්‍යවකාශ වස්තුවක්‌ වෙත මූල්‌ වරට මිනිසුන්‌ සහිතව යානා යැවීම ආරම්භ කරන ලද්දේ 1968 දෙසැම්බර්‌ 4 ‘ඇපලෝ-8 නම් වූ අභ්‍යවකාශ යානාව යැවීමෙනි. ඇමරිකානු ජාතික ෆෑන්ක් බොර්මන් ද , ජේමිස් ලොවෙල් ද ඇමරිකානු ගුවන්‌ හමුදා නිලධාරිවරයකු වූ විලියම්‌ ඇන්ඩර්ස්‌ රැගත්‌ මෙම යානාව චන්ද්‍රයා වෙත ගමන්‌ කළත්‌ පුරා පැය 20 කාලයක්‌ තුළ චන්ද්‍රයා වටා 10 වාරයක් ගමන් කොට , චන්ද්‍රයා මත ගොඩ බස්වා ගැනීමට අපොහොසත් වීම නිසා නැවතත් පෘථිවිය කරා පැමිණීමට සිදු විය.

පෘථිවියෙන් බැහැර ආකාශ වස්තුවක් වූ චන්ද්‍රයා වෙත ඓතිහාසික සඳ ගමනෙහි සැබෑ ආරම්භය සිදු වූයේ 1969 ජූලි 16 වන දින ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කැනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. එම ගමන සඳහා නීල් ආම්ස්ට්‍රෝන් , එඩ්වින් ඕල්ඩින් හා මයිකල් කෝලින්ස් එකතු වූ අතර සඳ මත පා තැබීම සිදුවූයේ 1969 ජූලි 20 වන දායි. සඳ මත පා තැබූ මුල්ම මිනිසා ලෙස ඉතිහාසයට එක්‌ වූ නීල්‌ ආම්ස්ට්‍රෝන්‌
‘’මෙය මිනිසෙකුට කුඩා පියවරක්‌ පමණි. නමුත් මිනිස් සංහතියේ යෝධ පිම්මකි.” ලෙස උදාන වාක්‍යකින්‌ ලෝවැසියන්‌ ඇමතිය.
මෙම සඳ ගමන සඳහා රටවල්‌ 137 ක්‌ දායක චූ අතර එයින්‌ ශ්‍රී ලංකාවට සුවිශේෂී තැනක්‌ හිමිවූයේ සඳෙහි රැගෙන ආ පස් පරීක්ෂා කළ මහාචාර්ය සිරිල් පොන්නප්පෙරුම මහතාගේ දායකත්වය හේතුවෙනි. එම නිසා ශ්‍රී ලංකා කොඩියද සඳ ගමනට එක්කර ගැනීමට හැකිවිය.

ඇපලෝ 11 සිට 17 දක්වා යානා මිනිසුන්‌ සභිතව සඳට ගිය අතර ඔවුන්‌ කිලෝ 384 චන්ද්‍ර පාෂාණ සහ පස් පෘථිවියට ගෙනාහ.මේ යානා වලින්‌ සඳ මත පා තැබූ ගගනගාමීන්‌ ප්‍රමාණය 12 කි. ඇපලෝ 11 මගින් සඳෙන් රැගෙන ආ පස්වලින් ජීවින්‌ පිලිබඳ පරික්ෂා කිරීමේ භාග්‍ය උදාවූයේ ශ්‍රී ලාංකික මහාචාර්ය සිරිල්‌ පොන්නප්පෙරුම මහතාටය. එතුමා ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ආරම්භක අධ්‍යක්ෂවරයාද වේ.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ මෙසේ පැවසීය.
“ සඳ ගමන මානව වර්ගයාගේ සුවිශේෂි දිනයක්. පරිගණක තාක්ෂණය , සන්නිවේදන තාක්ෂණය වැනි බොහෝ දේ දියුණු වුණා. විද්‍යාත්මක දේවල් පවා දියුණු වුණා. සඳෙන් රැගෙන ආ පාෂාණ කොටස් පිළිබඳව පරීක්ෂණ කළා. ඒ හරහා සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක සෑදී තිබෙන ආකාරය පිළිබඳව දැනගැනීමට ලැබුණා. අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවා බිහි වීමට මූලික ලෙස පාදක වුණේ මෙම සඳ ගමනයි. නාසා ආයතනය 2026 වර්ෂයේදී තවත් සඳ ගමනක් ආරම්භ කරන්න කටයුතු කරගෙන යනවා. විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා අඟහරු ග්‍රහලෝකය මතට කෙනෙක් යවන්න. ඒ යැවීමේදී නැවතුම් මධ්‍යස්ථානයක් ලෙස චන්ද්‍රයා භාවිතා කරන්නේ කොහොමද කියලා පරීක්ෂණ සිදු කරගෙන යනවා. එම පරීක්ෂණ කටයුතු සඳහා අනාගතයේදී සඳ ප්‍රධාන නැවතුම්පොළක් වේවි.

“ඉස්සුවේ නැට්ට විතරයි හොඩේ නෙමෙයි” මන්ත්‍රී මහින්දානන්ද දෙන සහතිකය….

https://www.youtube.com/embed/cm23qEpPEMI?si=NKdNB1Q-VI8aC9-o” title=

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුව අම්බලංගොඩ නිවස ඉදිරිපිටදීම වෙඩි තබා ඝාතනය කරයි…

https://www.youtube.com/embed/UnE9vHVBFks?si=4HRz-Ne7_6QIw62-” title=

පොහොට්ටුවේ ඇමති ලොහාන්ට මාලිමාවේ මහනුවර රැලියෙන් හූ පාටියක් කෝ ඇවිල්ලද කියලත් අහයි…..

https://www.youtube.com/embed/PDKMhuv05oM?si=U8ecZ9o-c5Kqb5E4″ title=

බයිසික් පැච් මහ රෑ දාන්න බැහැ කිව්වම දොරවල් කඩන් ඇවිත් පැච් දාගන්න යන අයියලා මෙන්න….

https://www.youtube.com/embed/00QPoEPmDis?si=BAbeRkY8xRgxt1dA” title=