පෙර පාසල් සිසුවියන් දෙදෙනෙක් අපයෝජනය කිරීමේ සිදුවීමක් නිසා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උණුසුම් තත්ත්වයක්

පෙර පාසල් සිසුවියන් දෙදෙනෙක් ලිංගික අපහරණයට ලක්කිරීමේ සිදුවීමක් වාර්තාවීමත් සමඟ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බද්ලාපූර් නගරයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

අවුරුදු 3ක් සහ 4ක් වන මේ දැරියන් දෙදෙනා මෙලෙස අපයෝජනයට ලක්කර ඇත්තේ එම පෙර පාසල පවිත්‍ර කිරීමේ නිරත 23 හැවිරිදි කම්කරුවෙක් විසින් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

සිද්ධයෙන් කෝපයට පත්වූ දෙමාපියන් සහ ගම්වාසීන් පාසලට පැමිණ ඊට හානි කර ඇති අතර, පසුව බද්ලාපූර් දුම්රිය ස්ථානය වෙත පැමිණ එහි කටයුතුවලට බාධා කර ඇති බවයි සඳහන් වෙන්නේ.

සිද්ධියේ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අලුත් කළ නොහැකි රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට පියවර

අලුත් කළ නොහැකි සියලු රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අලුත් කළ නොහැකි බර වාහන රියැදුරු බලපත්‍ර ලක්ෂ 11ක පමණ තොගයක් මේ වසර අවසන් වීමට පෙර අවලංගු කෙරෙන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ සඳහන් කළේ.

එම රියැදුරු බලපත්‍රලාභීන් සහන කාලයක් තුළ නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම සිදුකළ යුතු බවත්, ඒ සඳහා ඔවුන් නිසි පරිදි වෛද්‍ය පරීක්ෂණ සඳහා මුහුණ දීම ද කළ යුතු බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.

මීට අමතරව, අලුත් කළ නොහැකි සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍ර හිමියන් ලක්ෂ 10ක බලපත්‍ර ද, ඉදිරියේදී අවලංගු කිරීමට නියමිත බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

ගිං ගඟ සහ කුඩා ගඟ ද්‍රෝණි​ය ආශ්‍රි​ත පහත්බිම් වලට ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

ගිං ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු ලෙස අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි පැය 48 ක කාලය තුළ නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය-දිවිතුර, ඇල්පිටිය, අක්මීමන, බද්දේගම හා බෝපේ/පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එසේම කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය වෙත නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයද ඉදිරි පැය 48 ක කාලය සඳහා දීර්ඝ කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්

66c582c0e04e8pdf_page_0 66c59484b8ae2

පොහොර සහනාධාරය රුපියල් 30,000ක් දක්වා වැඩි කිරීමට යෝජනාවක්

ලබන වසරේ සිට වී වගාවට පොහොර මිල දී ගැනීම සඳහා දැනට රජය විසින් ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් 30,000ක් දක්වා වැඩි කිරීමට යෝජනාවක් ඉදිරිපත් කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

වගා කන්න පහක් තුළ, වී අස්වැන්න දෙගුණයක් බවට පත් කිරීම සදහා රජය විසින් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත්, ඒ අනුව වී වගාවට අවශ්‍ය පොහොර කළට වේලාවට යෙදීම කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

දැනට පොහොර මිල දී ගැනීම සඳහා ලබාදෙන රුපියල් 10,000ක මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව රජය වටහා ගෙන ඇතත්, පැවැති ආර්ථික තත්ත්වය මත ඊට වඩා වැඩි මුදලක් ලබා දීමේ හැකියාවක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම ඉදිරි මහ කන්න දෙකේ දී MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ගොවි ජනතාවට නොමිලයේ ලබා දීමට ද නියමිත බවත්, ඒ අනුව ගොවීන්ට අවශ්‍ය සමස්ත MOP පොහොර ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට පියවර ගන්නා බවත්, පොහොර සහනාධාරය රුපියල් 30,000ක් දක්වා වැඩි කළහොත් ඒ සඳහා රුපියල් බිලියන 30ක පමණක් මුදලක් වැය වෙනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ

ගසක් කඩා වැටීම නිසා පුත්තලම දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

පුත්තලම දුම්රිය මාර්ගයේ හලාවත සහ බංගදෙණිය අතර දුම්රිය හරස් මාර්ගයට ගසක් කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

බාල ඖෂධ නිසා අන්ධභාවයට පත් වූ රෝගීන් පිරිසක් වන්දි නඩු 3 ක් ගොනු කරයි

නුවරඑළිය මහ රෝහලේ ඇසේ සුද ඉවත්කිරීම සඳහා සිදු කරන ලද ශල්‍යකර්ම සඳහා යොදාගන්නා ලද බාල ඖෂධ හේතුවෙන්, අන්ධ භාවයට පත් වූ නුවර එළිය, වැලිමඩ ආශ්‍රිත ප්‍රදේශවල රෝගීන් විසින් ඊයේ දිසා අධිකරණයේදී වන්දි නඩු 03ක් ගොනු කර තිබෙනවා.

ඒ අනුව එහි වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා, ඒ වගේම සෞඛ්‍ය ලේකම්වරයා සහ ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු 12 දෙනෙකු නම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම රෝගීන්ගෙන් බහුතරයක් බාල බෙහෙත් ද්‍රව්‍ය හේතුවෙන් පූර්ණ කාලීනව අන්ධභාවයට පත්ව ඇති බවයි ඔවුන් සිය පෙත්සම මඟින් පෙන්වා දී තිබෙන්නේ.

පැමිණිලිකරුවන් තිදෙනෙකු වග උත්තරකරුවන්ට එරෙහිව රුපියල් මිලියන 100ක වන්දි ඉල්ලා මෙම නඩුව ගොනුකර ඇති බව වැඩිදුරටත් සඳහන්.

ගෙම්බෝ පනින කතාවට මන්ත්‍රී රෝහණ බණ්ඩාරගේ අමුතුම ප්‍රතිචාරය….

https://www.youtube.com/embed/WmRwZNKgTWs?si=m6kp7SYBo9WapWlc” title=

ගුරුවරියක් ලෙස පෙනී සිටිමින් සුපිරි වෙළදසැල් වලින් හොරකම් කල කාන්තාවක් පොතුහැර පොලීසියට කොටු වෙයි…

https://www.youtube.com/embed/xE0eus_9wJw?si=5wRfFjBJiSFWKV0g” title=

පුද්ගලයෙකුට දිවි අහිමි කරමින් රජරට රැජීනේ වැදුන ලොරි අනතුරට හේතුව ගැන ප්‍රදේශවාසීන්ගෙන් චෝදනාවක්…

https://www.youtube.com/embed/CvjacrEA_K4?si=cKUHOnjMlRDZXhj4″ title=