නව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝබර් 15 න් පසු

නව ආරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍රය ඔක්තෝබර් මස 15 වැනි දා වනවිට මෙරටට ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

නව විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කර ඇති බවත්, ඉන් 50,000ක පළමු තොගය ඔක්තෝබර් 15 වැනි දා වනවිට මෙරටට ලැබෙන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒවා ලැබීමත් සමග දැනට විදෙස් ගමන් බලපත් නිකුත් කිරීමේදී මතුව ඇති අර්බුදයට විසඳුම් ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසුම අද ඇරඹෙයි

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (04) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද දිනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

අද දිනයට අමතරව අදාළ ස්ථානවල ලබන 06 වන දින ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ

එළඹෙන ජනාධිපතිවරණ ජන්ද විමසීමට අදාළව සමඟි ජන සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් ඔවුන් සමඟ එක වූ හිටපු අමාත්‍යය ප්‍රභා ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදි ජනතා කොංග්‍රසය සහ මානුෂීය ජනතා සන්ධානය ස්වාධීන වීමට තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

එළඹෙන ජනාධිපතිවරණ ජන්ද විමසීමට අදාළව සමඟි ජන සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් ඔවුන් සමඟ එක වූ හිටපු අමාත්‍යය ප්‍රභා ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදි ජනතා කොංග්‍රසය සහ මානුෂීය ජනතා සන්ධානය ස්වාධීන වීමට තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

සමඟියට 27ක් ලෙස එම එකඟතාවට අත්සන් තැබුවද එම එකඟතාව ලියවිල්ලකට පමණක් සීමා වී ඇති බවයි එම කණ්ඩායම පවසන්නේ.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට අදාළව ප්‍රචාරක කටයුතුවලට එම 27 කණ්ඩායම සම්බන්ධ කර ගැනීමට සමඟි ජන බලවේගයේ උනන්දුවක් නොමැති බවත් දැනට පවත්වන මහජන රැළි ආමන්ත්‍රණය කිරීමට හෝ අවස්ථාවක් ලබා දී නැති බවයි කියවුණේ.

සමඟි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට අදාළව මෙම 27 කණ්ඩායම විසින් වැඩපිළිවෙලක් භාර දුන්නද ඊටද යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට සමඟි නායකත්වය කටයුතු කර නැති බවද වාර්තා විය.

ඒ අනුව ඔවුන්ව මෙම මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට අදාලව මෙන්ම ඉදිරි සැලසුම්වලට අදාළව දායකකරගැනීමක් නොකරන හෙයින් තවදුරටත් සමඟි ජන සන්ධානය තුළ රැඳී සිටිනවාද යන්න තීරණයක් ගැනීමට සිදුව තිබෙන බවයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේ.

මෙම අර්බුදය විසඳා ගැනීමට ඊයේ (03) දිනයේද සාකච්ජා කිරීමට ප්‍රභා ගනේෂන් මහතා ප්‍රමුඛ කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිට ඇතත් ඊටද අවස්ථාවක් ලැබී නැති බව සඳහන්.

ඒ අනුවයි ඔවුන් සමඟි ජන සන්ධානයේ කටයුතුවලට තවදුරටත් සහය දක්වන පාර්ශවයක් නොවී ස්වාධීන වීමට තීරණයක් ගෙන ඇත්තේ.

ඛේදවාචකයකින් කෙලවර වුන මත්පැන් සාදය-දුරදිග ගිය බහින්බස් වීමක් – කුලියාපිටියේ තරුණයෙක්ව ඝාතනය කෙරේ

https://www.youtube.com/embed/AGj7A3TRnm8?si=wwQ8P1WgdHk9xRmX” title=

ජන ගංගාවකින් පිරී ඉතිරී ගිය නල්ලූර් කන්දස්වාමි කෝවිලේ තේර් උත්සවය….

https://www.youtube.com/embed/l6d1rx-5WfA?si=5Yp02kg4x0kaiIuz” title=

සුජීවට හොදටම තද වෙයි අනුරට විරුද්දව බිලියන 5 ක එන්තරවාසියක්…

https://www.youtube.com/embed/qPzrBVK1Nsw?si=3lQo8z6Np1VzAOuX” title=

ජන ගංගාවකින් පිරී ඉතිරී ගිය නල්ලූර් කන්දස්වාමි කෝවිලේ තේර් උත්සවය….

https://www.youtube.com/embed/l6d1rx-5WfA?si=iBgoePGCXfj-Kidk” title=

සමිත දුලාන් රිදී පදක්කමක් දිනා ගනියි

පැරිස් 2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීම (F64) ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු සමත්වී තිබෙනවා.

මීටර 67.03 ක පුද්ගලික හොඳම දුරක් සමඟින්, දුලාන්ට F44 කාණ්ඩයේ ඔහුගේම පෙර පැවති ලෝක වාර්තාව (මීටර් 66.49) බිඳ දැමීමට ද හැකිවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා අවලංගු කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව යළි නාමයෝජනා කැඳවීම සඳහා ද අවශ්‍ය පියවර ගැනීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සඳහන් කළේ.