https://www.youtube.com/embed/E62N6pjZdkk?si=q87P5rL4rndn-8Qs” title=
Author: Supun
සරත් ෆොන්සේකා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදෙයි
2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම මේ වන විට ආරම්භවී තිබෙනවා.
ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මීට සුළු මොහොතකට පෙර සිය නාමයෝජනා පත්‍රය භාරදීම සිදුකළා.
ජනක රත්නායක ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදෙයි
2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම මේ වන විට ආරම්භවී තිබෙනවා.
ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා එක්සත් ලංකා පොදුජන පක්ෂය නියෝජනය කරමින් මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මීට සුළු මොහොතකට පෙර සිය නාමයෝජනා පත්‍රය භාරදීම සිදුකළා.
බත්තරමුල්ලේ සීලරතන හිමි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදෙයි
2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම මේ වන විට ආරම්භවී තිබෙනවා.
ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා ජනසෙත පෙරමුණ නියෝජනය කරමින් බත්තරමුල්ලේ සීලරතන හිමියන් මීට සුළු මොහොතකට පෙර සිය නාමයෝජනා පත්‍රය භාරදීම සිදුකළා.
නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදෙයි
2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර සිය නාමයෝජනා පත්‍රය භාරදීම සිදුකළා.
දිලිත් ජයවීර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදෙයි
2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම මේ වන විට ආරම්භවී තිබෙනවා.
ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා සර්ව ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මීට සුළු මොහොතකට පෙර සිය නාමයෝජනා පත්‍රය භාරදීම සිදුකළා.
රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ යෝජනා සඳහා කිසිඳු දේශපාලන අරමුණක් නැහැ – රංජිත් සියඹලාපිටිය
රජය හැකි සෑම විටකම ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට කටයුතු කර ඇති බවත්, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ යෝජනා තුළ කිසිදු දේශපාලන අරමුණක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
කලක පටන් පැවති ඉල්ලීම් සලකා බලා, හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්නගේ ප්‍රධානත්වයෙන් පත් කළ විශේෂඥ කමිටුව මගින් ලබාදුන් නිර්දේශ හා තීරණ අනුව ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
පවතින ජීවන තත්ත්වය, ආර්ථික තත්ත්වය, ගෙවීමේ හැකියාව ආදී සෑම පැතිකඩක්ම පිලිබඳ අවධානය යොමුකර මෙම කමිටු වාර්තාව සකස් කර ඇති බවත්, විපක්ෂය බදු අඩු කර, පඩි වැඩි කරන බව පැවසීම හා එම ක්‍රමවේදය සම්බන්ධයෙන් නම් සොයා බැලිය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
රනිල් ගෑස් සිලින්ඩරය ලකුණින් ජනාධිපතිවරණයට
2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වී ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඡන්ද සලකුණ ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව ඔහුට මෙවර ජනාධිපතිවරණය සඳහා “ගෑස් සිලින්ඩරය” ලකුණ හිමිවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් ප්‍රකාශයට පත් කෙරේ
2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් ප්‍රකාශයට පත් කෙරේ
2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා 39 ක් පිළිගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළා.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් ලෙස පිළිගත් අයගේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළා.
අදාළ නම් පහතින්.
* දිලිත් සුසන්ත ජයවීර
* සරත් මනමේන්ද්‍ර
* අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්
* එස්. පී. ලියනගේ
* පානි විජේසිරිවර්ධන
* ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංම
* අජන්ත ද සොයිසා
* බත්තරමුල්ලේ සීලරතන හිමි
* සරත් ෆොන්සේකා
* නුවන් සංජීව බෝපගේ
* හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්
* ජනක ප්‍රියන්ත රත්නායක
* කේ.කේ පියදාස
* මයිල වාගනම් තිලකරාජා
* සිරිපාල අමරසිංහ
* පාක්‍ය සෙල්වම් අරියනේත්‍රන්
* සරත් කීර්තිරත්න
* කේ. ආනන්ද කුලරතන්
* නාමල් රාජපක්ෂ
* අක්මීමන දයාරතන හිමි
* කේ.ආර්. කිෂාන්
* පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ
* විජයදාස රාජපක්ෂ
* අනුර සිඩ්නි ජයරත්න
* සිරිතුංග ජයසූරිය
* මහින්ද දේවගේ
* මොහොමඩ් ඉල්ලයාස්
* ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
* ඇන්ටනි වික්ටර් පෙරේරා
* කීර්ති වික්‍රමරත්න
* සජිත් ප්‍රේමදාස
* රනිල් වික්‍රමසිංහ
* මරක්කල මානගේ ප්‍රේමසිරි
* ලලිත් ද සිල්වා
නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා 03 ක් ඉදිරිපත් වෙයි
2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා සම්බන්ධයෙන් වන විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලය මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.
ඒ අනුව නාමයෝජනා 03 ක් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ.
එම විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව ඒවා ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
