“මෙයා තමයි සාක්කුවෙන් අරන් ගංජා දැම්මේ” පොලිසියේ තත්වය ඇත්තටම මේකද ?

https://www.youtube.com/embed/H1GuwAGHf3o?si=yJ38UpoxijAAXj2-” title=

මනමාලයා නැතිවෙන්නේ නැහැ වෙලාවට රෙඩි වෙයි….හමුවට ගිහින් ආපු ජොන්ස්ටන් කියපු දේ….

https://www.youtube.com/embed/c1wImZwoHgo?si=80-33XDV1odgK1ZJ” title=

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහයෝගය දෙනවා – බන්දුල

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

රට බේරගන්නා ජාතික වැඩපිළිවල ක්‍රියාත්මක කර ඔප්පුකර ඇත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පක්ෂ පාට කුමක් වුවත් උපන් රට බේරා ගැනීමට ජාතික න්‍යාය පත්‍රයක් සාදා ජාතික වැඩපිළිවලක් ඇති නායකයා වෙනුවෙන් තමන් වැඩ කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන තීරණය ලබන සඳුදා ගන්නවා – සාගර කාරියවසම්

2024 ජනාධිපතිවරණය සඳහා තම පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව අවසන් තීරණය එළඹෙන සඳුදා (29) ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

ඒ අනුව දේශපාලන මණ්ඩල රැස්වීමේදී අදාළ තීරණය ගන්නා බවයි පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ.

මැතිවරණයට අදාළ නීති රීති අද සිට ක්‍රියාත්මකයි – කොමිෂන් සභාවේ සභාපති

මැතිවරණයට අදාළ නීති රීති අද (26) සිට ක්‍රියාත්මක වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

ඒ අනුව නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ගන්නා ක්‍රියා මාර්ගවලට සහයෝගය ලබාදෙන ලෙස අපේක්ෂකයින්ගෙන් හා ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටින බවයි සභාපතිවරයා සඳහන් කළේ.

මැතිවරණ නීතිවලට පරිබාහිරව කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පොලිස්පතිවරයාගේ පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට ආපසු හැරවිය නොහැකියි – අගමැති

වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීම සඳහා ජනාධිපතිවරයාට ප්‍රතිපාදනයක් නොමැති බව විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රමාත්‍යවරයා පවසනවා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අපේක්ෂා කරන පරිදි වැඩබලන පොලිස්පතිවරයෙක් පත් නොකරනු ඇති බවද, තවමත් පොලිස්පති ධුරය දරන්නේ වැඩ තහනම් කරන ලද දේශබන්දු තෙන්නකෝන් බවද, එම ධූරය හිස්ව නොමැති බවද අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ප්‍රශ්න කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් වන අතර, වෙනත් ආයතනයකට එහි කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නොහැකි බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

වත්මන් පොලිස්පතිවරයාගේ පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට ආපසු හැරවිය නොහැකි බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය ක්‍රියාත්මක විය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ.

එසේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගයේ කිසිඳු නෛතික පදනමක් දක්වා නොමැති බවද, කිසිඳු නීතිමය පදනමකින් තොරව හුදෙක් නීතිවිරෝධී යැයි ෙපෙනෙන නියෝගයක් පිළිගැනීමට පාර්ලිමේන්තුවට නොහැකි බවද අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළා.

රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට ඇප මුදල් තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ඔහු රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ජනාධිපතිවරයාටත් තීරණයක් ගත නොහැකි තැනක දැන් පොලිස්පතිගේ ගැටලුව තියෙන්නේ – කථානායක

ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සහ පාර්ලිමේන්තුවේ එකඟතාවය මත පත්වූ නිලධාරීන් සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ වෙනම හැඳින්වීමක් ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

ඒ අනුව ඔවුන්ගේ තනතුර හිස් කරනවා නම්, ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් ඇති බවයි අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කථානායකවරයා සඳහන් කළේ.

එසේ නොවන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එහිදී තීන්දුවක් ලබාගත යුතු බවද, මේ අවස්ථාවේදී ජනාධිපතිවරයාටද මේ සඳහා තීරණයක් ගැනීමට නොහැකි තැනක මෙම ගැටලුව ඇති බවද කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.