මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම සහ බලපත්‍ර නිකුත් කිරීම වළක්වමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

සුරාබදු රෙගුලාසිවලට පටහැනි ආකාරයට මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම සහ බලපත්‍ර නිකුත් කිරීම වළක්වමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

සුරාබදු රෙගුලාසිවලට පටහැනිව නිකුත් කර තිබෙන මත්පැන් බලපත්‍ර අභියෝගයට ලක් කරමින් මත්පැන්හල් හිමියන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම අතුරු තහනම් පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

බංග්ලාදේශ අන්තර්වාර රජයේ උපදේශකත්වයට මුහම්මද් යුනුස් පත් කෙරේ

නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් බංගලාදේශයේ අන්තර්වාර රජයක ප්‍රධාන උපදේශකවරයා ලෙස පත් කරන බවට ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් සහ සිසුන් කණ්ඩායමේ ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

බංගලාදේශ අගමාත්‍යවරිය වූ ෂීක් හසීනා රටින් පළා යාමත් සමඟ ශිෂ්‍ය නායකයින් හමුදා රජයක් පිළි නොගන්නා බවට ප්‍රකාශ කර තිබූ අතර, ඒ අනුව අන්තර්වාර පාලනයකට නායකත්වය දීමට මුහම්මද් යුනුස්ගේ නම යෝජනා වී තිබුණා.

මෙම තනතුර භාර ගැනීමට එකඟ වූ නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් පවසා ඇත්තේ මෙම දුෂ්කර අවස්ථාවේදී සිසුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි.

පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස නාමල්ගේ නම හෙට ප්‍රකාශයට පත් කරාවි – උදයංග වීරතුංග

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිවරණ අපේක්ෂකයා හෙට (7) උදේ 7.00 ට ප්‍රකාශ කරන්නට නැකත සූදානම් කර තිබෙන නමුත් අවසන් මොහොතේ තීරණ වෙනසක් සිදුව ඇති බව උදයංග වීරතුංග පවසනවා.

යම් හෙයකින් ධම්මික පෙරේරා ඉදිරිපත් නොවුනහොත් නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානමින් සිටින බවයි උදයංග වීරතුංග සඳහන් කළේ.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නාමල් රාජපක්ෂ බවට ප්‍රකාශ කරනු ඇති බවයි උදයංග වීරතුංග වැඩිදුරටත් සඳහන් කළේ.

ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව පොහොට්ටුවට දැනුම්දෙයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමා අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් නොවන බවට ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්ට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව පෞද්ගලික හේතු මත තමා ඉදිරිපත් නොවන බවයි ඔහු සිය ලිපිය මඟින් දැනුම්දී ඇත්තේ.

අදාළ ලිපිය පහතින්.

66b2473de4f02

Online Safety පනත වහා අහෝසි කරන ලෙස වෘත්තීය සමිති එකමුතුව ජනපතිගෙන් ඉල්ලයි

මාධ්‍ය නිදහස මර්දනය කරන හා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ කතිකාවට තර්ජනයක් වන Online Safety පනත වහා අහෝසි කිරීමට කටයුතු කරන ලෙස වෘත්තීය සමිති එකමුතුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය මාසයේ දී පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety Act) පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මර්දනයට ලක් කරන්නක් බවයි සඳහන් වෙන්නේ.

මෙම නීතිය මගින් වෘත්තීය අයිතිවාසිකම් ඇතුලු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති ව්‍යාපාරයන්ට, මාධ්‍යවේදීන්ට, ප්‍රහසනකරුවන්ට, කාටුන් ශිල්පීන්ට, ඩිජිටල් අන්තර්ගතයන් නිෂ්පාදනය කරන නිර්මාණකරුවන්ට සහ විසම්මුතික අදහස් ප්‍රකාශ කරන සියලුම පුරවැසියන්ට බරපතල තර්ජනයක් ඇතිවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

නිදහස මර්දනයට පාලමක් සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ප්‍රජාතන්ත්‍රීය කතිකාවට තර්ජනයක් වන ශ්‍රී ලංකාවේ නීතියක් බවට පත්කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත (Online Safety Act)  පනත වහා අහෝසි කිරීමට කටයුතු කරන ලෙසයි ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්.

66b1a52dcb47epdf_page_1 66b1a52dbd656pdf_page_0

බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

එරට වේලාවෙන් අද පස්වරු 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවාහරින ලෙසයි විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ.

හමුදා ප්‍රමුඛ රජයක් පිළිනොගන්නා බව ශිෂ්‍ය විරෝධතාකරුවන් පවසා ඇති අතර නොබෙල් සාම ත්‍යාගලාභී Muhammad Yunus උපදේශකත්වය යටතේ අන්තර්වාර රජයක් පිහිටුවන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

විදර්ශන සාහිත්‍ය ත්‍යාග⁣යේ ඉංග්‍රීසි පරිවර්තන දිගු ලැයිස්තුව ප්‍රකාශයට පත්කෙරේ

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ සඳහා ඉදිරිපත් වූ ඉංග්‍රීසි – පරිවර්තන අත්පිටපත් අතුරින් දීර්ඝ ලැයිස්තුගත වන (Longlist) නිර්මාණ අත්පිටපත් 05 ක් අද ප්‍රකාශයට පත්කෙරුණා.

මෙහි නිර්මාණ ඇගයුම් මණ්ඩල සාමාජිකයන් ලෙස හර්ෂණ රඹුක්වැල්ල‍, අමීනා හුසේන් සහ සසංක පෙරේරා කටයුතු කරනවා.

මෙම දීර්ඝ ලැයිස්තුගත අත්පිටපත් 05 න්, අවසන් වටය සඳහා නිර්දේශ වන අත්පිටපත් 03 කෙටි ලැයිස්තුගත කිරීම (Shortlist) අගෝස්තු දෙවැනි සතියේදී සිදුකිරීමට නියමිතයි.

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ ජය මූර්ති ප්‍රදානය සැප්තැම්බර් 01 වන දින පැවැත්වීමට නියමිත අතර මෙහි ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස හෙළකුරු කටයුතු කරනවා.

රට ශිෂ්ටත්වයට ඔසවා තැබිය හැකි නායකයෙක් පත්කර ගැනීමේ අවස්ථාව දැන් එළඹිලා – ආචාර්ය හරිනි අමරසූරිය

ඓතිහාසික පරිවර්තනයක් සිදුකරමින් ශ්‍රී ලංකාවට සමාජ සාධාරණත්වයක් උදාකරන, පැහැදිලි දැක්මක් ඇති, ශිෂ්ට සම්පන්න නායකයෙක් තෝරා ගැනීමේ අවස්ථාව දිනෙන් දින ලංවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

තව දින 48කින් රටේ ජනතාව ඔසවා තැබිය හැකි ඒ සහෝදරයා, ඒ නායකයා පත්කර ගැනීමේ අවස්ථාව එළඹෙන බවයි ඇය සඳහන් කළේ.

ඔහුගේ නාම යෝජනා වෙනුවෙන් ඇප තැම්පත්කර ඒ ඓතිහාසික අවස්ථාවේ කොටස්කරුවන් වීමට ලැබීම විශාල සතුටක් බවද අද (06) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වෙනුවෙන් ඇප තැම්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

විශ්‍රාමිකයන්ට රුපියල් 2500ක වැඩිවීමක් ලබාදීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයෙහි පවතින විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

රජය විසින් වරින් වර සිදු කරන ලද වැටුප් සංශෝධන මෙන්ම අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද විවිධ ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ඇතැම් විශ්‍රාමික කණ්ඩායම් වල විශ්‍රාම වැටුප් විෂමතා නිර්මාණය වී ඇති බවයි රජය සඳහන් කළේ.

ඒ අනුව, 2016-01-01 දින සිට 2020-01-01 දින දක්වා විශ්‍රාම ගන්නා ලද රාජ්‍ය නිලධාරීන්ට යම් අසාධාරණයක් සිදු වී ඇති බව නිරීක්ෂණය වී ඇති අතර, එකී වැටුප් විෂමතාව ඉවත් කිරීම තුළින් විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් 83,000ක පමණ පිරිසකට සහනයක් ලබා දීමට හැකි බවයි සඳහන් වෙන්නේ.

එම විශ්‍රාමික නිලධරයන්ගේ විශ්‍රාම වැටුප 2016-02-25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 හි උපලේඛන අංක 1 අනුව සම්පූර්ණ වැටුප පදනම් කර ගනිමින් උපරිම රුපියල් 2,500 ක වැඩි වීමක් ලැබෙන පරිදි සංශෝධනය කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

66b1c0600a9b5

අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කරනවා – බංග්ලාදේශ හමුදා ප්‍රධානී

අගමැතිනි ෂීක් හසීනා ඉල්ලා අස් වූ බව බංග්ලාදේශ හමුදා ප්‍රධානී ජෙනරාල් Waker-Uz-Zaman මාධ්‍ය අමතමින් මීට සුළු මොහොතකට පෙර සඳහන් කළා.

ඒ අනුව අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමඟ සාකච්ඡා පවත්වන බවයි මාධ්‍ය අමතමින් හමුදා ප්‍රධානියා සඳහන් කළේ.

ඒ හේතුවෙන් විරෝධතා දැක්වීමෙන් වැළකී සාමකා‍මීව කටයුතු කරන ලෙස එරට හමුදා ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළා.