නාමයෝජනා බාරදීමෙන් පසු මැතිවරණ කොමිසමට පැමිණිලි 3ක්

ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසු, පැමිණිලි තුනක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් මෙම පැමිණිලි තුන වාර්තා වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දා සිට මැතිවරණ කොමිසම වෙත වාර්තා වූ සමස්ත පැමිණිලි ගණන 437 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් හේතුවෙන් මාතර දෙසට වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කෙරේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් මාතර දෙසට වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාව නැවතුනේ ඇයි? මාලිමාවේ ගණකාධිකාරීවරයා හෙලිකල හිටපු ආණ්ඩුවේ වැඩේ……

https://www.youtube.com/embed/Bsf-CLJ6nKg?si=vB0ydn-ohXPaNXMU” title=

ජනපති අපේක්ෂකයින් 39 ක් ඉදිරිපත් කරමින් වාර්ථාවක් තැබූ ශ්‍රී ලංකාව……

https://www.youtube.com/embed/Lr09q2RBUXY?si=dslIWVPesGjeJqzt” title=

තායිලන්තයේ ලාබාලතම අගමැතිනිය ලෙස හිටපු අගමැතිගේ දියණිය තේරී පත්වෙයි

තායිලන්තයේ නව අගමැතිනිය ලෙස Paetongtarn Shinawatra තේරී පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇය හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ දියණිය වන අතර, 37 හැවිරිදි ඇය එරට ලාබාලතම අගමැතිනිය බවයි සඳහන් වන්නේ.

ඔවුන්ට පාර්ලිමේන්තුවේ ආසන 314ක් හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

රජයේ විශ්‍රාමිකයින්ට අන්තර්කාලීන දීමනාව ගෙවීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

සියලුම රජයේ විශ්‍රාමිකයින් වෙත අන්තර්කාලීන දීමනාවක් ගෙවීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2024 වසරේ ඔත්තෝම්බර් මස සිට අදාළ දීමනාව ගෙවීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ චක්‍රලේඛය පහතින්.

66beef8db8021pdf_page_0

ඉන්දියා – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය අද සිට යළිත් ආරම්භ වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය අද (16) සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙම මගී යාත්‍රා සේවය සඳහා Online ක්‍රමයට ප්‍රවේශපත්‍ර වෙන්කිරීම සඳහා පසුගියදා අවස්ථාව ලබාදී තිබුණා.

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ තමිල්නාඩුවේ නාගපට්නම් අතර මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක වනවා.

ජනපතිවරණ ඡන්ද පත්‍රිකාව අද රජයේ මුද්‍රණාලයට

ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව අද (16) දිනය තුළ මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට භාරදෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එය සකස් කිරීමේ කටයුතු සිදුවන බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව 39ක් වන අතර, ඒ අනුව 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකාවට වඩා මෙවර ඡන්ද පත්‍රිකාව තරමක් දිගු වන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

එහි ප්‍රමාණය සහ ඒ සඳහා යන වියදම ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.