මෝටර් ර​ථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සමස්​ත ලංකා වීඩියෝ නිර්මාණ තරගාවලියක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් දීප ව්‍යාප්ත සමස්ත ලංකා වීඩියෝ නිර්මාණ තරගාවලියක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වාහන වායු විමෝචනය අවම කරමින් අනාගත පරපුර උදෙසා වඩාත් තිරසාර පරිසර පද්ධතියක් දායක කිරීමේ අරමුණෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය සමගින් මෙය සංවිධානය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව ඔක්තෝබර් 31 දක්වා මේ සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතින අතර වැඩි විස්තර සහ අයදුම්පත් මෙතැනින් ලබාගත හැකියි.

ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමයි

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) පස්වරු 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 6.00 වන විට සියළුම සිසුන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසයි පාලනාධිකාරිය දැනුම් දී ඇත්තේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝම්බර් 26 වනදා පැවැත්වීමට තීරණය කෙරේ

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා දින නියම කර තිබෙනවා.

ඒ අනුව එම මැතිවරණය ඔක්තෝම්බර් 26 වෙනිදා පැවැත්වීමට නියමිත බවයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා සඳහන් කළේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද දහවල් 12.00 ට අවසන් වුණා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා භාරගැනීමේ කටයුතු අවසන් වෙයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (12) අවසන් වුණා.

ඒ අනුව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදුජන එක්සත් නිදහස් පෙරමුණ යන ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම්ද නාම යෝජනා භාරදී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඇල්පිටිය ප්‍රදේශිය සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10 ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇප මුදල් තැන්පත් කර තිබුණා.

සීනි බදු වංචාව ගැන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට අප්‍රේල් 02 වැනිදා කැඳවීමට නියෝග

පසුගිය පාලන සමයේ ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරීමේදී රජයට රුපියල් කෝටි 1,590ක් පාඩු වූ බව පවසමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම පෙත්සම අද (12) කැඳවූ අවස්ථාවේදී මෙම නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා අද දින සිට සති අටක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස පැවසුවා.

ඊට අමතරව සංශෝධනය කරන ලද වගඋත්තරකරුවන්ගේ නාම ලේඛනය අද දින සිට සති හතරක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කර ඇති අතර ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකාබැලීම සඳහා අප්‍රේල් මස 02 වනදා කැඳවීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

IHP අගෝස්තු සමීක්ෂණයෙන් අනුරට 36%ක්, සජිත්ට 32%ක්, රනිල්ට 28%ක් සහ නාමල්ට 3%ක්

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට වැඩිහිටියන්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) විසින් අගෝස්තු මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණයක ප්‍රතිඵල වාර්තාව ඊයේ (11) නිකුත් කර තිබෙනවා.

අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක 36% ක් ලබා ගනිමින් පෙරමුණ ගෙන ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

එසේම ජනාධිපති අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස 32% ක ප්‍රතිශතයක් ලබාගනිමින් දෙවන ස්ථානය ද, රනිල් වික්‍රමසිංහ 28% ක් ලබාගනිමින් තෙවන ස්ථානය ද, නාමල් රාජපක්ෂ 3%ක් ලබාගනිමින් සිව්වන ස්ථානය ද ලබාගෙන ඇති බවයි සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

මෙම සමීක්ෂණය අගෝස්තු මාසය තුළ සිදු කරන ලද සම්මුඛ පරීක්ෂණ 1,153 ක් මත පදනම්ව ඇති බවද, සමීක්ෂණ ඇස්තමේන්තුව 3-7% අතර දෝෂ ආන්තිකයක් සමඟ තක්සේරු කර ඇති බවද සමීක්ෂණ වාර්තාවේ සඳහන්.

අදාළ වාර්තාව මෙතැනින්. මාධ්‍ය නිවේදනය මෙතැනින්.

66e2a7fff36f1

“දිනන බයට කට්ටිය ගුවන් ටිකට් පත් බුක් කරලාලු” මාලිමාවේ මාතලේ වේදීකාවේදී ……

https://www.youtube.com/embed/Ghs4gf5wBkc?si=4JBVkjGWxbJA_stX” title=

උනුසුම් වුන අන්තරේ විරෝධය මැතිවරණ කොමිසමේ නිළධාරියා කියපු දේ……

https://www.youtube.com/embed/BQTKQ06FHsU?si=eBje66YvjJ4igXQn” title=

අන්තරේ පිරිසට ඇප

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර ඊයේ (10) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු සැකකරුවන් ඇපමත මුදාහැර තිබෙනවා.

ඒ අනුව ඔවුන් 10 දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිකිරීමට එරෙහිව ඔවුන් එම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර එහිදී මොවුන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.