ධම්මික පෙරේරා ආවට පස්සේ වෙච්ච දේ..පොහොට්ටුවේ ඇතුලේ තවත් කතා එස්.බී එලියට දායි….

https://www.youtube.com/embed/zQDYTUkkaoE?si=4AwAnLgyDNyO306Z” title=

ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගන්න මම ඉල්ලන්නේ වසර 05 යි – ජනපති

තමන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පසුගිය දෙවසර තුළ ගොඩ නැඟූ ආර්ථිකය ශක්තිමත් ස්ථාවරත්වයකට ගෙන ඒමට බවත් ඒ සඳහා තමන් ඉල්ලා සිටින්නේ වසර පහක කාලයක් පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

පෝලිම් යුගය අවසන් කර, ජීවන බර අඩු කර, බදු සහන ලබා දෙමින් මෙරට ආර්ථික පරිවර්ථනයක් ඇති කිරීමට පදනම සකස් කළ තමන්ට ඡන්දය ඉල්ලීමට අයිතියක් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජනතාව දුෂ්කරතාවයට පත්ව සිටි අවස්ථාවේ පැන ගිය දේශපාලනඥයන්ට සැප්තැම්බර් 21 වනදා අමතක නොකර නියමිත තැන ලබා දෙන ලෙසද අවධාරණය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (01) පෙරවරුවේ වව්නියාව Young Star  ක්‍රීඩාංගණයේදී පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලියට එක් වෙමින්.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66d451825a10epdf_page_3 66d4518244f2bpdf_page_2 66d451822d529pdf_page_1 66d451821b09dpdf_page_0

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය සජිත්ට

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය එළබෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මේ බව සඳහන් කළා.

සැප් 21 රනිල්ට ඡන්දෙ දැම්මොත් රනිල් ජනාධිපති, හැබැයි වෙන කෙනෙකුට දැම්මොත් 2025 දෙසැම්බර් රනිල් ජනාධිපති – අලි සබ්රි

රට කඩා වැටුණු අවස්ථාවේදී වගකීම භාර ගනිමින් තනි පුද්ගලයෙක් ලෙස රට ගොඩගැනීමට නායකත්වය ලබාදුන්නේ ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව අමාත්‍ය අලී සබ්රි පවසනවා.

සැප්තැම්බර් 21 රනිල් වික්‍රමසිංහට ඡන්ද ලබාදීමට කටයුතු කළ හොත් ජනාධිපති ධූරයට පත්වෙන්නේ රනිල් වික්‍රමසිංහ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේනමුත් වෙන කාට හෝ ඡන්දය ලබාදීමට කටයුතු කළහොත් ලබන වසරේ දෙසැම්බර් මාසයේ ජනාධිපති ධූරයට එන්නේද රනිල් වික්‍රමක්‍රමසිංහ බවත් නමුත් මෙවර ජනතාව තමාව තෝරාගැනීමට කටයුතු නොකළ හොත් යළි මෙයට අත නොගසන බවට ස්ථාවරයක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිටින බවයි අමාත්‍ය අලී සබ්රි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සැප්තැම්බර් මාසයේ ගෑස් මිල සංශෝධනයක් නැහැ – ලිට්‍රෝ සභාපති

මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනය අනුව සැප්තැම්බර් මාසයේ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඒ අනුව මේ වන විටත් පවතින මිලටම ගෑස් අලෙවිය සිදුවන බවයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.

ඩුබායි සිට තීරුබදු නොගෙවා නීතිවිරෝධීව මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ඩුබායි සිට තීරුබදු නොගෙවා නීතිවිරෝධීව මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපොළේ ඒකකය විසින් සැකකරු අද (01) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

සැකකරු සතුව තිබී නීතිවිරෝධී දුම්වැටි 20000ක් පොලිස් භාරයට ගෙන ඇති අතර පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය කටුනායක ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ ජය මූර්තිකා ප්‍රදානය අද

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ ජය මූර්තිකා ප්‍රදානය අද (01) කොළඹ දී සිදු කිරීමට නියමිතයි.

තරගය සඳහා ඉදිරිපත් වූ නවකතා අත්පිටපත් 96 ක්, කෙටිකතා සංග්‍රහ අත්පිටපත් 118 ක්, කාව්‍ය සංග්‍රහ අත්පිටපත් 199 ක් හා මුලින් සිංහල බසින් පළවී තිබූ නවකතා, කෙටිකතා හෝ කාව්‍ය සංග්‍රහයක් ඉංග්‍රීසි බසට පරිවර්තනය කර ඉදිරිපත් කළ අත්පිටපත් 20 ක් අතුරින්, දීර්ඝ ඇගයුම් ක්‍රියාවලියකින් පසු අවසන් වටය සඳහා තේරී පත් වූ 12 දෙනකු අතුරින් සිව් දෙනෙකු අද දින ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාග’ ජය මූර්තිකාවන් දිනා ගැනීමට නියමිතව තිබෙනවා.

සැප්තැම්බර් 10 වැනිදා මෙම ජයග්‍රාහී නිර්මාණ කෘති මුද්‍රණයෙන් එළි දැක්විමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ හි ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස හෙළකුරු කටයුතු කරනවා.

CEYPETCO ඉන්ධන මිල අඩු කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු  කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු. 12 කින් (නව මිල රු.332)

* පෙට්‍රල් 95 – රු. 02 කින් (නව මිල රු.377)

* ඔටෝ ඩීසල් – රු. 10 කින් (නව මිල රු.307)

* සුපර් ඩීසල් – රු. 03 කින් (නව මිල රු.352)

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

* භූමිතෙල් –  (නව මිල රු.202)

ගල්කිරියාගම වගාබිමකදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතළ තුවාල ලත් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වෙයි….

https://www.youtube.com/embed/Wup-71sl2Uw?si=SrNTuc4QCz7pXsKu” title=