https://www.youtube.com/embed/82ASsEXUocA?si=F6oQuzabV4m94PoX” title=
Author: Supun
SMS කරලා අහන්න කියන ප්‍රශ්නෙට අනුර උත්තර දෙයි..ප්‍රසිද්ද මාධ්‍ය නාලිකාවක් උත්තරෙන් චොර වෙලා ගියාද
https://www.youtube.com/embed/5Ggl-06mEGw?si=lmFG6W1FjfWs_mry” title=
ස.ජ.බේ කර පිටින් කුරුණෑගලට ආපු දයාසිරි…..
https://www.youtube.com/embed/Ys2vYIyfhkE?si=eAVeqCVrgK-Amcdc” title=
දිලිත් ජයවීරගේ මංගල රැලිය අද යාපනයේදී
සර්ව ජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීරගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල රැලිය අද (17) යාපනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව යාපනය රක්ක පාර ක්‍රීඩාංගනයේදී අද සවස 2.30ට එම රැළිය ආරම්භ වීමට නියමිතයි.
සජිත් ප්‍රේමදාසගේ මංගල රැලිය කුරුණෑගලදී පැවැත්වෙයි
සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල රැළිය ඊයේ (16) සවස කුරුණෑගල දී පවත්වා තිබෙනවා.
එම රැලිය සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් දේශපාලන නායකයන් රැසක් සහභාගී වී ඇති බවයි වාර්තා වෙන්නේ.
අනුර කුමාර දිසානායකගේ මංගල මහ රැලිය අද දකුණු පළාතේදී
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල මහ රැලිය අද (17) දකුණු පළාතෙන් ආරම්භ වීමට නියමිතයි.
රනිල් වික්‍රමසිංහගේ මංගල රැලිය අද අනුරාධපුරයේදී
ස්වාධීන අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල රැලිය අද (17) අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේදී අද සවස 2ට එම රැළිය ආරම්භ වීමට නියමිතයි.
ඡන්දදායකයන් මුදලට විකිණෙන්න ඉඩ දෙන්න බැහැ – මැතිවරණ කොමසාරිස් ජනරාල්
රටේ පාලකයා තෝරාගන්නා ගනුදෙනුව මුදලට විකිණෙන දෙයක් නොවිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
පසුගිය වර්ශයේ සම්මත වූ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතියට අදාළ කරුණු බලාපොරොත්තු වූ ලෙසම නොමැති වුවත් ලැබුනු දේ තුළින් අදාළ කාර්යය යම් මට්ටමකින් කරගෙන යෑමට මැතිවරණ කොමිසම කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.
ඡන්දයක් සඳහා මුදල අවශ්‍ය නමුත්, ඡන්දදායකයන් පාරිභෝගිකයන් වී මුදලට විකිණෙන තත්ත්වයකට පත්වීමට ඉඩ නොතැබිය යුතු බැවින්, මැතිවරණ වියදම් සඳහා යම් සීමාවන් අවශ්‍ය බවයි ඔහු පෙන්වා දුන්නේ.
රජයේ විශ්‍රාමිකයින්ට රුපියල් 3000ක අතුරු දීමනාවක්
රජයේ සියලුම විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000ක අතුරු දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
සැප්තැම්බර් මාසයේ දීමනාව සමඟ මෙම අතුරු දීමනාව ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වන බවයි එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ.
අදාළ චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවටද යොමු කර ඇති බව වාර්තා වෙනවා.
විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ නවකතා කෙටි ලැයිස්තුව ප්‍රකාශයට පත්කෙරේ
‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ සඳහා ඉදිරිපත් වූ නවකතා අත්පිටපත් අතුරින් කෙටි ලැයිස්තුගත වන (Shortlist) නිර්මාණ අත්පිටපත් 03 අද ප්‍රකාශයට පත්කෙරුණා.
මෙහි නිර්මාණ ඇගයුම් මණ්ඩල සාමාජිකයන් ලෙස ප්‍රභා මනුරත්න, විදර්ශන කන්නන්ගර සහ රංජිත් පෙරේරා කටයුතු කරනවා.
මින් පෙර මෙහි දීර්ඝ ලැයිස්තුගත (Longlist) නිර්මාණ 07 ක් ප්‍රකාශයට පත්කළ අතර ඒ අතුරින් අවසාන වටය සඳහා මෙම නිර්මාණ 03 තෝරා පත්කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.
‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024 – ජය මූර්ති ප්‍රදානය’ සැප්තැම්බර් 01 වන දින පැවැත්වීමට නියමිත අතර මෙහි ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස හෙළකුරු කටයුතු කරනවා.
