මැතිවරණ කොමිසම අද රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව අද (14) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 4ක කාලයක් ලබාදීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු කර ඇති අතර, අද රැස්වන කොමිෂන් සභාවේ දී ඒ සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීමට නියමිතයි.

වතු සේවක වැටුප රු 1,700 දක්වා ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

පඩි පාලක සභාවේ සභාපති එච්.කේ.කේ.ඒ. ජයසුන්දරගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

තේ වතු කම්කරුවකුගේ දෛනික වැටුප 1,350 ලෙස එහි සඳහන් වන අතර, ඊට අමතරව ඵලදායිතාව මත පදනම් වූ දිරි දීමනාවක් ලෙස රුපියල් 350ක මුදලක්ද ගෙවිය යුතු බවත්, එම වැටුප සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් ගෙවීම්වලට යටත්ව සිදුකළ යුතු බවත් අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

66bc165c61abbpdf_page_1 66bc165c54ecdpdf_page_0

රනිල්ට එන අසුභ ආරංචිය ගැනයි..ජවිපේ ඡන්ද කඩන අය ගැනයි සද්දෙට මහියංගනේදී කිව්ව නලින් බණ්ඩාර…..

https://www.youtube.com/embed/M9KT-1KMtTc?si=76vTwGvN_2Hgrnmt” title=

“රත්තරං බැංකුවට සින්න වෙලා” රෝහිතගේ කටවුට් එක දිහා බලන් නලින්ද කියපු දේ…

https://www.youtube.com/embed/4BJIJ0KKZks?si=HdqQfa7OcWgmWVpR” title=

දෙමව්පියන් මල්ශාලාවලට යවනා රටක නිවසක් නොතිබූ දමිල කම්කරුවාගේ අවසන් ගමනට නිවස ලබා දුන් පවුලක්….

https://www.youtube.com/embed/Y54QGmoEGLY?si=zTitpm1rX7nH2QcI” title=

පාසැල් දරුවනුත් පාරට බැස්සුව හපුගස්තලාව අල් මිනාජ් ජාතික පාසලේ දැඩි උනුසුම්කාරී තත්වය….

https://www.youtube.com/embed/Tk1SmPKaLGM?si=HDBzomT54ziDw_Xl” title=

ජාතික ජන බලවේගයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සමුළුව අද

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සමුළුව අද (13) සවස 6.30 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

DOiT 5.0 ලෙස නම් කර ඇති එම සමුළුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවයි එම පක්ෂය සඳහන් කළේ.

රාජිත සේනාරත්නගේ සහාය රනිල් වික්‍රමසිංහට

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මේ වන විට හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මේ වන විට සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රාජ්‍ය සේවක වැටුප් සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

2025 අයවැය මඟින් එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මීට පෙර ලබාදී තිබූ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් රාජ්‍ය නිලධාරීන්ගේ සහ රාජ්‍ය අංශයේ ප්‍රධාන වෘත්තීය සංගම් සමග සාකච්ඡා කර අදාළ තොරතුරු විශ්ලේෂණය කර වාර්තාව සකස් කර තිබෙනවා.

එකී වාර්තාවේ නිර්දේශ අනුව පහත සඳහන් යෝජනා සඳහා අනුමැතිය ලබාදීමටත් අදාළ යෝජනා 2025 වසරේ අයවැයට ඇතුළත් කර ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

66bb217588f5a

Starlink සේවා සැපයීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාදෙයි

Starlink Lanka (Private) Limited සමාගම සඳහා විදුලි සංදේශ සේවා සැපයුම් බලපත්‍රයක් ලබා දුන් බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා හරහා අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා මෙම අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

2024 අගෝස්තු 12 වන දින සිට බලපත්‍රය ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

66bb1339b08f1