මාලිමාව ඡන්ද ලක්ෂ 70 වඩා ගන්නේ කොහොමද ? ගන්න විදිහ අනුර කියලා දෙයි…

https://www.youtube.com/embed/J4KcF_NHrkU?si=2vKixj2ot-CRVByY” title=

මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ රට හදන්න හැකියාව මට තියෙන නිසා – රොෂාන් රණසිංහ

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ රට හැදීම සඳහා වන ධාරිතාවක් තමාට ඇති නිසා බව ස්වාධීන ජනාධිපති අපේක්ෂක රොෂාන් රණසිංහ පවසනවා.

රස්සාවක් හෝ අඩු තරමින් සිල්ලර කඩයක් හෝ නොකරන ලද මිනිසුන් පාලනය භාර ගැනීමට යටයුතු කරමින් ඇති බවයි අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

මිනිසුන් ඇද රැස්වීම් පැවැත්වුවාට දිනන්නේ කවුරුන්දැයි තීන්දු කරන්නේ කසේදැයි ගැටලු සහගත බවයි  රොෂාන් රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපති අපේක්ෂකයින්ගේ විවාදයට එරෙහිව ජනක රත්නායකගෙන් පැමිණිල්ලක්

එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට සංවිධානය කර ඇති රූපවාහිනී දේශපාලන සංවාදයකට ජනාධිපති අපේක්ෂකයින් හයදෙනෙකුට පමණක් අවස්ථාව ලබාදීමෙන් අනිත් ජනාධිපති අපේක්ෂකයන් නොසලකා හැරීමෙන් ඔවුන්ට අසාධාරණයක් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මැතිවරණ කොමිසමට මේ පිළිබඳ පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කටයුතු නොකරන්නේ නම් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කනේ ඉඳන් අඟ කන අය ගැන මට හොඳට පුරුදුයි – මහින්ද

ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවත්, අනිවාර්යෙන්ම මැතිවරණය ජයග්‍රහණය කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

එල්ල වන විවිධ බාධා තමන්ට හොඳින් හුරු අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, “කනේ ඉඳන් අඟ කන අය ගැන මට හොඳට පුරුදුයි” යන්නයි.

සෑම කණ්ඩායමක්ම එක් කර ගනිමින් ජයග්‍රහණ කිරීමට කටයුතු කරන බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපති ලේකම් කාර්යාලය One-stop Shop එකක් බවට පත් කරනවා – සජිත්

සිය පාලන කාලයක් තුළ ජනාධිපති ලේකම් කාර්යාලය ආයෝජකයින්ට කඩිනම් අනුමැතිය ලබාදීම සඳහා වන “One-stop Shop” එකක් බවට පරිවර්තනය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ අනුව ගම් නියම්ගම්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සිසාරා කර්මාන්ත ශාලා බිහිකරන ගමන 22 වැනිදා සිටම ක්‍රියාත්මක කරන ලෙස තමන් දැනටමත් ආයෝජකයින්ට ප්‍රකාශ කර ඇති බවයි ඊයේ (19) නාවලපිටියේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ජනාධිපති ලේකම් කාර්යාලය “One-stop Shop” එකක් බවට පත් කිරීමේ සංකල්පය රණසිංහ ප්‍රේමදාස යුගයේ ද ක්‍රියාත්මක වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මාලිමා​වේ ජයග්‍රහණයකින් පසු ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයන්ට නිය තුඩකින්වත් හානිවෙන්න දෙන්නේ නැහැ – අනුර

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පැමිණියහොත් අරම වෙයි මෙහෙම වෙයි කියමින් ප්‍රතිවාදීන් දැන් සමාජය තුළ බියක් මවමින් ඇති බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඉතිහාසයේ ඇතැම් ඝාතන පිළිබඳව රනිල් වික්‍රමසිංහ ප්‍රචාරක මෙහෙයුමක් සාදා ඇති බවද, ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයම දියත් කර ඇත්තේ අවලාද සහ අසත්‍ය තොරතුරු මත පදනම්ව බවද ඔහු පෙන්වා දෙනවා.

කුරුණෑගල සජබ රැස්වීමේදී ජාතික ජන බලවේගය බලයට පැමිණියොත් ඇත්කඳ විහාරයේ පෙරහැර නවත්වන බවට සජබ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළ බවද, එම මන්ත්‍රීවරයා තම පක්ෂයට ඔහුව එක්කර ගන්නැයි කියමින් තිස් හතලිස් වතාවක් පැමිණ ප්‍රතික්ෂේප වූ මන්ත්‍රීවරයෙක් බවද ඔහු සඳහන් කළා.

කෙසේනමුත් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයකින් පසු ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයන්ට නිය තුඩකින්වත් හානියක් සිදු නොවන බවද, එහි පූර්ණ වගකීම තමන් භාරගන්නා බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

විදුලිබල මණ්ඩලයට 2024 වස​රේ පළමු මාස 06 දී රුපියල් බිලියන 119 ක ශුද්ධ ලාභයක්

ලංකා විදුලිබල මණ්ඩලය 2024 අප්‍රේල් – ජූනි කාර්තුව තුළ දී බදු ගෙවීමෙන් පසු රුපියල් බිලියන 34.53 ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.

2024 ජනවාරි – මාර්තු කාර්තුව තුළ දී විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 84.67 ක ශූද්ධ ලාභයක් වාර්තා කිරීමටද සමත් වුණා.

ඒ අනුව 2024 වසරේ පළමු මාස 6 තුළ ලංකා විදුලිබල මණ්ඩලය වාර්තා කර ඇති සමස්ත ලාභය රුපියල් බිලියන 119.20 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

66c4713508f62

කළුතර ප්‍රදේ​ශ කිහිපයක මාර්​ග තවදුරටත් ගංවතුර තත්ත්වය​ක

කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් මහා ගංවතුර තත්ත්වයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, පාලින්දනුවර, මිල්ලනිය සහ බුලත්සිංහල යන ප්‍රදේශවල මාර්ග කිහිපයක් තවදුරටත් ජලයෙන් යට වී පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66c448154dd50

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන් සැප්තැම්බර් 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ව සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඔවුන්ව අද (20) දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ දිනවල ළමා හතිය වැනි රෝග තත්ත්වයන් ව​ල ඉහළ යාමක් තිබෙනවා – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

ළමා හතිය වැනි රෝග තත්ත්වයන් මේ දිනවල වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

මේ වන විටත් ඉන්ෆ්ලුවෙන්සා සහ ඒ හා සමාන වෛරස් උණ කිහිපයක් පැතිරගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.

කැස්ස, හෙම්බිරිසාව, උණ පවතිනවා නම් දරුවන්ව නිවසේ තබාගන්නා ලෙසත්, රෝග ලක්ෂණ ඇත්නම් මුව ආවරණයක් පළඳින ලෙසත් විශේෂඥ වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රාත්‍රී කාලයේ කැස්ස ඇති වෙනවා නම් එය ළමා හතිය විය හැකි බවත්, කැස්ස, උණ සමග පපුව වේදනා ඇති නම්, උණ දිගටම පවතී නම්, නිව්මෝනියා තත්ත්වයට පත්ව ඇත්දැයි සොයා බැලිය යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ.