SL vs IND 1st ODI : දෙවන එක්දින තරගය අද

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන තරගය අද (04) පැවැත්වෙනවා.

ඒ අනුව  තරගය අද පස්වරු 2.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

ආබාධයකට ලක්වීම හේතුවෙන් වනිඳු හසරංගට එක්දින තරගාවලිය අහිමිවී තිබෙනවා.

දිලිත් ජයවීර ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට නම් කෙරේ

සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර නම් කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට පැවැත්වෙන “සර්වජන සමුළුව” වේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

පොහොට්ටුවේ නව දිස්ත්‍රික් නායකයින් පත් කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දිස්ත්‍රික් නායකයින් පත් කර තිබෙනවා.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ද පත්කර තිබෙනවා.

එමෙන්ම ගල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස අමාත්‍ය මොහාන් ද සිල්වා ද, මන්ත්‍රී නිපුණ රණවක මාතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස පත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

සංස්පර්ශ 2024 සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියේ දෙවන වටයේ තරග අද

“සංස්පර්ශ 2024” සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියේ දෙවන වටයේ තරග අද (04) ආරම්භ වුණා.

ඒ අනුව කොළඹ 02 ආරක්ෂක සේවා විද්‍යාලයේදී පෙ.ව. 08.30 සිට තරග ආරම්භ වූ බවයි සඳහන් වන්නේ.

ප්‍රවීණ ජනමාධ්‍යවේදීන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලියේ විනිශ්චය කටයුතු සිදු කෙරෙන අතර, මූලික වටයේ තරගවලින් දෙවන වටය සඳහා සුදුසුකම් ලැබූ තරගකරුවන් 500කට ආසන්න ප්‍රමාණයක් මෙම තරග වටය සමඟින් සම්බන්ධ වනවා.

නිවේදන, හඩකැවීම්, පුවත් සංස්කරණය, ක්‍රීඩා විස්තර විචාරය, කාටූන් චිත්‍ර නිර්මාණකරණය, තාක්ෂණික අංශය, ඡායාරූපකරණය, ග්‍රාෆික නිර්මාණකරණය සහ කෙටි චිත්‍රපට නිර්මාණකරණය යන තරග අංශ ඔස්සේ මෙම තරගාවලිය සංවිධානය වනවා.

විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ කාව්‍ය නිර්මාණ දිගු ලැයිස්තුව ප්‍රකාශයට පත්කෙරේ

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ සඳහා ඉදිරිපත් වූ කාව්‍ය නිර්මාණ අත්පිටපත් 195 ක් අතුරින් දීර්ඝ ලැයිස්තුගත වන (Longlist) කාව්‍ය නිර්මාණ අත්පිටපත් 07 ක් අද ප්‍රකාශයට පත් කෙරුණා.

මෙහි කාව්‍ය නිර්මාණ ඇගයුම් මණ්ඩල සාමාජිකයන් ලෙස රත්න ශ්‍රී විජේසිංහ‍, සුනිල් විජේසිරිවර්ධන සහ නන්දන වීරසිංහ කටයුතු කරනවා.

මෙම දීර්ඝ ලැයිස්තුගත අත්පිටපත් 07 න් අවසන් වටය සඳහා නිර්දේශ වන අත්පිටපත් 03 කෙටි ලැයිස්තුගත කිරීම ( Shortlist) අගෝස්තු දෙවැනි සතියේදී සිදුකිරීමට නියමිතයි.

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ ජය මූර්ති ප්‍රදානය සැප්තැම්බර් 01 වන දින පැවැත්වීමට නියමිත අතර මෙහි ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස හෙළකුරු කටයුතු කරනවා.

දීර්ඝ ලැයිස්තුගත කාව්‍ය නිර්මාණ අත්පිටපත් 07 පහතින්,

66aefa96c366e

වනිඳු හසරංගට එක්දින තරගාවලිය අහිමි වෙයි

වනිඳු හසරංගට ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව දෙරට අතර පළමු එක්දින තරගයේ වනිඳු හසරංග ඔහුගේ 10වැනි පන්දුවාරය යොමුකරමින් සිටියදී වම් පාදයේ ආබාධයකට ලක්ව ඇති බවයි සඳහන් වෙන්නේ.

වනිඳු හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට කැඳවූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

බන්ධනාගාරයෙන් ඇවිත් දවස් 3 යි ආයෙත් හොරකමේ යද්දී ඇල්මෝදර මාටිංව ජනතාව අල්ලා ගස් බැන්ද හැටි….

https://www.youtube.com/embed/YDqawH2Cnrw?si=8qKQXrYPdd5PCbt0″ title=

නිමල් සිරිපාල පාර්ශවයේ සහය ජනපතිට පොහොට්ටුවෙන් කැඩුන අයටත් ආරාධනාවක්….

https://www.youtube.com/embed/YXQO7iEJ3Q4?si=8i3dokl1qg133LMN” title=

සජිත් සහ නාමල් අතර රහස් සාකච්චාවක් තිබ්බද ? ලක්ෂ්මන් කිරිඇල්ල දුන්න උත්තරය…

https://www.youtube.com/embed/rTPcUPd93Bg?si=6cvdY8OeL7Wq2Evv” title=

ජනපතිට සහය දෙන රැස්වීම් ගොඩනැගිල්ලෙන් මතුවූ තලතා මාධ්‍ය වලට දෙහි කපයි…

https://www.youtube.com/embed/8my_mb4IS7k?si=n8lKYtpAraecBh3h” title=