කෙහෙළිය ඇතුළු තිදෙනෙකුට ඇප

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප ලබාදීමට නියෝග කර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉකුත් පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගැනුණු අතර ඊට පසුදින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

බන්ධනාගාර රැඳවියන් 350 කට හෙට නිදහස

සිරකරු දිනය වෙනුවෙන් සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවියන් 350 ක් පමණ හෙට (12) දිනයේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක පවසනවා.

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන්ට මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනමන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් මිලියන 100ක වන්දියක් ඉල්ලා හරිනිගෙන් තිස්ස අත්තනායකට නඩුවක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් ඉල්ලා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.

එම පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සහ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් නම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුගිය අගෝස්තු 19 වනදා මාවනැල්ල ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ රැස්වීමකදී, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ස්ථාපිත කළහොත් ශ්‍රී දළදා පෙරහර නැවැත්වීමට කටයුතු කරන බවට තිස්ස අත්තනායක ප්‍රකාශයක් සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

විත්තිකරු තමාවද සම්බන්ධ කරගනිමින් මෙම ප්‍රකාශය සිදු කර ඇතැයි චෝදනා කරන හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය, එම ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය මෙන්ම සාවද්‍ය බවයි සඳහන් කර ඇත්තේ.

මේ තුළින් සිය කීර්තියට වූ හානිය වෙනුවෙන් විත්තිකරුවන්ගෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසයි ඇය දිසා අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

ගීතාගේ රාජ්‍ය අමාත්‍ය ධුරය සීතාට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා අරඹේපොළ සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා පත් කර තිබෙනවා.

ඒ අනුව ඇය දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව මෙම පත් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

මීට පෙර මෙම රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළේ සමගි ජන බලවේගයට සහාය දැක්වූ ගීතා කුමාරසිංහයි.

මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම අසළ දුම්රිය පීලිපැනීමක්

මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානය අතර දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

ඒ අනුව පානදුර සිට මරදාන දක්වා ධාවනය වන මන්දගාමී දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය අවහිර වී ඇති බවත්, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිත සියලුම දුම්රියන් බොහෝ වේලා ප්‍රමාද වී ධාවනය වීමට හෝ ධාවනය අවලංගු වීමට ඉඩ ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් අද මැතිවරණ කොමිසමට කැඳවයි

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් අද (10) පෙරවරුවේ මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

ඊට අමතරව දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරුන් සහ නියෝජ්‍ය කොමසාරිස්වරුන් ද අද පෙරවරු 9.30 ට කොමිසමට කැඳවා ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ අද දිනයේ ඔවුන් සමග සාකච්ඡා කරන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ආණ්ඩුවෙන් සජිත් ලගට පැන්න ගීතා කුමාරසිංහ දැන් කියන අපූරු කතාව….

https://www.youtube.com/embed/JCH9Yxz26bY?si=F5IcNqSWXpFqHCSV” title=

රකාශය ජාතිවාදී විදිහට හිතන්න එපා අනුර වෙනුවෙන් සුමන්තිරන් කියපු දේ…..

https://www.youtube.com/embed/fRgRZuNnwJY?si=wEAf9QPPgT0M-Cnh” title=

“රට දුන්නොත් අපිත් ඉවරයි රටත් ඉවරයි” ස.ජ.බේ කපිතාන් ගයාන් විතානගේ ජාතික ජන බලවේගය ගැන කියපු සැර කතාව

https://www.youtube.com/embed/VasM-ImyqLc?si=Cnce2BR9lWvCtdI3″ title=