https://www.youtube.com/embed/hDeHjX06DxE?si=Sljqygwn54vPLYoN” title=
Author: Supun
පාර්ලිමේන්තු පාරේ සිදුවුන බිහිසුනු අනතුරේ මාධ්‍ය වල නොගිය දර්ශන….
https://www.youtube.com/embed/A60k1gc92ow?si=j39i39qDO5C1bsSt” title=
“යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ” පොහොට්ටු ලොක්කන්ට මහින්දානන්දගේ සැර උත්තරේ…..
https://www.youtube.com/embed/ijoHkRMQZ1U?si=7VftPNe9a1_4uAh4″ title=
ලංකාවේ ජනතාව පරිභෝජන කරන ජලයේ ඊ – කෝලි ද්‍රව්‍ය ? මහාචාර්ය වසන්ත අතුකෝරාල කියන කතාව….
https://www.youtube.com/embed/v-acwXGbufE?si=SV26nYkuasRaOx_A” title=
ජනාධිපතිවරණයට ඇප තැන්පත් කෙරූ පිරිස 22 දක්වා ඉහළට
2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද (07) දිනයේ තවත් අපේක්ෂකයින් 4 ක් මෙලෙස ඇප මුදල් තන්පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
පිළිගත් දේශපාලන පක්ෂ 11 ක්, වෙනත් දේශපාලන පක්ෂ එකකින් හා ඡන්ද හිමියෙකු විසින් නාම යෝජනා කළ අපේක්ෂකයින් 10 ක් මෙම පිරිසට ඇතුළත්.
අදාළ නිවේදනය පහතින්.

නුවන් බෝපගේ කුඩය ලකුණින් ඉදිරිපත් වෙයි
ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්‍ෂක නුවන් බෝපගේ “කුඩය” ලකුණින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එම සන්ධානය පවසනවා.
කොළඹ මහජන පුස්තකාලයේදී අද (7) පැවැති මාධ්‍ය හමුවකදී එම සන්ධානය විසින් මෙම ලකුණ ප්‍රකාශයට පත් කළා.
ජන අරගල සන්ධානයේ ප්‍රතිපත්තිය වන්නේ අනෙකුත් කණ්ඩායම්වලට වඩා වෙනස් වූ ප්‍රතිපත්තියක් බවයි නුවන් බෝපගේ වැඩිදුරටත් සඳහන් කළේ.
බලෙන් සූට් එක අන්දන්න බෑනේ, මම අභියෝගය භාර ගත්තා – නාමල්
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා මුල සිට සැලැස්මක් නොතිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.
තමාට තිබූ වගකීම වූයේ සූට් එක හරියන කෙනෙක් සඳහා එය මැසීම බවත්, බලෙන් එම ඇඳුම ඇන්දවීමට නොහැකි බවයි අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
කෙසේ නමුත් අභියෝගාත්මක අවස්ථාවක පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කළ බවද, තමන් එම ඉල්ලීම භාරගත් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මෙවර ජනාධිපතිවරණයේ පළමු බලවේගය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්වන බවත්, පක්ෂයෙන් ගිය පිරිස්වලටද පක්ෂය සමඟ එක්වන ලෙසට ආරාධනා කරන බවයි ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.
රටට වින කටින කණ්ඩායම්වල අපේක්ෂාව තමයි සජබ, පොහොට්ටු, UNP එකතුවීම – අනුර
රටට වින කටින කණ්ඩායම්වල අපේක්ෂාව වන්නේ සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එක්වීම බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම පක්ෂ එක්විය යුතු බවට වන කරුණු මතුපිට තලයේ ඉදිරිපත් කළද අභ්‍යන්තරයේ එක්වීම පිළිබඳ සාකච්ඡාවක් සිදු වෙමින් ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
සිංහල බෞද්ධ සංස්කෘතියකින් ගොඩනැගුනු රාජ්‍යක් තුළ ගිහියෙක් හාමුදුරුවන්වහන්සේ නමක් සමඟ විවාදයට යාම සුදුසු නොවන බවද, එබැවින් එම ගෞරවය උන්වහන්සේට ලබාදෙන නමුත් එය ආරක්ෂා කරගැනීම උන්වහන්සේගේ වගකීමක් ලෙස සලකන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අරගලය ඉල්ලූ තරුණ නායකත්වය ලබාදී තිබෙනවා – මහින්ද රාජපක්ෂ
අරගලය ඉල්ලූ තරුණ නායකත්වය ලබාදී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බවයි අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගිය කොටස් සඳහා යළි එක්වන ලෙස ආරාධනා කරන බවත්, සමහර පිරිස් යළි පැමිණෙනු ඇති බවයි ඔහු සඳහන් කළේ.
ක්ලබ් වසන්තගේ ඝාතකයන් පළාගිය බස් රථය සොයා ගනී
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයෙන් අනතුරුව ඝාතකයන් පලා ගිය බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී සොයා ගෙන තිබෙනවා.
සැකකරුවන්ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම බස් රථය සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
