මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් එක් ඡන්ද දායකයෙකු⁣ සඳහා වියදම් කළ හැකි උපරිමය රු.109කට සීමා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්ද හිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බවට සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සියලු පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින්, වෙනත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් සහ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් සමග සාකච්ඡා කර මෙම වියදම් සීමාවන් තීරණය කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

ඒ අනුව ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි එක් ඡන්දහිමියෙකු වෙනුවෙන් රුපියල් 109කට නොවැඩි මුදලක් එක් අපේක්ෂකයෙකු විසින් සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ලෙස වැයකළ හැකි වන අතර, වියදම් කළ හැකි සමස්ත සීමාව රුපියල් 1,868,298,586.00 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතු වනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

66c4045777072pdf_page_0 66c40458aaf9epdf_page_1

මෙම වසරේ මුල් මාස 7 තුළ ළමා අපරාධ 1,323ක් වාර්තා වෙයි

මෙම වසරේ මුල් මාස 7 තුළ ළමා අපරාධ 1323 ක් වාර්තා වී ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසනවා.

අදාළ කාලසීමාව තුළ ගැහැණු දරුවන් අපයෝජනයට පත්කිරීමේ සිදුවීම් 813 ක් වාර්තා වී ඇති බවයි එහි නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර සඳහන් කළේ.

වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට බලහත්කාරකම් කිරීම් සම්බන්ධයෙන් වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 177 ක් බවද වැඩිදුරටත් සඳහන්.

“අපි අනුර දිසානායක සෙල්ලම් නැහැ” මහ වැස්සේ ගාල්ල හොල්ලපු මාලිමාවේ හර්ෂණගේ කතාව….

https://www.youtube.com/embed/5uJFw4FwQJs?si=j0emFX7ryliSCU0i” title=

හිටිහැටියේ දරුණු වුන කාලගුණය රත්නපුර ප්‍රදේශ කිහිපයකුත් ජලයෙන් යට වෙයි…..

https://www.youtube.com/embed/aNYP5w6CMs4?si=q-fWSst-4feUe1fU” title=

සැලුන් දොර ඇරලා යන්නත් එන්නත් පුළුවන් අළුත්ගම කන්දේ විඑහාරයේදී නාමල් කියපු දේ….

https://www.youtube.com/embed/dpeq0FDrpEM?si=CiIiA4-henaC_rbk” title=

මේක පක්ෂ එකතු වෙලා ඔබේ අනාගතය තහවුරු කරන ව්‍යාපාරයක් – රනිල්

තම මැතිවරණ ව්‍යාපාරය පක්ෂ අනුව බෙදී වෙන්වීම සඳහා නොව පක්ෂ එකතු වී ජනතාවගේ අනාගතය තහවුරු කිරීම සඳහා සිදුකරන්නක් බව ස්වාධීන අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රට ආරක්ෂා කිරීම වෙනුවෙන් තුන් සිංහලයම එකට එකතු වන්නේ තම මැතිවරණ ව්‍යාපාරය තුළ බවයි ඔහු සඳහන් කළේ.

තමා පක්ෂ භේදයකින් තොරව ස්වාධීනව ගෑස් සිලින්ඩරය ලකුණෙන් ඉදිරිපත් වීමට තීරණය කළේ එබැවින් බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

PAYE බද්දේ සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා වැඩි කරනවා – අනුර

තම පාලනයක් තුළ PAYE හෙවත් උපයන විට බද්ද සඳහා දැනට පවතින සීමාව රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ දෙක දක්වා වැඩි කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව එම බද්දට යටත් වනුයේ ආදායම රුපියල් ලක්ෂ දෙකට පසුව පමණක් බවයි ඔහු සඳහන් කළේ.

දැනට පවතින ලක්ෂයේ සීමාව හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, බැංකු නිලධාරීන් වැනි වෘත්තියවේදීන්ගේ වැටුපෙන් වැඩි කොටසක් ආණ්ඩුව බදු ලෙස කපා ගන්නා බවද, ඒ හේතුවෙන් ඔවුන් අඛණ්ඩව රට හැර යන බවද ඔහු පෙන්වා දුන්නා.

සීමාව ලක්ෂ දෙක කිරීමෙන් රජයට අහිමි වන්නේ රුපියල් බිලියන 54ක් පමණක් බවත්, දැනට බදු ගෙවීම් පැහැර හැර ඇති අයගෙන් බදු අයකරගැනීම හරහා එම මුදල පළමු වසර තුළදීම සොයාගත හැකි බවයි ඔහු අවධාරණය කළේ.

විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යෙන්ම ඉවත් කරනවා – සජිත්

තම පාලනයක් තුළ විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කර පාර්ලිමේන්තුව කේන්ද්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වැළඳගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

මීට පෙර බොහෝ දෙනෙක් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට කයිවාරු ගැසුවද ඔවුන් කිසිවෙක් එය වෙනස් නොකළ බවයි ඔහු පෙන්වා දුන්නේ.

තමාට තනතුරු අසාවක් නොමැති බවද, එහෙයින් විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට අවංකව පොරොන්දු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

බංග්ලාදේශයේ පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කෙ​රේ

බංග්ලාදේශයේ විරෝධතා හේතුවෙන් වසා දැමුණු පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමට එරට අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇති බව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රැකියා කෝටා ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා පැවැති විරෝධතා හේතුවෙන් පාසල් සහ විශ්වවිද්‍යාල ජූලි මස 17 වැනිදා සිට වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබුණා.