රොෂාන් රණසිංහ ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරයි

මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් ඇප තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ පුත්‍රයෙකු වන ආලෝක රණසිංහ විසින් එලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණ නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණය සඳහා සිය නාමයෝජනා පත්‍රයට අද (12) අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව අද පෙරවරුවේ පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී මෙලෙස නාමයෝජනා පත්‍රයට ඔහු අත්සන් තැබූ බවයි එම පක්ෂය සඳහන් කළේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ඇතැම් පුද්ගල කණ්ඩායම් විසිිිිිින් දේශීය ආදායම් නිලධාරින් ‍ලෙස පෙනී සිටිමින්, ව්‍යාපාරිකයින් වෙත ගොස් මුදල් රැස්කරන බවට තොරතුරු වාර්තා වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ ආකාරයෙන් මුදල් එකතු කිරීමට පැමිණෙන පුද්ගලයින්ට මුදල් දීමෙන් වළකින ලෙසයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.

එවැනි පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා අදාළ සිද්ධීන් පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙසට ශ්‍රී ලංකා පොලීසිය වෙත පැමිණිලි කර ඇති බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් මගින් පරිපාලනය කරන සියලුම බදු වර්ගයන්ට අදාළව හිඟ බදු අයකිරීමේ කටයුතු නිසි පරිදි ලිඛිතව දැනුම් දී, නීත්‍යානුකූලව පමණක් සිදු කරන බව සියලුම බදු ‍ගෙවන්නන් වෙත ඔහු දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ග්‍රාම නිලධාරීන් අද සහ හෙට සේවාවලින් ඉවත් වෙයි

ග්‍රාම නිලධාරීන් සිය රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කළ බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති පවසනවා.

ඒ අනුව අද (12) සහ හෙට (13) දිනයන් වල සේවයෙන් ඉවත් වීමට ද කටයුතු කරන බවයි ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ සඳහන් කළේ.

ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවට ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් ලබා දුන් යෝජනා ඇතුළත් නොකිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව පවත්වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මුදල් ආරවුලක් මත සිය මස්සිනාට පහරදී බරපතලයි.

මුදල් ආරවුලක් මත සිය මස්සිනාට පහරදී බරපතලයි.

ගල්පාත චන්දන පෙරේරා

මිල්ලනිය දෙල්දොර වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් අද (11) සවස මස්සිනාට පොල්ලකින් පහරදී බරපතල තත්වයෙන් හොරණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව මිල්ලනිය පොලිසිය පවසයි.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ (38) හැවිරිදි මිල්ලනිය දෙල්දොරවත්ත ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙකි. පහරදීම සිදුකර ඇත්තේ සිය නැගණියගේ ස්වාමිපුරුෂයා වන අතර මුදල් ආරවුලක් මත මෙම පහරදීම සිදුවිය ඇති බව අනාවරණය වී ඇත.

සිය මස්සිනා සමග ඇතිවූ බහින්බස් වීම දුරදිග යාමෙන් පසු හිස ප්‍රාදේශයට පොල්ලකින් පහර දී ඇති අතර පහර කෑමෙන් බිම වැටුණු පුද්ගලයාගේ පපු ප්‍රදේශයට සහ උදර ප්‍රදේශයට නැවත පහර දී ඇති බව පරීක්ෂණවලදී යනාවරණය වී ඇත.

තුවාල කරු1990 හදිසි ගිලන් රථයෙන් හොරණ රෝහල වෙත රැගෙන ගොස් හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර ඇත. තුවාලකරු සාධ්‍ය තත්ත්වයේ සිටින අතර වෛද්‍යවරුන් විසින් දැඩි උත්සහයක නිරතවෙමින් සිටින බවද ශරීරය අභ්‍යන්තරයේ රුධිර වහනය වන බවද රෝහල් අරංචි මාර්ග පවසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිල්ලනිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඉරානය ඩොනල්ඩ් ට්‍රම්ප්ට රිද්දයි

ඉරාන හැකර්වරුන් විසින් හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ අභ්‍යන්තරව හුවමාරු වූ තොරතුරු ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

අමෙරිකානු ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන පොලිටිකෝ ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කර තිබුණි.

එහි දැක්වෙන්නේ ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණයට සම්බන්ධ ලිපි ලේඛන මෙන්ම උප ජනාධිපති අපේක්ෂක ජේ ඩි වෑන්ස් සිදුකළ ගවේෂණයක තොරතුරු විද්‍යුත් තැපෑලෙන් ඔවුන්ට ලැබී ඇති බවයි.

එළඹෙන ජනාධිපතිවරණය ට මැදිහත්වීමේ අදහසින් එම තොරතුරු හැක් කර ලබාගන්නට ඇතැයි සැලකෙයි.

15වෙනිදා ට පෙර ආදායම් බදු ගෙවීම් ගැන විශේෂ දැනුම් දීමක්. – දඩ සහ පොලී ගෙවීම් වලින් බේරෙන හොඳම විදිහ මෙන්න.

තක්සේරු වර්ෂයේ පළමු කාර්තුවේ ආදායම් බදු ලබන 15 වැනිදාට පෙර ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නන්දන කුමාර පවසා තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ, ගෙවීම තුළින් දඩ ගෙවීම හා පොලී ගෙවීමෙන් වැළකිය හැකි බවත්, මාර්ගත ක්‍රමය හරහා ගෙවීමේ පහසුකම් මේ වන විට සලසා ඇති බවත්ය.

වාහන ආනයනය ගැන ජනපති කියන අලුත්ම කතාව..තාරුණ්‍යයේ සිහින බොදව යයිද..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, බදු සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව විසඳා ගැනීමට අපේක්ෂා කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වන කරුණු මෙන්ම, එකඟ නොවන කරුණුද පවතින බවයි,මහනුවර පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මහනුවර දිස්ත්‍රික් වෙළෙඳ සංගම් නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණි.

මහනුවර එක්සත් වෙළෙඳ පෙරමුණ විසින් සංවිධාන කෙරුණු එම හමුවට එම ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් ව්‍යාපාරික සංගම්වල නියෝජිතයින් රැසක් සහභාගී විය. එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“බදු වැඩි කිරීම නිසා 2023 සහ 2024 මුල් කාලය අමාරු කාලයක් වුණා. දැන් ආර්ථිකය ටිකෙන් ටික හොඳ අතට හැරෙනවා. ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්න හැකිවුණා. මේ පියවර පෞද්ගලික අංශයට බලපානවා. IMF සමඟ මාස 6කට සැරයක් සාකච්ඡා කරනවා. එතැනදි පෙනුණේ තවත් දියුණු වෙමින් පවතින බව
බදු ගැටලු සංශෝධනය කිරීමට IMF සමඟ සාකච්ඡා කරනවා. IMF සමඟ එකඟ වන කරුණුත් – එකඟ නොවන කරුණුත් තියෙනවා. එන අවුරුද්දේ විදේශ සංචිතය අඩුවෙන්න යන්නේ. වාහන ආනයනය ආරම්භ කළාම එහෙම වෙනවා. ඒත් අපිට වාහන නොගෙන ඉන්න බැහැ. ආදායමේ විශාල කොටසක් තියෙන්නේ වාහන බදුවලින්. ලබන අවුරුද්ද මැද වෙනකොට මීට වඩා හොඳ දියුණුවක් ලැබෙයි.”

මෙරට ප්‍රධානතම වරායක නවතා තිබුණු නැවක ගින්නක්..

කොළඹ වරායේ JCT 4 ජැටියේ නැංගුරම් දමා තිබූ නැවක අද (11) උදෑසන හදිසි ගින්නක් ඇතිවී තිබෙනවා.

වාර්තා වෙන්නේ, වරායේ ගිනි නිවන අංශය විසින් එම ගින්න සාර්ථකව මැඩ පවත්තා ඇති අතර මේ වනවිට සම්පූර්ණයෙන්ම ගින්න නිවා දමා ඇති බවයි

වරාය අධිකාරිය පවසන්නේ, ස්විට්සර්ලන්තයේ ජිනීවාහි නෞකා සමාගමට අයත් මෙම MSC Captown නෞකාව සිංගප්පූරු වරායේ සිට කොළඹ වරායට පැමිණි අතර බහාලුම් 995 ක් ගොඩබෑමට සහ බහාලුම් 880 ක් පටවා ගැනීමට නියමිතව තිබූ බවයි.

මෙම සිද්ධිය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙසට වරාය,නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඇමති පියල් නිෂාන්ත කියන විදිහට චෝදනා තියෙන්නේ කාටද ? පොහොට්ටුවේ අයට ටොක්කක් ඇන්නාද ?

https://www.youtube.com/embed/yBtVTmQfcfI?si=K1q6mOtIUcG1piaa” title=