අඟුරුවා‌තොට ප්‍රදේශයේ මඤ්ඤොක්කා කොටුවකින් හමුවුන ජීව අත් බෝම්බය….

https://www.youtube.com/embed/oINdWH2vEXY?si=FhBswKA2YPBtji8u” title=

21 වෙනිදට ස්වීච් එක දාන්න 22 දා වැඩ පටන් ගමු ප්‍රතිපත්ත ප්‍රකාශය එලිදැක්වූ ජනපති කියපු දේ….

https://www.youtube.com/embed/854C_inWCsQ?si=w138NAU2DA8703bE” title=

“අවුරුදු 76 නොකරපු දේවල් දවස් 52 න් කරලා පෙන්නන්නම්” හරීන්ට කලබල වෙන්න එපා කියපු නලින්ද….

https://www.youtube.com/embed/qj_kTER1EBQ?si=Yq0adBBaSQaFCuSk” title=

“මම ජෙප්පෙක් නෙමෙයි” මාලිමාවේ කන්තලේ වේදිකාවට නැගපු රංගන ශිල්පියා කියපු කාටත් අමතක නොවෙන කතාව……

https://www.youtube.com/embed/EVeKLo02jRc?si=x9S681GaMU1-X3Y8″ title=

“ඊලග පැමිනිල්ල නාමල්ටයි” අනුරට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය පැමිනිල්ල…

https://www.youtube.com/embed/JhHfN44Dx5c?si=FT90VtSmDAfb-7iA” title=

මහ බැංකු අධිපති එවැනි ප්‍රකාශයක් කිරීම තදබල වරදක් – මහින්ද ​දේශප්‍රිය

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් මැතිවරණයක් අභියසදී යම් අපේක්ෂකයෙකුගේ ප්‍රතිපත්ති අගතියට පත්වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම තදබල වරදක් බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.

මෙයට කලකට පෙර ආරක්ෂක හමුදා ප්‍රධානීන් සහ ලේකම්වරුන් විසින්ද, වෙනත් ආකාරයකට රට වෙනස් වුනොත් නැවතත් ත්‍රස්ථවාදය පැමිණේයැයි මෙලෙසම කියූ බවද, එයට විරුද්ධව ඒ දිනවල තදින් කරුණු දැක්වූ පිරිස් මෙම ප්‍රකාශය ගැන කිසිවක් නොකියන බවද ඔහු පෙන්වා දෙනවා.

තමන් එය එදත් වැරදි බව ප්‍රකාශ කළ බවද, අදත් මෙය වැරදි බව ප්‍රකාශ කරන බවද, කුමන පක්ෂයකින් සිදුකළත් වරද වරදම බවද ඔහු සඳහන් කළා.

මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක රාජ්‍ය නිලධාරීන් යම් පක්ෂයක අපේක්ෂයෙකුගේ ප්‍රතිපත්ති අගතියට පත්වන ආකාරයේ ප්‍රකාශ කිරීම මැතිවරණ නීති තදබල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි ඔහු අවධාරණය කළේ.

ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ ඡන්ද දායකයින් වෙත තැපෑලෙන් නොමිලේ බෙදා හැරීමට පහසුකම් සපයා තිබෙනවා – මැතිවරණ කොමිෂන් සභාව

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් තැපැල් මාර්ගයෙන් ඡන්ද දායකයින් වෙත බෙදා හැරීමට පහසුකම් සලසා ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ප්‍රතිපත්ති ප්‍රකාශ මෙන්ම අවශ්‍ය ලිපිලේඛණ ද තැපෑල හරහා නොමිලයේ ජනතාව වෙත බෙදා හැරීමට හැකියාව ඇති බවයි එම කොමිසමේ සභාපති ආර්.එල්.ඒ.එම්. රත්නායක මහතා පැවසුවේ.

ණය ලබාගෙන ඒවා සොරකම් කරලා රාජපක්ෂලා කෝටිපතියෝ වුනා, මහජනතාව ඒ කරුමය ගෙවනවා – සරත් ෆොන්සේකා

ණය ලබාගෙන ඒවා සොරකම් කරමින්, කොමිස් හා පගා ලබාගෙන ප්‍රතිලාභ නැති ව්‍යාපෘති සිදුකර රාජපක්ෂලා කෝටිපතියන් වූ බවත්, මහජනතාව එම කරුමය ගෙවන බවත් ජනාධිපති ධුර අපේක්ෂක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

උපදින්නට ඉන්නා දරුවාගේ සිට සෑම කෙනෙකුම මේ වනවිට ලෝකයට ලක්ෂ 10 ක් ණයවී ඇති බව ද, ගන්නා ලද ණයවල ප්‍රතිලාභ ජාවාරම්කාරයින්ට ලැබුණු බව ද, මහජනතාවට නොකා නොබී එම ණය ගෙවීමට සිදුවී ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.

ඡන්දදායකයින්ගෙන් 95%ක් වත් පාවෙන ඡන්ද විය යුතු බවත්, යථාර්තවාදීව කල්පනා කරන්නට පටන් ගත යුතු බවත්, එසේ වුවහොත් පමණක් මේ නරාවලෙන් ගොඩ ආ හැකි බවයි ඔහු සඳහන් කළේ.

එසේ නොවුනහොත් මෙරට දරුවන්ට හා තරුණ තරුණියන්ට අද වැඩිහිටියන් ගත කරන ජීවිතය හෝ තව අවුරුදු දෙක තුනකින් ගත කිරීමට නොහැකි වනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1482ක් දක්වා ඉහළට

මැතිවරණ කොමිෂන් සභාව වෙත ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ති‍බෙනවා.

ඒ අනුව පසුගිය ජූලි මස 31 වැනිදා සිට අගෝස්තු 29 වන දින දක්වා ලැබී තිබුණු මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1482ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිෂන් සභාව පවසන්නේ.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි සංඛ්‍යාව 1419 ක් වන අතර, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 07 ක්ද, වෙනත් පැමිණිලි 56 ක්ද ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.